ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රු. මිලියන 97ක් අයථා ලෙස ඉපැයීම: කෙහෙළිය, බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට අධිචෝදනා භාර දෙයි
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (ජූලි 17) අධිචෝදනා භාර දුන්නේ ය.
අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ භාර දීම සිදු විය.
ඉන් අනතුරුව රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කෙරිණි.
එමෙන් ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට ද එහිදී විනිසුරුවරිය නියෝග කළා ය.
තව ද විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබා ගෙන වාර්තා කැඳවීමට ද නියම විණි.
රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කරනු ලැබ තිබිණි.