සල්සා ඉරියව්වෙන් අසුන් ගැනීම: කොන්දේ වේදනාව සමනය කිරීමට උපකාරී වන ආශ්චර්යවත් ඉරියව්ව

කොන්ද අල්ලාගෙන සිටින කාන්තාවකගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

කොන්දේ පහළ කොටසේ වේදනාව යනු ලොව පුරා වෙසෙන මිලියන සිය ගණනක් වන ජනතාවට බලපාන නිදන්ගත රෝග තත්ත්වයකි. සරල ව්‍යායාමයක් ඒ සඳහා විශාල උපකාරයක් විය හැකිය.

ඔබ ඒ හැඟීම දන්නවා. ඔබ ඔබේ සපත්තුවල ලේස් ගැටගැසීමට බිමට නැමෙන විට ඔබේ කොන්දේ පහළ කොටසේ තියුණු වේදනාවක් ඇති විය හැකියි. ක්ෂණිකව, ඔබ පුදුම සහගත සංඛ්‍යාලේඛනයක කොටසක් බවට පත්ව ඇත - ඔබ ලොව පුරා කොන්දේ පහළ කොටසේ වේදනාව විඳිමින් ජීවත් වන මිලියන 619 ක ජනතාව අතරට එක් වී ඇත. වාසනාවකට මෙන්, ඊට සහනයක් විය හැකි සල්සා ක්‍රමයට අසුන්ගැනීම ලෙස හැඳින්වෙන පහසු ව්‍යායාමයක් පවතී.

හොඳම දේ? එය සිදුකිරීමට ඔබට නැගී සිටීමටවත් අවශ්‍යතාවක් නොමැති වීමයි.

කොන්දේ පහළ කොටසේ වේදනාව යනු ලොව පුරා ආබාධිතභාවයට බලපාන ප්‍රධානතම හේතුවයි. එය ඉළ ඇටවල පහළ දාරය සහ තට්ටම් අතර වේදනාව ලෙස අර්ථ දැක්වේ. එය ඕනෑම අයෙකුට බලපෑම් එල්ල කළ හැක, නමුත් අධි බර, දුම් පානය හෝ මෙම තත්ත්වය සම්බන්ධයෙන් පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයින් තුළ මෙය වඩාත් සාමාන්‍ය තත්ත්වයකි.

"මම කොඳු ඇට පෙළ පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන් සමඟ වැඩ කරලා තිබෙනවා, ඔබ මිනිසුන්ට කොන්දේ වැඩිපුරම ගැටලු තිබෙන ස්ථානය දෙස බැලුවහොත්, එය කශේරුකාවේ පහළ තැටි දෙකයි," මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ භෞත චිකිත්සාව පිළිබඳ සහකාර මහාචාර්ය ක්‍රිස් මැකාති පවසයි.

කොඳු ඇට පෙළ කශේරුකා 33 කින් සකස් වී තිබෙන අතර, ඒ සෑම එකක්ම තැටියක් ලෙස හඳුන්වන ස්පොන්ජ් කාටිලේජ තට්ටුවකින් වෙන් වී පවතී. තැටි කුෂන් ලෙස ක්‍රියාකරයි; ඇවිදීම, දිවීම සහ පැනීම වැනි එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ඒවා කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරයි.

ව්‍යායාම කරන පිරිසකගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොන්දේ පහළ කොටසේ වේදනාව වැඩිපුර ඇතිවන පිටුපස අස්ථි දෙක, ඉතා ඝන අස්ථි සම්බන්ධක පටි සමඟ උකුලට සම්බන්ධ වී ඇත. මෙය ඒවා ස්ථිරව තබා ගන්නා අතර, ශරීරයේ මැද කොටසේ බරට ආධාර කිරීමේ කාර්යය සඳහා ඔවුන්ට ඉඩ සලසයි. කෙසේ වෙතත් ඉන් අවාසියක් ඇත.

