ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වලස් පැටවුන්ට අභියාචනාධිකරණයේ පිහිට
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනකු පුනරුත්ථාපනය කොට වනයට මුදා හැරීම සඳහා යළි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මිනිසුන් හා ගැටීම අවම කොට නැවත කැලයට අනුගත කිරීම සඳහා ඉහත කී වලස් පැටවුන් සිව් දෙනා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පුනරුත්ථාපනය ලබමින් සිටින අතරතුර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරා ගනු ලැබිණ.
ඉන් වලස් පැටවුන් තිදෙනකු උඩවලව අතුරු සෙවණ භාරයේ සිටි අතර තවත් වලස් පැටවකු ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය භාරයේ පසු විය.
එලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීමට එරෙහිව පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබිණ.
ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ නඩුව විභාගයට ගත් අතර වලස් පැටවුන් සිව් දෙනා පුනරුත්තාපනය සඳහා නැවතත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන මෙන් අභියාචනාධිකරණය එහිදී නියෝග කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධය නොතකා වලසුන් සිව් දෙනා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමයේද විරෝධය එල්ල විය.