සුරක්ෂා මධ්‍යස්ථානයක සිට ලොව ප්‍රකට විද්‍යාඥවරියක වූ මහාචාර්ය ඉජියෝමා උචේබූගේ කතාව

Prof Dame Ijeoma Uchegbu stand for front, she wear coral jacket, light blue blouse, and light blue hat wit side brim. She dey smile. She hold one open long case wey contain di Dame Commander of di Order of di British Empire insignia. Di decoration get wide coral ribbon for di edge with silver and dem design am wit long cross wey get gold, silver, and light blue colours

ඡායාරූප මූලාශ්‍රය, Buckingham Palace

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ඉජියෝමා ආර්යාව ඇගේ විද්‍යාත්මක කටයුතු වෙනුවෙන් බොහෝ ඇගයීම් සහ සම්මාන දිනා ඇත
කියවීමේ කාලය: මිනිත්තු 8

1990 වසරේදී මහාචාර්ය ඉජියෝමා උචේබූ ආර්යාව ළදරු වියේ සිටි දියණිය ඇතුළු තම කුඩා දියණියන් තිදෙනා සමග නයිජීරියාවේ සිට ලන්ඩනයට පැමිණි ගුවන් යානයකින් ඉවතට පැමිණියේ එක් ගමන් මල්ලක් සහ සුළු මුදලක් අතැතිව ය. නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් වසර 30කට පෙර ඇය තමා උපත ලැබූ නගරයට නැවත පැමිණ තිබිණි.

ගත වූයේ සති කිහිපයකි, ඇයට නිවාස නොමැති පුද්ගලයින් දිවි ගෙවන සුරක්ෂා මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට සිදු වූ අතර තම පවුල පෝෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට අරගලයක නිරත වීමට සිදුවූවා ය. ඉන් පසුව උදා වූ දශක කිහිපය වේගයෙන් ගෙවී ගිය අතර අද ඇය ලොව ප්‍රකට සහ පිළිගැනීමට ලක් වූ විද්‍යාඥවරියකි.

ඇගේ මෙම අද්විතීය ගමන් මග ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙන් ම අනපේක්ෂිත හැරවුම් ලක්ෂ කිහිපයක් හැඩගැසුණු එකකි.

Dame Ijeoma as baby her godmother carry am, and her mother dey smile beside her for one black-and-white photo. Both women wear long coats wey reach dia knees and dress of di same length. Dem stand for street, near di gate of one house.

ඡායාරූප මූලාශ්‍රය, Ijeoma Uchegbu

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉජියෝමා යන්නෙහි තේරුම 'සුබ ගමනක්' යන්නයි - ඒ මහාචාර්ය උචේබූගේ දෙමාපියන් එක්සත් රාජධානියට පැමිණි විට ඇයට දුන් නමයි

ළමා කාලය

1960 වසරේදී ඉජියෝමාගේ මව්පියන් නයිජීරියාවේ සිට එක්සත් රාජධානියට පැමිණෙන විට, ඇගේ මව ගැබිණියකව සිටි අතර, ඇය උපත ලැබූ අවස්ථාවේදී ඔවුහු ඇයට බලාපොරොත්තුවෙන් හා අර්ථයෙන් පූර්ණ නමක් තැබූහ.

"ඉජියෝමා කියන්නේ 'සුබ ගමනක්' කියන එකටයි — අලුත් රටේදී ජීවිතයේ හැම දෙයක් ම හොඳින් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවෙන් එයාලා මට ඒ නම තිබ්බා," යනුවෙන් ඉජියෝමා සිය මතකය අලුත් කරයි.

ඇගේ මව්පියන් විශ්වවිද්‍යාල සිසුන් වූ බැවින්, ඔවුන්ගේ කුඩා දියණිය එංගලන්තයේ ගිනිකොන දෙසින් පිහිටි ප්‍රාන්තයක් වන කෙන්ට් ප්‍රදේශයේ පදිංචිව සිටි කැපකරු පවුලකට භාර දීමට සිදු විය. මෙය දරුවන් සිටි අප්‍රිකානු සිසුන් සාමාන්‍යයෙන් සිදු කළ ක්‍රියාවකි.

ඇගේ සැබෑ පියා ඇයව රැගෙන යාමට පැමිණෙන තෙක් ඉජියෝමා වසර හතරක කාලයක් එම පවුල සමග සතුටින් ජීවත් වූවා ය. ඇය විශ්වාස කළේ ඔවුන් තම සැබෑ පවුල බවයි.

