Image copyright by GETTY ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලදී.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය එදින කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස අටකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇපමත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
2023 වසරේ ජනමාධ්‍ය, පරිසර හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්යමණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු ඇතුළත් කොට, ඔවුන්ට හිමි වැටුප් දීමනා සහ අතිකාල දීමනා යනාදිය ලබාගෙන දේශපාලන හිතවතුන්ට බෙදා දීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලදී. එදින සවස ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
Image copyright by BBC ඉහත චෝදනාවලට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
රුපියල් මිලියන 97කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ඇතුළු සැකකරුවන් තුන්දෙනා එදින සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට ගන්නා ලදී. එදින සවස ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. එදින ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ ය.