විස්සයි විස්ස තරඟ කාල සටහන

ඡායාරූප මූලාශ්‍රය, ICC
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කාල සටහන. (ග්‍රිනිච් වේලාව සහ බංග්ලාදේශ වේලාව අතර පැය හයක වෙනසක් පවතී)
මාර්තු 16: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය: තරඟය ඇරඹුණේ ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 9:30 ට. බංග්ලාදේශය කඩුලු නමයකින් තරඟය ජය ගත්තේය. එම කාණ්ඩයේම හොංකොං හා නේපාලය අතර තරඟය ග්‍රිනිච් වේලාවෙන් සවස 1.30 ට චිතගොං හිදී. නේපාලය ලකුණු 80 කින් තරඟයේ ජයග්‍රහණය අත් කර ගත්තේය.
මාර්තු 17: "බී" කාණ්ඩයේ තරඟ අරඹමින් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරඟය උදෑසන 9.30 ට: නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදියි.
මාර්තු 18: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින ඇෆ්ගනිස්තාන සහ හොංකොං කණ්ඩායම් උදැසන 9.30ටත් බංගලාදේශ සහ නේපාල කන්ඩායම් හවස 1.30ටත් එකිනෙකා හමුවන්නේ චිතගොං හිදී.
මාර්තු 19: නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ උදේ 9.30ට: අයර්ලන්තය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. "බී" කාණ්ඩයේ තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදි.
මාර්තු 20: උදෑසන 9.30 ට නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟය: සවස 1.30 බංගලාදේශය සහ හොංකොං අතර තරඟය. තරඟ දෙකම චිතගොන් හිදි පැවැත් වෙනු ඇති.
මාර්තු 21: දවසේ පලමු තරගය උදෑසන 5.30ට සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර සිලේට් හිදී. දවසේ දෙවන තරගයද සිලෙට් හිදිම පැවැත්වීමට නියමිත අතර ඒ සවස 1.30 හමුවන අයර්ලන්ත හා නෙදර්ලන්ත කන්ඩායම් දෙක අතරයි: ඉන්දීය සහ පාකිස්ථානු තරඟය මීර්පුර් හිදී සවස 1.30ට.
මාර්තු 22: පළමු තරගය උදේ 9.30ට දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා කණ්‌ඩායම් අතර චිතගොං හි දී: එහිදීම සවස 1.30 ට එංගලන්තය හා නවසීලන්තය අතර තරඟය.
ඉදිරි තරඟ විස්තර ඉක්මනින්ම ...



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