"වෙන්නේ මොකක් ද කියන එක ගැන මට තේරුමක් තිබුණේ නැහැ. මට මතක මෙච්චරයි... මාව හදාවඩා ගත්ත අම්මා එක පාරම නැතිවෙලා මගේ තාත්තා එතන හිටියා."

මේ වන විට ඇගේ පියා ඇගේ මවගෙන් වෙන් වී සිටියේ ය. ඉජියෝමා ආර්යාව ඇගේ සුළු මව ඇගේ සැබෑ මව නොවන බව දැන ගත්තේ ඇයට වයස අවුරුදු 10ක් පමණ වූ විටදී ය.

Black-and-white picture of Prof Uchegbu, wen she bin dey around 4 years, wit two girls wey dey push toy prams.

ඡායාරූප මූලාශ්‍රය, Ijeoma Uchegbu

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය උචේබූ එංගලන්තයේ කෙන්ට්හි ඇය හදා වඩාගත් පවුලේ සහෝදරියන් සමග

නොඇසූ ප්‍රශ්නය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉජියෝමාට අවසානයේ ඇගේ සැබෑ මව හමුවූයේ 13 හැවිරිදි වියේදී ය.

"මාව හමුවීම ගැන ඇය පුදුම තරම් සතුටට පත්වෙලා හිටියේ. අපි එකිනෙකා වැළඳ ගත්ත අවස්ථාවේදීත් ඇය ගැහෙනවා. මට නම් ඇය ආගන්තුක විදිහටයි දැනුනේ. ඒත් අපි ඒ සතිඅන්තය ඉතාමත් සුන්දර විදිහට ගත කළා."

ඒ වනවිට ඉජියෝමා දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක එක් දරුවෙකු වූ අතර සිය බාල සොහොයුරියක සමග දිවි ගෙවූ ඇගේ මව සමග කාලය ගත කිරීම ඇයට සම්පූර්ණයෙන් ම වෙනස් අත්දැකීමක් විය.

"මම වැඩිහිටියන් දෙන්නෙක් එක්ක තනියම හිටියේ, ඔවුන්ගේ සම්පූර්ණ අවධානය ලැබුණේ මටයි. අපි සාප්පු සවාරි ගියා, අවසානයේ තෑගිවලින් පිරුණු සූට්කේස් එකක් ම මට ලැබුණා. මට තිබුණේ යමක් දිහා බලන්න විතරයි, එතකොට එයා අහනවා, 'ඔයාට ඒක ඕන ද?' කියලා."

ඔවුන් කිසි විටෙකත් කතාබහ නොකළ දෙය වූයේ ඇගේ මව ඇගේ ජීවිතයෙන් මෙතරම් දුරස්ව සිටියේ ඇයි ද යන්න ය.

"මට හිතුනා මම ඒ ප්‍රශ්නය ඇහුවොත්, ඒකට ලැබෙන පිළිතුර ඇයටත්, සමහරවිට මටත්, ඉතාමත් වේදනාකාරී එකක් වේවි කියලා, ඒ නිසා මම ඇහුවේ නැහැ. මම කළේ ඒ මොහොත විඳින එක විතරයි."

එම හමුවීමෙන් වසරකට පසුව, ඇගේ මව එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ටික කලකට පසු 33 හැවිරිදි වියේදී ඇය මිය ගියා ය.

"මම දුකට කෑ ගහලා ඇඬුවා, ඇයව ආයේ දකින්න ලැබෙන එකක් නෑ කියලා මම කවදාවත් හිතුවෙ නෑ," ඉජියෝමා සිහිපත් කළා ය.

ඇයට ඇගේ හදාවඩා ගත් මව, ඇගේ සුළු මව සහ ඇගේ සැබෑ මව අහිමි විය. නමුත් ඇගේ පියා ජීවතුන් අතර සිටියේ ය.

"ඇත්තට ම ඔහු ඇදහිය නොහැකි පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතයේ අවසාන කාලය වන විට, ඔහුට දරුවන් ගොඩක් හිටියා, ඒ කියන්නේ 11 දෙනෙක්. නමුත් ඔහු හැමවෙලාවෙ ම මං ගැන සැලකිලිමත් වුණා. ඔහු මගේ උපන්දිනය කවදාවත් අමතක කළේ නැහැ, අපිත් එක්ක හැමවෙලාවෙ ම සෙල්ලම් කළා, අපට කතන්දර කියලා දුන්නා, අපිව සත්තු වත්ත බලන්න එක්කගෙන ගියා," ඇය පවසයි.