"එය ඇත්තෙන්ම පිටුපස දැඩි කොටසක් වන අතර, එය සෙලවීමට ඉතා අපහසු වේ, විශේෂයෙන්ම වේදනාව හේතුවෙන් ස්ථායීකාරක මාංශ පේශි කම්පනයකට ලක් වන විට, හෝ භාවිතයේ ඌණතාව නිසා තද වූ විටදී" මැකාති පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම ප්‍රදේශයේ මාංශ පේශි සඳහා ව්‍යායාම කිරීමට එක් හොඳ ක්‍රමයක් නම් උකුල එක පැත්තක සිට අනෙක් පැත්තට කරකැවීමයි, එමඟින් යම් ආකාරයක පැද්දෙන චලනයකින් පිටුපස කොටස දෙපැත්තට නැඹුරු වේ. ඔබ ඇවිදින විට මෙය ස්භාවිකව සිදු වේ. කෙසේ වෙතත්, පුද්ගලයෙකු කොන්දේ පහළ කොටසේ අත්විඳින විට, පිටුපස මාංශ පේශි හදිසි කම්පනයකට ගොස් එම ප්‍රදේශය සෙලවීම නතර කරයි.

"අවාසනාවකට මෙන්, එය වඩාත් වේදනාකාරී තත්ත්වයක් නිර්මාණය කරනවා (කොන්දේ පහළ), ඒක ඉතා දැඩි හා වඩාත් වේදනාකාරී වෙනවා," මැකාති පවසයි.

අධ්‍යයනවලින් පෙනී යන්නේ, කොන්දේ පිටුපස වේදනාව පැමිණි විට චලනය, සුව කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් අංගයක් විය හැකි බවයි. සාමාන්‍යයෙන් මෙය ව්‍යායාම, ස්ට්‍රෙචස් සහ සම්භාහන මගින් ළබා ගත හැකියි. නමුත් කොන්දේ වේදනාව සඳහා නිර්දේශිත බොහෝ ස්ට්‍රෙචස් මගින් පිටුපස පහළ කොටස සඳහා ව්‍යායාම නොකරයි.

සල්සා ඉරියව්වෙන් වාඩි විය යුත්තේ අන්න ඒ අවස්ථාවේදියි. ව්‍යායාමය සිදු කිරීම සඳහා, ඔබේ පාද තදින් බිම තබාගෙන කෙළින් වාඩි වන්න. ඔබේ කලවා එකිනෙක සමාන්තරව සිටින පරිදි ඔබේ කකුල් එකට ගෙන එන්න. ඉන්පසුව, ඔබේ උරහිස් සම්පූර්ණයෙන්ම සහ නිශ්චලව තබාගෙන, ඔබේ වම් දණහිස පිටුපසට ඇදගෙන ඔබේ දකුණු දණහිස ඉදිරියට තල්ලු කරන්න.

ඉන්පසු ඔබේ වම් දණහිස ඉදිරියටත් දකුණු දණහිස පසුපසටත් යන ලෙස මාරු කරන්න. සාම්ප්‍රදායික සල්සා නැටුමක මෙන් ඔබේ උකුල එක පැත්තකින් ඉදිරියට සහ අනෙක් පැත්තෙන් පසුපසට ගෙන යා යුතුය. මෙම චලනයක මිනිත්තුවක කාලයක් නැවත සිදු කරන්න.

"ඔබේ උකුල මේ ආකාරයෙන් සුළු පැද්දෙන චලනයක් සිදු කරයි, ඔබ ඇවිදින විට එය කළ යුතු දෙය එයයි," මැකාති පවසයි.

