රංගන පළමු පෙළ කඩුලු දහස සම්පූර්ණ කරයි

රංගන හේරත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පළමු පෙළ තරගවල 1000 වෙනි කඩුල්ල බිඳ හෙළීමට සමත් විය.

ඔහු එම සීමාව පසු කළේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් බිඳ හෙළීමත් සමගය.

ඒ අනුව පළමු පෙළ කඩුලු දහසේ සීමාව ඉක්ම වූ දෙවෙනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොතට එක් වේ.

line
line

එම වාර්තාවට හිමිකම් කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් දවා ගනු ලැබ ඇති පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 1374 කි.