"සචින් තෙන්ඩුල්කාර්; කවුද ඒ ?"

ඡායාරූප මූලාශ්‍රය, AP
'විම්බල්ඩන්' තරඟාවලියේ මාධ්‍ය හමුවක දී ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරියක වන මරියා ෂරාපෝවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට්ලෝලීහු කැළඹීමට පත්ව සිටිති.
ඇය ක්‍රීඩා කළ තරඟයක් නැරඹීමට පැමිණි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරු ගැන කළ විමසීමකදීයි, මරියා ෂරාපෝවා එම ප්‍රකාශය කර තිබෙන්නේ.
පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඉතා හොඳ ක්‍රීඩකයෙකු බව කියා සිටි මරියා ෂරපෝවා, 'ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ සචින් තෙන්ඩුල්කාර් ද ඔබේ තරඟය නැරඹුවා නේදැයි' මාධ්‍යවේදියා විමසූ විට 'සචින් කියන්නේ කවූදැයි' පෙරලා ප්‍රශ්න කළාය.
සචින් තෙන්ඩුල්කාර් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ෂරපෝවා දැන නොසිටි අතර ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයේ 'ට්විටර්' මෙන්ම 'ෆේස්බුක්' වෙබ් අඩවියේ ද ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය.
ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ කෝපය පළ කළේ ට්විටර් වෙබ් අඩවියෙහි 'මරියා ෂරපෝවා කියන්නේ කවුද?” ආදී ප්‍රශ්න පළ කරමිනි.
ඔවුහු ෂරපෝවාගේ ෆේස්බුක් පිටුවේත් සචින් තෙන්ඩුල්කාර්ගේ නම සඳහන් කරමින් විවිධ අදහස් පළ කර ඇත.