ඉජියෝමා මතකය අවදි කරමින් පැවසුවේ, ඔහු හැමවිට ම යළි නයිජීරියාවට යාමට සිහින දුටුව නමුත් බියාෆ්‍රා යුද්ධය නිසා ඔහුට එය සිදුකිරීමට නොහැකි වූ බවයි.

ඔහු නිරන්තරයෙන් පැවසූ දේ ඇගේ මතකයේ පවතී: "මම ලබන අවුරුද්දේ යනවා. අපි ආපහු යමු."

නයිජීරියාව බලා යාම

ඉජියෝමා ආර්යාව එක්සත් රාජධානියේ හැදී වැඩුණේ ජාතිවාදය බහුලව පැවති කාලවකවානුවකදී ය.

"ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්," යනුවෙන් නිතර පැවසූ ඉතා හොඳ ගුරුවරියක ඇයට සිටිය ද, ඒවා ක්‍රියාත්මක කිරීම ඇයට පහසු නොවීය.

"මම මාව වෘත්තීයවේදිනියක් විදිහට දකින්නේ නැහැ, මොකද ඒ වෘත්තීන් තුළ මම මං වගේ කෙනෙක් දැකලා නැති නිසා," ඇය පවසයි.

නමුත් අවසානයේදී ඇගේ පියා සිය පවුල නැවත නයිජීරියාවට රැගෙන ගිය විට සියල්ල අනපේක්ෂිත ලෙස වෙනස් විය.

"මම මගේ යාළුවෝ හැමෝව ම අතඇරලා දාලා මම දන්නේ නැති ඈත පළාතකට ගියා," ඉජියෝමා ආර්යාව පවසයි. "මම නිර්භීතව කටයුතු කළා, නමුත් මට මතකයි මම යන බව කියන්න විදුහල්පතිනියගේ කාර්යාලයට ගිය වෙලාවේ මම හඬා වැටුණා. මාව සනසවා ගන්න බැරි වුණා, මාව සතුටු කරන්න ඇය කිව්වා, 'ඔයාට ඉර එළිය තියෙන නත්තලක් සමරන්න පුළුවන්!', මම ඊට පස්සේ ඊටත් වඩා ඇඬුවා."

ඇත්ත වශයෙන් ම, හිරු පවා ඇයට අකාරුණික විය.

නයිජීරියාවට පැමිණ ටික කලක් ගතවීමෙන් අනතුරුව ඇය දැඩි අව් රශ්මිය හේතුවෙන් පීඩා වින්දා ය. ඇය මාස ගණනාවක් ඇඳේ වැතිර සිටියා ය. වෛද්‍යවරුන් සොයා ගත්තේ, දැඩි හිරු එළියට නිරාවරණය වීම ඇයට අසාත්මිකතා ඇති කරන බව ය.

ජීවිතයේ වෙනසක්

Dame Ijeoma and two oda siblings inside old foto wit dia father and two oda men. All of dem dress formally, di men wear suit and tie

ඡායාරූප මූලාශ්‍රය, Ijeoma Uchegbu

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉජියෝමා ආර්යාවගේ පියා ඔවුන් ආපසු නයිජීරියාවට යන බව නිතර ම පැවසීය

අවසානයේ ඇයට පාසල් යාමට හැකි විය. නමුත් දේවල් එතරම් යහපත් නොවිණි.

"ඒක පිළිගන්නත් ඉතාමත් අපහසු වුණා, මම පෙනුනේ මාව ගොඩක් පිච්චිලා වගේ, මම කතා කළේ හරිම අමුතු විදිහට, මට යුද්ධය ගැන අත්දැකීම් තිබුණේ නැහැ. මිනිස්සු කිව්වා තත්ත්වය හොඳ වෙලා නිසාම මම ආපහු ආවා කියලා," ඇය පැහැදිලි කරයි.

ඇය වටා පැවතියේ "විනාශ මුඛයට" ඇද වැටුණු දේවල් ය. බොහෝ කලක් පැවති විදුලි කප්පාදුව සහ ජල සැපයුම එම තත්ත්වය තවත් උග්‍ර කළේ ය

එක්සත් රාජධානියේ ඇගේ පාසලේදී ඇය සෑමවිට ම පන්තියේ ඉහළින් ම සිටියා ය, එසේ ම ඇය ඉතා ජනප්‍රිය වූවා ය. නයිජීරියාවේදී, ඇයට නුහුරු නුපුරුදු විෂයයන් හැදෑරීම සඳහා හැඩගැසීමට සිදු වූවා ය.

