ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ'
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ළඟ තබා ගත් බවට එල්ල වන චෝදනා මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි පැටවුන් පෙරහැර සඳහා යොදා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් පින්වල අලි අනාථාගාරයෙන් ලබා ගත හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ගන්නෝරුව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
'ආණ්ඩුවේ වගකිවයුතු නියෝජිතයෙක් ලෙස කියන්න කැමතියි අපේ රජය, අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්, කුමන හේතුවක් මත හෝ කැලෑවෙන් කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ'
කෙසේ වෙතත් පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය බැවින් පින්නවල අනාථාගාරයේ සිටින හීලෑ අලි ඇතුන් යොදා ගනිමින් රටපුරා බෝ කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවිය හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.