අසේල සහ ප්‍රසන්නට හමුදාවේ උසස්වීම්

ඡායාරූප මූලාශ්‍රය, Army.lk
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දස්කම් පෑ හමුදා නිලධාරීන් දෙදෙනකු ට උසස්වීම් ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගයේ ශූරයා සම්මානය දිනාගත් අසේල ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් සැරයන් තනතුරේ සිට බලලත් නිලධාරී - II තනතුරට උසස් කරන ලද බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
විස්සයි විස්ස තරගාවලියේ අසේල ගුණරත්න ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ක්‍රීඩාලෝලීන් මෙන්ම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ ද ප්‍රසාදයට ලක්විය.
ඊට පෙරාතුව දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේ දී සුවිශේෂි දස්කම් දැක්වූ සික්කුගේ ප්‍රසන්න, බලලත් නිලධාරී - II තනතුරේ සිට බලලත් නිලධාරී - I තනතුරට උසස් කරන ලද බවත් යුද හමුදාව පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Army.lk