"වෙනස් වුණේ නැත්තේ විද්‍යාව සහ ගණිතයත් විතරයි. ඒවා මට තේරුම් ගන්න පුළුවන් වුණ නිසා, ඒක මට සැනසීමක් වුණා."

එය ඇගේ අනාගත වෘත්තියට පිටිවහලක් වූ අතර, ආපසු හැරී බලන විට, ඒවා විශ්වවිද්‍යාලයට යාමට ඇගේ ආශාව දල්වා තිබිණි. "ඒක තමයි මට සිද්ධ වුණු හොඳ ම දේ," ඇය පවසයි.

ආදරය හමුවීම

වයස අවුරුදු 16දී, ඉජියෝමා ආර්යාව ඖෂධවේදය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවා ය. පසුව ඇය ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර විවාහ වී දියණියන් තිදෙනෙකු බිහි කළා ය. නමුත් අවසානයේදී ඇගේ සැමියා සමග පැවති සම්බන්ධය බිඳ වැටිණි.

මෙය ඇය යළි බ්‍රිතාන්‍ය බලා පැමිණිමට එක් හේතුවක් විය. අනෙක් හේතුව එහි ඇති අවස්ථා පිළිබඳව වූ අපේක්ෂාව විය.

"මට ඕනේ වුණේ විද්‍යාඥවරියක් වෙන්න. නයිජීරියාවේ තිබුණු යටිතල පහසුකම් එක්ක ඒක කරන එක දුෂ්කර වුණා," ඇය පැහැදිලි කළා ය. නමුත් ඇය ගැන විශ්වාසය තැබූ අයෙකු නොවිණි.

"එයාලා මට ඇති තරම් සල්ලි නැහැ, දුපත්කම නිසා මම ආපහු ඒවා කියලා එයාලා මට හිනා වුණා." සුළු මුදලක් අතැතිව සහ දියණියන් තිදෙනා සමග ඇය ලන්ඩනයට පැමිණ කෙටි කලක් තුළ ඇය සුරක්ෂා මධ්‍යස්ථානයක් වෙත ගියා ය.

සියල්ල අතිශයින් අස්ථිර විය.

"එක වෙලාවකට පවුල් 11 ම එක ම නාන කාමරය පාවිච්චි කළා. සමහර වෙලාවට කුස්සිය වහලා අපිට උයාගන්නවත් බැරි වුණා. කාර්යය මණ්ඩලය අපිව හරියට හෑල්ලුවට ලක් කළා. මම එහේ මාස 7ක් හිටියා. එතනින් යනකොට මට දැනුණේ හිරෙන් නිදහස් වෙලා යනවා වගේ හැඟීමක්."

කොපමණ අපහසුතා තිබුණ ද, ඇය පැවසුවේ ඇය කිසි දා යළි නයිජීරියාවට යාම සලකා නොබැලූ බව ය.

Old foto of Dame Ijeoma wit her mother wey don fade

ඡායාරූප මූලාශ්‍රය, Ijeoma Uchegbu

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉජියෝමා ආර්යාවට ඇගේ ජීව විද්‍යාත්මක මව වසර ගණනාවකට පසු ලන්ඩනයේදී මුණගැසිණි

වැඩි කල් නොගොස් ඇය කුඩා අංශු පිළිබඳව අධ්‍යයනය කරන නැනෝ තාක්‍ෂණය පිළිබඳ ආචාර්ය උපාධි පර්යේෂණ රැකියා සෙවීමට පටන් ගත්තා ය.

ශිෂ්‍යත්වය එතරම් විශාල නොවුණ ද, ඇගේ ගෙවල් කුලිය ගෙවාදැමීම සඳහා ඇයට රජයේ සහ‍යෝගය හිමි විය.

ඉන් තෙවසරකට පසුව ඇය නැවතත් ඇගේ ජීවිතය "ඇදහිය නොහැකි ආකාරයකින්" වෙනස් කළ සමුළුවකට සහභාගි වූවා ය.

එහිදී, ඇයට ජර්මානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඇන්ඩ්‍රියාස් ෂැට්ස්ලයින් මුණගැසිණි. දින හතරකට පසු, ඇය තමන් "උන්මාදයෙන් මෙන් ආදරයෙන් බැඳුණු" බව පැවසුවා ය.

'නැනෝ අංශු'

අවසානයේ ඔහු එක්සත් රාජධානියට පැමිණියේ ය. "හැමදේ ම අතඇරලා එයා මාත් එක්ක ජීවත් වෙන්න ආවා," ඇය පැවසුවා ය.

