WT20: කණ්ඩායම පැරදුණත් මැතිව්ස්ට ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රණාමය

ඡායාරූප මූලාශ්‍රය, Getty
විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත් සෙනසුරාදා එංගලන්තයට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ පිති හරඹය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් වී තිබේ.
පාදයේ ආබාධයක් තිබියදී පවා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු අතරට ගෙන ඒම සඳහා අනගි දායකත්වයක් දැක්වූ බව සඳහන් කළ ඡායාරූප ෆේස්බූක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පළ වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
පාස්කු සුබ පැතුම් එක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සිය ට්විටර් පිටුවේ සඳහන් කොට තිබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල උත්සාහයක් දැරූ නමුත් එය තරඟය පරාජය වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් නොවන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
මේ අතර ජය ලැබුවත් පරාජය වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ ආඩම්බර වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ ආකාරය ප්‍රශංසාවට ලක් කොට තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් <link type="page"><caption> බීබීසී සිංහල ෆේස්බුක් පිටුව</caption><url href="https://www.facebook.com/BBCSinhala" platform="highweb"/></link> ඔස්සේ අදහස් පළ කරන ලාංකීය ක්‍රීඩාලෝලීන්ද නායකයාගේ ඉනිම ප්‍රශංසා කරන අතර, තේරීම් කමිටුව සහ ක්‍රිකට් බලධාරීන්ට විවේචන එල්ල කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විස්සයි විස්ස පිටියට නුසුදුසු බව එක් ක්‍රීඩාලෝලියකුගේ අදහස වූ අතර, තිලකරත්න ඩිල්ශාන් විස්සයි විස්ස පිටියෙන් සමුගැනීමට කාලය එළඹ ඇති බවයි තවත් ක්‍රීඩාලෝලියෙක් පවසා තිබුණේ.
එහෙත් ක්‍රීඩාවෙන් සමුගැනීමට තවමත් සූදානමක් නැති බව <link type="page"><caption> තිලකරත්න ඩිල්ශාන්</caption><url href="http://www.bbc.com/sinhala/sport/2016/03/160317_aa_lanka_wt20_dilshan" platform="highweb"/></link> මීට දින කිහිපයකට ඉහතදී පැවසීය.








