ලෝක කුසලානය 2022: අතිවිශිෂ්ට කටාරය කලකිරවන සුළු වන්නේ කෙසේ ද?

ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම දර්ශනීය මූලික වටයකින් පසුව, රසිකයින් කටාර්හි ස්ථාන සහ ප්‍රවාහනය ගැන ප්‍රශංසා කරනමුත් තවමත් රසික කලාප පිළිබඳ කලකිරීමක් පසුවෙයි.
මීට පෙර, ජර්මනියේ 2006 ලෝක කුසලානය නැරඹීමට ගොස් ඇති වේල්ස්හි ඉයන් පවසන්නේ "වටපිටාව අතිවිශිෂ්ට යි," කියා ය.
"ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝව අතර තරගය මම දැකපු හොඳම තරගවලින් එකක්."
හැකි තරම් ක්‍රීඩා නැරඹීම සඳහා ක්‍රීඩාංගන අතර ඇති කෙටි දුර ප්‍රයෝජනයට ගත් ක්‍රීඩාලෝලීන්ගෙන් තවත් අයෙකි ඉයන්. ඔහු දින 10ක් තුළ තරග අටක් නරඹා තිබේ.
"88 000ක් විතර ආපු ලොකු තරගයකට පවා මෙට්‍රෝ සිස්ටම් එක ඔරොත්තු දුන්නා," ඔහු වැඩිදුරටත් පවසයි.
"වැඩිපුර ඇවිදින්න සිද්ධ වුණත්, නරඹන්නෝ අතර තිබ්බ වාතාවරණය අතිවිශිෂ්ට යි."
බ්‍රසීල රසික ෆෙලිපේ ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මකබව ඉහළයැ යි පිළිගන්නා නමුත්, ඔහුගේ බිරිඳ සාම්ප්‍රදායිකව ගතානුගතික මුස්ලිම් රටක දී කොට කලිසම් ඇඳීම පිළිබඳව "ආතතියට" පත්ව ඇති බව පවසයි.
බොහෝ තැන්වලින් මත්පැන් ලබාගත හැකිනම්යැ යි අපේක්ෂා කළ ද, එය රුසියාවේ සහ බ්‍රසීලයේ ඔහු සහභාගී වූ පෙර ලෝක කුසලාන දෙකට සමාන බව ඔහු පවසයි.
රසිකයින් ආපසු හරවා යවයි
ක්‍රීඩාංගණ සහ පොදු ප්‍රවාහනය සුමටව තිබුණ ද, පිටියෙන් පිටත විනෝදාස්වාදය සම්බන්ධයෙන් ඇතැම් රසිකයන්ට ගැටළු ඇතිවිය.
කටාර්හි වෙසෙන ආර්ජන්ටිනා රසිකයෙකු වන ෆ්‍රැන්චෙස්කෝ පවසන්නේ එය අපූරු තරගාවලියක් නමුත් "රසික කලාප හරියට සංවිධානය කරලා නැහැ. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ," යනුවෙනි.
ඔහු ද ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමේ ගැටළු සහ නිල වෙබ් අඩවියේ ගැටළු හේතුවෙන් දින ගණනාවක් ලෝක කුසලාන රසික කලාපවලින් පිටත සිරවී සිටින සියගණනක් වූ රසිකයන්ගෙන් තවත් අයෙකි.
දෝහාහි හයියා රසික කලාපයෙන් පිටත සිරවී සිටි සිය ගණනක් දෙනාගෙන් එක් අයෙකු වන ජර්මානු රසිකයෙකු, "ඒක හරිම අප්‍රසන්න යි," පැවසුවේ ය. ඔවුන්ට එම සන්ධ්‍යාවේ තරගය නැරඹීමට නොහැකි විය.

තරගාවලිය අතරතුර නිල රසික කලාපවලට විශාල මාධ්‍ය ආවරණයක් ලැබී ඇත.
ඒවායින් සමහරක්, ක්‍රීඩාංගණවල මත්පැන් අලෙවිය තහනම් කිරීමෙන් පසුව ද බියර් සපයන එකම නිල ලෝක කුසලාන කලාප (VIP ප්‍රදේශ හැරුණු විට) වේ.
නම සඳහන් නොකළ මෙම රසිකයා පැවසුවේ, තමාට ඇතුළුවීමට ඉඩනොදෙන බව දැනගත්තේ ලුසේල් ක්‍රීඩාංගනයේ තරගයක් නරඹා කිලෝමීටර සතක් පැමිණි පසු බව යි.
කැනඩාවේ සිට ආ තවත් රසිකයකු වන අම්ර් පවසන්නේ ඔහු දෝහා නගරයට දකුණින් පිහිටි වක්‍රා සිට කිලෝමීටර් 30ක දුර සිට පැමිණි බව යි.
"මං දැනන් හිටියෙ නෑ [ටිකට්] විකිණිලා ඉවරයි කියලා. දන්නව නම් එන්නෙ නෑ."
රසික කළකිරීම
රසික කලාපවලට ඇතුළුවීම සඳහා "ඇතුළුවීමේ ගාස්තුවක් සහ ප්‍රවේශපත්‍ර අනුමත කිරීම්" පමණක් අවශ්‍යබව නිල වෙබ් අඩවියේ සඳහන්වීමත්, එම කලාපවලට ඇතුළුවීම සඳහා සැබැවින්ම අත්‍යවශ්‍ය ටිකට් විකුණන තෙවන පාර්ශවීය වෙබ් අඩවිය පිළිබඳ විස්තරයක් හෝ ලින්කුවක් එහි අඩංගු නොවීමත් ගැන රසිකයින් පසුවන්නේ කළකිරීමෙනි.
රසික කලාපය "අද්විතීය ආහාර හා පාන වර්ග" ලබාදෙන බව ද නිල වෙබ් අඩවියේ දැක්වුණු හෙයින්, ඉන් අදහස් වන්නේ මත්පැන් සපයන වගයැ යි ඇතැම් රසිකයන් විශ්වාසකර ඇත.
නමුත් කටාර් 2022 නිල වෙබ් අඩවියේ කොතැනකවත් බියර් සපයනු ලබන්නේ හෝ නොලබන්නේ කුමන රසික කලාපවල ද යන්න පැහැදිලිව සඳහන් කර නැත.

කලකිරුණු රසිකයින් වෙබ් අඩවියේ නිවැරදි තොරතුරු නොතිබීමේ ගැටළුවක් ඇති බව පැවසීමෙන් පසුව, බීබීසීය සංවිධාකයන්ගෙන් ඒ ගැන විමසනු ලැබීය.
ටිකට්පත් විකිණී අවසන් බව රසිකයන්ට දැනුම් දී ඇත්තේ ද සහ මත්පැන් සපයන රසික කලාප නම් කර ඇත්තේ ද යන්න ද ඒ යටතේ විමසනු ලැබීය.
ඊට ප්‍රතිචාර වශයෙන්, තරගාවලියේ උත්තරීතර කමිටු මාධ්‍ය කණ්ඩායම අභ්‍යන්තර ලේඛනයක පිටපතක් එවන ලද නමුත්, එහි ද ප්‍රවේශපත්‍ර කොන්දේසි, ප්‍රවේශපත්‍ර අලෙවිය හෝ බියර් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු අඩංගු නොවීය.
කටාර් 2022 සංවිධායක කණ්ඩායම සම්බන්ධකර ගැනීමෙන් පසු, අදහස් දැක්වීම සඳහා Fifa වෙත ඉල්ලීමක් යැවූ නමුදු ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.











