මා පිටුපසින් සිටි සියලු දෙනාට ස්තුතියි - රංගන හේරත්
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබි අගනුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී සිය හාරසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සමත් විය.
ඒ අනුව ටෙස්ට් කඩුලු 400 දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පොතට එක් වේ.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 21 තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
තිස් නව හැවිරිදි රංගන හේරත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඉනිම තුළ කඩුලු 05 ද දෙවන ඉනිම තුළ කඩුලු 06 ද දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මාගේ දෙමව්පියන්, කණ්ඩායම සහ සහාය කාර්ය මණ්ඩලය යන මා පිටුපසින් සිටි සියලු දෙනාට මෙහි ගෞරවය හිමි විය යුතුයි" යනුවෙන් සිය ක්‍රීඩා දිවියේ ලද විශේෂ කඩයිම පිළිබඳ අදහස් දක්වමින් රංගන හේරත් පැවසීය.
පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 419 රැස් කළ අතර දෙවැනි ඉනිම ලකුණු 138 සීමා විය.
නායක දිනේෂ් චන්දිමාල් පළමු ඉනිමේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 155ක් ලබා ගත්තේය.
පාකිස්තානයට එරෙහි අවසන් ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස සිකුරාදා (ඔක් 06) ඩුබායිහි පැවැත්වීමට නියමිතය.
සබැඳි යොමු:












