සචින්ට උත්කර්ෂවත් සමුගැනීමක්

ඉන්දියාව, ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අයකු වන සචින් තෙන්දූල්කාර් හට උත්කර්ෂවත් සමුගැනීමක් සංවිධානය කර තිබේ.
‘ද ලිට්ල් මාස්ටර්’ නමින් හැදින්වෙන හතළිස් හැවිරිදි ඔහු අවිවාදයෙන් ම මෑත කාලයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවායි.

ඔහු තම උපන් නගරය වන, මුම්බායි හි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දෙසිය වැනි මෙන්ම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට මුහුණ දෙමින් සිටී.
තෙන්දුල්කාර් පන්දුවට පහර දීමට පිටියට වන් විගස කන් බිහිරි කරවන තරමට ප්‍රීති ඝෝෂා නැගුණි.
පහර දුන් සෑම පන්දුවකටම පාහේම ක්‍රීඩා ලෝලීන්ගෙන් නැගුනේ ප්‍රසාද ජනක පිළිගැනීමක්.