මහාචාර්ය ෂැට්ස්ලයින් ඇගේ සැමියා පමණක් නොව, ඇගේ වෘත්තීය සහකරු ද බවට පත්විය.

මිනිස් කෙස් ගසක පළලින් දහසෙන් එකකටත් අඩු සහ ශරීරයේ අවශ්‍ය ස්ථානයට ඖෂධ ලබා දී, කාර්යක්ෂමතාව වැඩි කරන සහ අතුරු ආබාධ අඩු කරන තරමට නිවැරදි ඉතා කුඩා නැනෝ අංශුවක් පිළිබඳ සිතන්න.

ඔවුන් සිදු කළ දේ එයයි.

"මුඛයෙන් (පෙති ලෙස) හෝ එන්නත් විදිහට ඔබ ඖෂධයක් ලබා ගත්තා ම එය අවසානයේ රුධිර ප්‍රවාහයට ඇතුළු වෙලා සියලු අවයව වෙත ළඟා වෙනවා. නමුත් ඒක හැමවෙලාවෙ ම සුදුසු නෑ., මොකද හැම අවයවයකට ම ඒක අවශ්‍ය නැති නිසා. ඒකට විසඳුම නැනෝ අංශු මත පදනම් වූ ඖෂධවල තියෙනවා," ඉජියෝමා ආර්යාව පැහැදිලි කරයි.

"මෙම නැනෝ අංශු සෞඛ්‍ය සම්පන්න පටකවලට නැතුව බලපෑමට ලක් වූ ප්‍රදේශය පමණක් ඉලක්ක කරනවා කියන්නේ, අතුරු ආබාධ ඇතිවීමේ අවදානම අඩුයි කියන එක."

මෙම අතුරු ආබාධ රසායනික චිකිත්සාව නිසා ඇතිවන දැඩි බලපෑම්වල සිට මෝෆීන් හෝ ෆෙන්ටනයිල් වැනි දරුණු වේදනාවන් සඳහා නියම කරන ලද ඖෂධ මගින් ඇති කරන ඇබ්බැහි වීම දක්වා විහිදේ.

ඇසේ පිටුපස කොටස සහ මොළය වැනි ශරීරයේ පහසුවෙන් ළඟාවීමට හැකියාවක් නොමැති කොටස්වලට ඖෂධ ලබා දීම සඳහා නැනෝ අංශු සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක මෙම දෙපළ නිරත වී සිටිති.

සායනික අත්හදා බැලීම් සිදු වෙමින් පවතින අතර, ඔවුන් අන්ධභාවයට අයි ඩ්‍රොප් භාවිතයෙන් ප්‍රතිකාර කිරීමට, වේදනාවට ප්‍රතිකාර කරන ආකාරය වෙනස් කිරීමට සහ ඔපියොයිඩ් අර්බුදය විසඳීමට උපකාර කිරීමට ද බලාපොරොත්තු වේ.

Dame Ijeoma smile for di black-and-white photograph, she stand as she wear her graduation gown

ඡායාරූප මූලාශ්‍රය, Ijeoma Uchegbu

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉජියෝමා ආර්යාව, ඇයට වයස අවුරුදු 16දී, නයිජීරියාවේ බෙනින් විශ්වවිද්‍යාලයේදී

සිනහව සඳහා කාලය සොයා ගැනීම

ඉජියෝමා මේ වන විට ලන්ඩන් විශ්වවිද්‍යාලයට සහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරයි.

විද්‍යාවට ඇති ඇල්ම නිසා ඇය දන්නා දේ බෙදා ගැනීමට හාස්‍යය භාවිත කළා ය.

"මගේ විහිළුවලට ශිෂ්‍යයන්ගෙන් වැඩි අවධානයක් ලැබෙනවා කියලා මට තේරුණා. ඒ නිසා මම ඒක තවත් හොඳට කර ගෙන යන්න තීරණය කරලා, සති 10ක කොමඩි පාඨමාලාවක් කළා," ඇය පවසයි. එයට ලන්ඩන් නගරයේ රඟහලක කළ ස්ටෑන්ඩ්-අප් ඉදිරිපත් කිරීමක් ද ඇතුළත් විණි. "ඒක හරි බයෙන් කරපු එකක්. නමුත් අවසානයේ ඒක හරි ම හොඳට සිද්ධ වුණා."

බීබීසී ලෝක සේවයේ Outlook වැඩසටහන මත පදනම්ව ලියා ඇත.