WT20: ශ්‍රී ලංකාව පරදා කොදෙව් පිළ ජය ගනියි

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122 කට සිමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122 කට සිමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122 කට සිමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඕවර විස්ස අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 09 බිඳ වැටී තිබූ අතර කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 40 රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිළ කඩුලු 03 ක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූ අතර ඇන්ඩෘ ෆ්ලෙචර් නොදැවී ලකුණු 84 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 40 රැස් කිරීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 40 රැස් කිරීමට සමත් විය

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 02 ක් දවා ගැනීමට මිලින්ද සිරිවර්ධන සමත් විය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයේ මීළඟ තරඟ දෙකම ජයග්‍රහණය කළ යුතු වේ.