Cricket: ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරු බවට පත් වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය හිමි කරගෙන තිබේ. පසුගියදා එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ශතකයක් ලබා ගැනීමත් සමග ඔහුට ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමි විය.
කෙසේවෙතත්, මෙම තරගයේදී එංගලන්තය ලකුණු 31 කින් ඉන්දියානු කණ්ඩායම පරාජය කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක එකේ පිතිකරු බවට පත් වූ 29 හැවිදිරි විරාත් කෝලි, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 149ක් ද, දෙවෙනි ඉනිමේදී ලකුණු 51ක් ද රැස්කර තිබේ.
ටෙස්ට් තරග 67කදී ශතක 22ක් ලබා ගැනීමට විරාත් කෝලි සමත් වී ඇත.
විරාත් කෝලිට පෙර, මාස 32ක් ලෝකයේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ය.
පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ ස්ටීව් ස්මිත් මාස දොළහක තරග තහනමකට යටත් කර තිබේ.
2011දී සචින් තෙන්ඩුල්කාර් මෙම ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට පත් වූ පසු, එම ස්ථානය හිමි කරගත් පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ විරාත් කෝලිය.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට (ICC) අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්:
- විරාත් කෝලි (ඉන්දියාව) - 934 (ක්‍රීඩකයන්ට ලබා දී ඇති ලකුණු ප්‍රමාණය)
- ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) - 929
- ජෝ රූට් (එංගලන්තය) - 865
- කේන් විලියම්සන් (නවසීලන්තය) - 847
- ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව) - 820
- චෙටෙෂ්වාර් පුජාරා (ඉන්දියාව) - 791
- දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව) - 754
- දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව) - 733
- ඩියැන් එල්ගා (දකුණු අප්‍රිකාව) - 724
- අයිඩේන් මාක්‍රම් (දකුණු අප්‍රිකාව) - 703

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ තොරතුරුද කියවන්න:








