ලෝක කුසලානය 2022: මෙසී, ප්‍රංශය, සහ මොරොක්කෝවේ ඉතිහාසගත ජය

සෙනසුරාදා ප්‍රංශය ඉදිරියේ පරාජය වූ එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය ඉන් අවසන් විය.
නමුත් කණ්ඩායම් හතරක් - ආර්ජන්ටිනාව, ක්‍රොඒෂියාව, ප්‍රංශය සහ මොරොක්කෝව - තවමත් කටාර්හි රැඳී සිටින අතර, ඉදිරි සතිය තුළ කුසලානය දිනාගැනීම මේ සෑම කණ්ඩායමකම බලාපොරොත්තුව වේ.
අර්ධ අවසන් පූර්ව වටයේ මෙම පෙළගැස්ම විරල අයෙකුට පමණක් පුරෝකථනය කළ හැකි එකක්ව තිබුණත්, ඉදිරි දිනවල දී ඕනෑම අතකට පෙරළීමට හැකි අන්දමේ කුතුහලය දනවන සිදුවීම් රාශියක් සිදුවනු ඇති එකකි.
මේ මෙසීගේ මොහොත ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අර්ධ අවසන් පූර්ව වටය හා සබැඳි වඩාත්ම පැහැදිලි අතුරු කතාව ගොඩනැගී ඇත්තේ ලයනල් මෙසී වටා ය; ආර්ජන්ටිනාවේ සුපිරි තරුවට පළමු වරට ලෝක කුසලානය දිනාගත හැකි ද යන්න අනුමාන කෙරුමට බොහෝදෙනා උත්සාහ දරයි.
මෙසී, ස්පාඤ්ඤ ලීග් ශූරතා 10ක්, ප්‍රංශයේ දී තවත් ජයග්‍රහණයක්, චැම්පියන්ස් ලීග් හතරක්, 2021 දී කෝපා ඇමරිකා, සහ සෑම වසරකම ලොව හොඳම ක්‍රීඩකයාට පිරිනමනු ලබන වාර්තාගත බැලොන් ඩෝර් (Ballon d'Or) සම්මාන හතක් දිනා ගනිමින් දීප්තිමත් වෘත්තීය ජීවිතයක් ගතකර සිටියි.
එහෙත්, බ්‍රසීලයේ පේලේ හෝ ආර්ජන්ටිනාවේ ඩියේගෝ මැරඩෝනා වැනි අනෙකුත් සර්වකාලීන විශිෂ්ටයන් මෙන් නොව, 35-හැවිරිදි මෙම තාරකාවට පාපන්දු ක්‍රීඩාවේ විශාලතම ත්‍යාගය දිනාගැනීමට නොහැකිව තිබේ.
2014 වසරේ මෙසී සමග අනුශූරයන් වූ ආර්ජන්ටිනාව, මැරඩෝනා විසින් මෙහෙයවනු ලැබ ඔවුන්ගේ අවසන් ලෝක කුසලාන ජයග්රහණයකර වසර 36ක් ගෙවීගොස් තිබේ.
එම ජයග්‍රහණය නැවත ගෙන ඒමට මෙසීට හැකි ද? එසේ කිරීමෙන්, ඇතැම්විට ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා යන නාමය ආරක්ෂාකර ගැනීමට ඔහුට හැකි ද?
මොරොක්කෝව වෙනුවෙන් ඔල්වරසන්දීමට තවත් හේතු?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොරොක්කෝව මේ වන විට ඉතිහාසගත වී සිටියි.
ඔවුන්, ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසි මුස්ලිම් බහුතරයක් සිටින රටකින් හා අරාබියෙන් පැමිණෙන පළමු කණ්ඩායම හා පළමු අප්‍රිකානු කණ්ඩායම වෙයි.
චෙල්සීහි හකීම් සියෙක් සහ පැරිස් සේන්ට් ජර්මේන්හි අක්‍රාෆ් හකීමි වැනි ඉහළ පෙළේ ක්‍රීඩකයින් ගණනාවකින් සැදුම්ලත් පළපුරුදු කණ්ඩායමක් සිටිය ද, ඇට්ලස් ලයන්ස් (මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම) මෙම අදියර කරා පැමිණෙමින්, සියල්ලන්ගේ අපේක්ෂාවන් අභිබවාගොස් සිටියි.
ඔවුන් අවසන් 16 දෙනාගේ වටයේ දී ස්පාඤ්ඤය සහ අර්ධ අවසන් පූර්ව වටයේ දී පෘතුගාලය පරාජය කිරීමට පෙර ක්‍රොඒෂියාව සහ බෙල්ජියම ඇතුළු කණ්ඩායමේ පෙරමුණ ගත් අතර, දැන් තවත් ඉදිරියට යෑමට මඟ බලා සිටිනු ඇත.