භෞතචිකිත්සක ඒකකයක් වන මැන්චෙස්ටර් චලන ඒකකයේ මැකාති සහ සෙසු සගයින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නියමු අධ්‍යයනයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කොන්දේ පහළ වේදනාව ඇති රෝගීන්ට විද්‍යුත් විශ්ලේෂණ (EMG) සංවේදකවලට සම්බන්ධ වී සිටින විටදී අසුන්ගෙන සල්සා ඉරියව් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියහ. සංවේදක මගින් පිටුපස මාංශ පේශි කෙතරම් තදින් ඇත්දැයි මනිනු ලැබේ.

ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ ඔවුන්ගේ කොන්දේ වේදනාවේ ලක්ෂණ පහකරමින් මාංශ පේශී ලිහිල් කිරීමට සෑම මිනිත්තු 30කට වරක්ම මිනිත්තුවක කාලයක් සල්සා ඉරියව්වෙන් සිටීම ප්‍රමාණවත් බවයි.

"එහි ඇති හොඳ දෙය නම් ඔබ වැඩ කරන අතරතුර එය කිරීම ඉතා පහසු වීමයි. ඔබට මේසයෙන් නැගිටීමටවත් අවශ්‍ය නැහැ," මැකාති පවසයි.

කාර්යාලයක් ඉදිරිපිට මිනිසුන් ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කාර්යාල සේවකයන් බොහෝ විට දවසේ වැඩිවේලාවක් වාඩි වී සිටින අතර එමගින් කොන්දේ පහළ කොටසේ වේදනාව හටගැනීමේ අවදානම ඉහළ දමයි. වැඩිවේලාවක් සිටගෙන සිටීම සහ පානවර්ගයක් ලබා ගැනීමට පමණක් වුව ද ඇවිදීම මෙම අවදානම අවම කර ගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී මේසයෙන් නැගිටීම පවා කළ නොහැකි වේ.

"කාර්යාල සේවකයින් යම් දෙයක් මැද සිටී නම් සහ ඔවුන් නැගී සිටීමට සහ ස්ට්‍රෙච් කිරීමට අකමැති නම්, හිට ගන්නවට වඩා, ඔබට සෑම පැය භාගයකට වරක් විනාඩියක් හෝ ඊට වැඩි කාලයක් වාඩි වී සිටින සල්සා ඉරියව්ව අනුගමනය කළ හැකියි," මැකාති පවසයි.

මෙම ව්‍යායාමය පහසුවෙන් නැගිටින්න සහ වාඩි වීමට නොහැකි වැඩිහිටි පුද්ගලයින්ට හෝ ශල්‍යකර්මයකින් පසු එහා මෙහා යාමේ හැකියාව අඩු වූ පුද්ගලයින්ටද ප්‍රයෝජනවත් විය හැක. පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම සහ නිතිපතා ව්‍යායාම කිරීම දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ රහස බවයි.

"වැඩිහිටියන් බොහෝදෙනෙකු ශාරීරිකව ක්‍රියාශීලී නොමැති බව අපි දන්නවා" බ්‍රිතාන්‍ය වැඩිහිටි රෝග සංගමයේ සභාපති සහ වැඩිහිටි උපදේශක වෛද්‍ය ජුග්දීප් දේසි පවසයි.

"ඔබට නිසි ලෙස චලනය වෙන්න බැරි නම්, වාඩි වී ඉදලා කරන්න පුළුවන් ව්‍යායාම, ශක්තිය ගොඩනැගීමට හොඳ ක්‍රමයක්. නමුත් ඔබ එසේ නම්, මිනිසුන්ට කළ හැකි බොහෝ දේ තිබේ. ඔබ දත් මදින විට තනි කකුලෙන් සිටගෙන සිටියත්, වතුර කේතලය උතුරන අතරතුර පුටුවේ පිටුපස අල්ලාගෙන ස්කොට් දෙකක් හෝ තුනක් කළත් ඒ සියල්ල පුරුද්දක් බවට පත් කර ගැනීමයි, එය ඔබ සැමවිටම කරන දේවල් කිරීම සාමාන්‍ය ක්‍රමයක් බවට පත් කර ගැනීමයි."