කෙහෙළිය රඹුක්වැල්ල : 'සාගලගේ ඉල්ලීම නිසා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරික්ෂණ හංගන්නේ?'
කෙහෙළිය රඹුක්වැල්ල : 'සාගලගේ ඉල්ලීම නිසා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරික්ෂණ හංගන්නේ?'
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරෝධය ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි.
සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් සංවිධානය කරන ලද මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකළ අක්‍රමිකතා වෙනුවෙන් සිදුකළ පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැර තිබෙන බවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දූෂිත ක්‍රියාවලට එරෙහිව සහ ඖෂධ මාෆියාවට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.







