පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඔබේ අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළ ගොස් ඇත්තේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක මිල 7% කින් ඉහළ ගොස් ඇති බව Verite Research PublicFinance.lk වෙබ් අඩවිය විසින් දක්වා ඇති මිල ගණන් සැසඳීමකින් හෙළිව තිබේ.
අවුරුදු කැවිලි මේසය සිංහල-හින්දු අලුත් අවුරුදු සැමරුමේ අනිවාර්ය අංගයකි.
විවිධ පළාත් අනුව කැවිලි වර්ග වෙනස් විය හැකි වුවත් මේ සඳහා පොදුවේ බොහෝ නිවෙස්වල අවුරුදු කෑම මේසයට ඇතුළත් අයිතම 8ක් මේ සඳහා ඇතුළත් කර තිබේ.
පිරිවැයට ප්‍රධාන අමුද්‍රව්‍ය පමණක් ඇතුළත් කර ඇති අතර, විදුලිය හෝ ගෑස් සහ කුළුබඩු සඳහා වන වියදම් ගණනය කර නැත.
ඒ අනුව 2025 වසරේ මාර්තු මාසයේ මිල ගණන්වලට අනුව රු. 5,414ක් කැවිලි සඳහා වැය වී ඇති අතර, 2026 මාර්තු වන විට එම කැවිලි මේසය සඳහා ම වැය කළ යුතු මුදල රු. 5,795ක් දක්වා ඉහළ ගොස් තිබේ.






























