ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අධිකරණය නන්දිගේ නවසීලන්ත ගමන අත්හිටුවයි
නන්දි නමැති අලි පැටවෙකු නවසිලන්ත රජය වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය රජය වෙත නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය විසින් ඉහත කී නියෝගය නිකුත් කරනු ලැබුවේ ධර්මවිජය පදනම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
නන්දි නමැති අලි පැටවා නවසිලන්ත රජයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීන්දු කොට ඇති බව පෙත්සම්කාර සංවිධානය කියා සිටියි.
අලි පැටවකු මවගෙන් වෙන් කොට හදිසියේ විදෙස් රටකට රැගෙන යෑම සත්ව හිංසාවක් මෙන්ම වනජීවී නීතිරීති උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව අලි පැටවා විදෙස් රටකට ගෙන යෑම තහනම් කොට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍ය වන බවයි.
ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 27 වනදා යළි කැඳවන මෙන් නියම කළ අධිකරණය එදිනට රජයේ ස්ථාවරය පැහැදිලි කරන මෙන් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.