ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය එයි ද?
2026 විස්සයි 20 ලෝක කුසලානය සහ ඉන්දීය සංචාරය සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වන දින ගනු ඇතැයි ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉකුත් සතිය පුරා ඩකා නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අතර දෙවන වටයේ සාකච්ඡා අතරතුර මෙම අවසාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් තීරණය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින අතර, බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළහොත්, වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්තය විකල්ප කණ්ඩායමක් ලෙස ඇතුළත් කළ හැකි බව සති තුනකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සිදුවීමට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් ESPN Cricinfo වෙබ් අඩවියේ සඳහන් වේ.
සාකච්ඡා අතරතුර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමති බවට පැවසූ නමුත් තරග ඉන්දියාවෙන් පිටත පැවැත්විය යුතු බව අවධාරණය කළේ ය. තරගය සම-සත්කාරක ශ්‍රී ලංකාවට ගෙන යාමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුල් කාලසටහන වෙනස් කිරීමට එකඟ නොවී ය. නියමිත කාලසටහනට අනුව බංග්ලාදේශය 'C' කාණ්ඩයේ රැඳී සිටියි.
C කාණ්ඩය යටතේ බංග්ලාදේශයේ පළමු තරඟය පෙබරවාරි 7 වන දින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටාහිදී පැවැත්වේ. ඔවුන්ගේ ඊළඟ තරඟ දෙක ද කොල්කටාහිදී පැවැත්වීමට නියමිතව තිබිණි. බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත අවසාන කාණ්ඩ තරගය මුම්බායිහිදී පැවැත්වීමට නියමිත ය.
ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කනස්සල්ල පළ කර ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, බංග්ලාදේශයට නිශ්චිත තර්ජනයක් නොමැති බව ය. ස්වාධීන ආරක්ෂක වාර්තාවක් ඉන්දියාවේ සමස්ත අවදානම "මධ්‍යම සිට ඉහළ" ලෙස ශ්‍රේණිගත කර ඇති නමුත් කිසිදු කණ්ඩායමකට ඍජු තර්ජනයක් ඇති බවට හඳුනාගෙන නොමැත.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය නොකිරීමට බංග්ලාදේශය ගත් තීරණයට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පූර්ණ සහයෝගය පළ කර ඇති බව පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වන Geo News වාර්තා කළේ ය. ඉන්දියාවට කණ්ඩායමක් යොමු කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ රජය පාකිස්තාන රජය සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව ද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ බංග්ලාදේශ රජය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
'අයර්ලන්තය සමග කාණ්ඩයේ වෙනස් කිරීමක් නැහැ'
බංග්ලාදේශ කණ්ඩායම අයර්ලන්තය සමග කාණ්ඩ අතර හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා කර ඇති බව බංග්ලාදේශ සහ ඉන්දියානු මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කරයි.
අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් Cricbuzz වාර්තා කළේ, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විස්සයි20 ලෝක කුසලානයේදී අයර්ලන්තය සමග කාණ්ඩය අතර හුවමාරු කර ගැනීමට යෝජනා කළ බව ය. කෙසේ වෙතත්, අයර්ලන්තය පවසා ඇත්තේ තමන් මුල් කාලසටහනට අනුව කටයුතු කරන බව ය.
මෙම වසරේ ලෝක කුසලානයේදී බංග්ලාදේශය B කාණ්ඩයේ ස්ථානගත කරන ලදී. කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වූයේ බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය, එංගලන්තය සහ නේපාලය යි.
මූලික තරගාවලි වාර්තාවලට අනුව, බංග්ලාදේශයේ පළමු තරගය පෙබරවාරි 7 වන දින කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.
පෙබරවාරි 9 සහ 14 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ඉතාලිය සහ එංගලන්තය අතර තරග ද එම ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිත ය.
බංග්ලාදේශය පෙබරවාරි 17 වන දින මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී නේපාලය සමග සිය කාණ්ඩයේ අවසන් තරගයට සහභාගි වනු ඇත.
අයර්ලන්තය සහභාගී වන තරග හතර ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබේ.
අයර්ලන්තයේ පළමු තරගය පෙබරවාරි 8 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.
ඉන්පසු ඔවුන් 11 වන දින ඔස්ට්‍රේලියාව සමගත් 14 වන දින ඕමානය සමගත් එම ක්‍රීඩාංගණයේදී ම ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි අයර්ලන්තය සිය කාණ්ඩයේ අවසන් තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී තරඟ කිරීමට නියමිත ය.
ඉන්දියාවට නොයා සිටීම සඳහා කාණ්ඩ වෙනස් කිරීමේ අදහස ප්‍රධාන වශයෙන් සලකා බලනු ලැබේ.
මේ අතර, Cricbuzz වාර්තා කළේ, විස්සයි 20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා අයර්ලන්තය සමග කාණ්ඩ හුවමාරුවක් සඳහා බංග්ලාදේශය ඉදිරිපත් වී ඇති බව අයර්ලන්තය ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් තහවුරු කළ බව ය.
"සිය තරග කාලසටහනට අනුව තමන් කටයුතු කරනවා," යනුවෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය Cricbuzz වෙත පවසා ඇත.
"තරග පැවැත්වෙන ස්ථානය හෝ කාණ්ඩය වෙනස් කිරීම නිසා මේ වන විටත් තම සංචාරය සැලසුම් කිරීමට කාලය, මුදල් සහ ශ්‍රමය වැය කර ඇති අයර්ලන්ත රසිකයින්ට අසාධාරණයක් වනවා. අවසාන මොහොතේ එවැනි වෙනසක් කිරීම ඔවුන්ට විශාල පාඩුවක් වනවා," යැයි ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදී බොරියා මජුම්දාර් සඳහන් කර තිබිණි.