එසෙක්ස් ප්‍රාන්තය ශ්‍රී ලංකාව පරාජය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා පැවැත්වුණු පුහුණු තරඟයේදී <link type="page"><caption> ශ්‍රී ලංකාව පරාජය කරමින්</caption><url href="http://www.bbc.co.uk/sport/0/cricket/27403361" platform="highweb"/></link> එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 22 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුනේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මගින්.
මුලින්ම පන්දුවට පහර දුන් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් ලකුණු 71 ක් රැස් කළ අතර, බෙන් ෆෝක්ස් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය.
ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඕවර 21 ක් තුල ලකුණු 169 ක් රැස් කළ යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නමයක් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 146ක් පමණයි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින්. ඒ ලකුණු 31 ක්.
ලබන අඟහරුවාදා එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්ට් සහ සසෙක්ස් කණ්ඩායම්වලට එරෙහිව තවත් පුහුණු තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.