ඔවුන්ගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ඔවුන්ගේ දැඩි ආරක්ෂකාරී ක්‍රීඩා පිළිවෙත (defence) සහ නිර්දය ක්‍රියාකාරී අනුපාතය (work-rate) වටා ය. කටාර්හි දී මෙතෙක් මොරොක්කෝවට එරෙහිව කිසිදු ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ගෝලයක් වාර්තාකර නොමැත. කැනඩාව ඔවුන්ට එරෙහි ගෝලයක් වාර්තා කළේ, මොරොක්කෝ ක්‍රීඩකයෙකු වැරදීමකින් කැනඩාව වෙනුවෙන් ගෝලයක් එල්ලකිරීම හේතුවෙනි.
ඔවුන් තරගාවලියේ දී වඩාත් උද්යෝගිමත් සහායක් ලැබූ කණ්ඩායමක්බවට ද පත්වී ඇත.
මෙම ලෝක කුසලානය කටාර් රාජ්‍යයට පමණක් සීමාවූවක් නොව මැදපෙරදිග කලාපයට සහ සමස්තයක් ලෙස මුස්ලිම් ජනතාව සඳහා වන්නක්බව සංවිධායකයින් පවසා තිබේ. ඔවුන්ට ඔල්වරසන්දීමට තවත් හේතු අඟහරුවාදා ලැබේවි ද?
පිට පිට ජයගැනුමට ප්‍රංශයට හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් මොරොක්කෝවට එරෙහිව නැගී සිටින්නේ යුරෝපයේ තවත් හොඳම කණ්ඩායමක් වන ප්‍රංශය යි.
මීට වසර 60කට පෙර, 1962 දී බ්‍රසීලයේ එය සිදුකිරීමෙන් පසු කිසිවෙකුටත් සිදුකළ නොහැකි වූ දෙය - පිරිමි ලෝක කුසලානය සාර්ථකව දිනාගැනීම - සඳහා ලෙ බ්ලු (ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම) උත්සාහ කරයි.
ඇත්ත වශයෙන්ම, එම කුසලානයට හිමිකම් කියූවන් මෑත වසරවල දී ගෙවා දැමුවේ පහසු සමයක් නොවේ. පසුගිය වසර 12 තුළ, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජර්මනිය වත්මන් ශූරයන් ලෙස කලින්ම ඉවත්වගිය නමුත්, ප්‍රංශය එම ශාපය පලවාහැර ඇත.
එංගලන්තයට එරෙහිව සෙනසුරාදා ලැබූ ජයග්රහණයෙන් අදහස්වන්නේ, 1998 දී බ්‍රසීලයෙන් පසු අවසන් පූර්ව වටයට පිවිසි පළමු වත්මන් ශූරයන් ඔවුන්බව යි.
එනමුත් කණ්ඩායමේ කළමනාකරු ඩිඩියේ ඩෙෂොම් මොරොක්කෝව කෙරෙහි අවධානය යොමු කරයි.
පිට පිට දෙවැනි අවසන් මහා තරගයක් දිනීමේ අපේක්ෂාවන් පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ "ඔබ ඕනෑවට වඩා කලින් හිතනවා," යනුවෙනි.
ක්‍රොඒෂියාවට නැවත ජයගත හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රංශය මොරොක්කෝව පරාජය කළහොත් සහ ක්‍රොඒෂියාවට ආර්ජන්ටිනාව පරාජය කළ හැකි නම්, 2018 අවසන් මහා තරගය නැවත සිදුවනු දැකගත හැකිවනු ඇත.
ඇදහිය නොහැකි දරාගැනීමේ හැකියාවක් පෙන්වමින් ක්‍රොඒෂියාව නැවත අවසන් හතර අතරට පැමිණ තිබේ.
වසර හතරකට පෙර අවසන් මහා තරගයට යන අතරතුර ඔවුන් දඬුවම් පහර මඟින් ඩෙන්මාර්කය සහ රුසියාව පරාජය කළ අතර, මේ වසරේ ද ජපානයට සහ බ්‍රසීලයට එරෙහිව සිදුකළ දඬුවම් පහර හරහා මේ දක්වා පැමිණ තිබේ.
ඔවුන් ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක් මිනිත්තු 90කින් අවසන් වරට ජයගත්තේ වසර 24කට පෙර ය - ඒ, 1998 අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනියට එරෙහිව වාර්තා කළ ගෝල 3-0ක ජය යි.
මේ වසරේ ක්‍රොඒෂියාවේ ප්රයත්නයන් වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ මැදපෙළ විශේෂඥ ලූකා මොඩ්රික් දැන් 37 වන වියේ පසුවන බැවිනි.
අමතර මිනිත්තු කිහිපයක් ලබාදී තිබියදීත්, ඔහු වෙනදා මෙන්ම හොඳින් ක්‍රීඩා කළේ ය.
2018 ලෝක කුසලාන කණ්ඩායම් අදියරේ දී ක්‍රොඒෂියාව හමුවේ 3-0ක් ලෙස පරාජයට පත්වූ ආර්ජන්ටිනාව ඔවුන් අවතක්සේරු නොකිරීමට දැන සිටිනු ඇත.










