පැරිස් ප්‍රහාරය ගැන කවි ලියූ ලාංකීය කවියෝ

මේ ග්‍රන්ථය පැරිස් ප්‍රහාරයෙන් කම්පාවට පත් වූ ඉතාලි ජාතික කවියකු වන Fabrizio Frosini ගේ අදහසක ප්‍රතිඵලයක්

ඡායාරූප මූලාශ්‍රය, PoetryAgainstTerror

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ ග්‍රන්ථය පැරිස් ප්‍රහාරයෙන් කම්පාවට පත් වූ ඉතාලි ජාතික කවියකු වන Fabrizio Frosini ගේ අදහසක ප්‍රතිඵලයක්
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය

Poetry Against Terror; පසුගිය සතියේ එළිදැක්වුණු අන්තර්ජාල කාව්‍ය නිර්මාණ එකතුවක්, ඒ.

පසුගියදා පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි මේ ග්‍රන්ථයට නිමිත්ත වී තිබෙන්නේ. ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වූවන්ට ප්‍රණාමය පිදීම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ බව එහි සඳහන්.

එය ලොව පුරා රටවල් 43 ක වෙසෙන කවියන් 64 දෙනෙකුගේ <link type="page"><caption> නිර්මාණ එකතුවක්</caption><url href="https://poetryagainstterror.wordpress.com/2016/01/11/press-release/" platform="highweb"/></link>. ශ්‍රී ලාංකික කවියන් දෙදෙනෙකුගේ නිර්මාණත් එයට ඇතුලත්.

ඩිලන්ත ගුණවර්ධන සහ උදය ආර් තෙන්නකෝන් ඒ කවියන් දෙදෙනායි.

'මොන පැත්තකින් කෙරුවත් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය කියන දේ අපිට අනුමත කරන්න බැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Udaya R Tennakoon

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මොන පැත්තකින් කෙරුවත් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය කියන දේ අපිට අනුමත කරන්න බැහැ'

ඔහුගේ <italic>Thunder Terrified me</italic> නිර්මාණයෙන් <italic>Poetry Against Terror</italic> ග්‍රන්ථයට දායක වූයේ මන්දැයි විමසමින් මා <link type="page"><caption> උදය ආර් තෙන්නකෝන්</caption><url href="https://audioboom.com/boos/4072341-2016-17" platform="highweb"/></link> කවියා සමඟ කළ සංවාදයක සංක්ෂිප්ත සටහනයි, මේ. (<link type="page"><caption> සංවාදයට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/4072341-2016-17" platform="highweb"/></link>)

කැකිරාවටත් ඔබ්බෙන් පිහිටි ඈත දුෂ්කර ගමක හැදී වැඩුණු සමයේ ලද අත්දැකීමක් සිය නිර්මාණයට පාදක වූ බවයි ඔහු මා සමඟ කීවේ.

ඒ කුඩා කල එල්ලේ ක්‍රීඩාකරමින් සිටියදී හදිසියේම වැව් ඉවුරට කඩාපාත් වූ අකුණක්.

"එදා ඇතිවෙච්ච තිගැස්ම මට දැන් වුනත් විදුලි කොටනකොට, අකුණු ගහන කොට මතක වෙනවා."

ඒ නිර්මාණය වසර කිහිපයක් මුළුල්ලේ මවුබිමෙන් බැහැරව ස්විට්සර්ලන්තයේ වෙසෙන අතරවාරයේ ඉංග්‍රීසි භාෂාවෙන් කාව්‍ය රචනයේ යෙදීමට ඔහු දැරූ උත්සාහය මල් ඵල ගැන්වීමක්.

'A world in unbalanced is here and there

A thunder comes as atavisms nobody care

A remedy for hate must more love of care

A mind may turn to blossom then everywhere ...'

උදයගේ නිර්මාණයේ ඒ අවසාන පැදි පෙලෙන් ගම්‍යවන පරිදි වෛරය පරයා මානව වර්ගයාගේ හදවත් සෙනෙහසින්, ආදරයෙන් පිරවිය යුතු බව ඔහු ලොවට දෙන පණිවුඩයද?

පසුගියදා පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි මේ ග්‍රන්ථයට නිමිත්ත වී තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගියදා පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි මේ ග්‍රන්ථයට නිමිත්ත වී තිබෙන්නේ.

"ඔවු අපි ඕකේ විරුද්ධාභාෂික අර්ථය ගත්තොත්, දැන් අපි ත්‍රස්තවාදය කියල ලේබල් ගහනවනේ කොටසක්? මේ කොටසට පමණද විතරක්ද මේ ත්‍රස්තවාදය කියන නිර්වචනය අයිති වෙන්නේ?" මගේ ප්‍රශ්නයට උදයගෙන් පැනයකින්ම පිළිතුරක්.

"දැන් මේ ලේබල් ගහන අය, අනිත් අය අනිත් පැත්තෙන් කරන දේ, උදාහරණෙකට රාජ්‍ය අංශයෙන් මේ දේ කෙරෙන් නැද්ද කියන එකේදී මේ දෙක දෙපැත්තටම සහසම්බන්ධිතයි."

ලොව සෑම මනුසතෙකු කෙරෙහිම වෛරය වෙනුවට ආදරය දැක්විය යුතු බව උදය විශ්වාස කරන්නේ එබැවින්.

"මොන පැත්තකින් කෙරුවත් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය කියන දේ අපිට අනුමත කරන්න බැහැ."

උදය මා සමඟ පැවසූ පරිදි, මේ ග්‍රන්ථය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ පැරිස් ප්‍රහාරයෙන් කම්පාවට පත් වූ ඉතාලි ජාතික කවියකු වන Fabrizio Frosini විසින්. ඉන් අනතුරුව ඔහු <link type="page"><caption> Poem Hunter</caption><url href="http://poemhunter.com/" platform="highweb"/></link> වෙබ් අඩවිය ඔස්සේ එයට නිර්මාණ දායකත්වය සපයන මෙන් ලොව පුරා වෙසෙන කවියන්ට විවෘත ආරාධනයක් කළා.

ඇමෙරිකානු ජාතික Pamela Sinicrope සහ Daniel Brick මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික Richard Thézé එහි අනෙක් සංස්කාරකවරුන් තිදෙනායි.

ඩිලන්ත ගුණවර්ධන ගේ Chess කාව්‍යයත් මේ ග්‍රන්ථයට ඇතුලත්.