සජින් වාස් රිමාන්ඩ් බන්ධනාගාරයට

රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන ජූලි 05 වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුණි.

මහින්ද රාජපක්ෂ රජය සමයේ විදේශ කටුතුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වූ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවන ලද අතර ඔහු ලබන මස 05 වෙනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේය.

මෙම රජය බලයට පත් වීමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයාට විශේෂ පොලිස් කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දී තිබිණි.

එහෙත් සිවිල් සමාජ ක්‍රියාධරයන් ඒ සම්බන්ධයෙන් පසුගිය දා ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව එම ආරක්ෂාව ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවක් ද වාර්තා විය.