ඇමෙරිකාවේ ඉන්ධන: ට්‍රම්ප්ගේ "drill, baby, drill" පදයට ලෝකය ම නටයි ද?

U.S. President Donald Trump points while leaving the stage after speaking during the Unleashing American Energy event at the Department of Energy in Washington, D.C., U.S.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ලෝකය පුරා අලෙවි කරන බව ට්‍රම්ප් පවසා තිබේ.
    • Author, නවින් සිං ඛඩ්කා
    • Role, පරිසර මාධ්‍යවේදී, බීබීසී

2023 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව "ෆොසිල ඉන්ධනවලින් ඉවත් වීමට" කරන ලද ඉල්ලීමක් සමගින් අවසන් වූ විට, එය ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ගවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසට අගය කරන ලදී.

කෙසේ වෙතත්, වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, පිරිසිදු බලශක්තිවලට මාරු වීම මන්දගාමී වෙමින් පවතින අතර පොසිල ඉන්ධන දහනය අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, එම ගෝලීය කැපවීම සැබෑවක් වීම ඈතට යමින් පවතී.

එමෙන් ම, දැන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ඇති කොට තිබේ. ඒ, පොසිල ඉන්ධන වැළඳ ගැනීම සහ පිරිසිදු බලශක්ති ප්‍රතිපත්ති අතහැර දැමීම යි. එම ප්‍රවණතාව දැනටමත් අනෙකුත් රටවලට සහ බලශක්ති සමාගම්වලට බලපෑම් කිරීමට පටන් ගෙන තිබේ.

ට්‍රම්ප්ගේ "drill, baby, drill" (හාරන්න, බබා, හාරන්න) ප්‍රතිපත්තියට සහ පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දුනීසියාව ද එය අනුගමනය කළ හැකි බවට ඉඟි කර තිබේ. එය කාබන් විමෝචනය කරන ඉහළ ම රටවල් 10 අතර වේ.

Pump jacks are seen at dawn in an oil field over the Monterey Shale formation where gas and oil extraction using hydraulic fracturing, or fracking, is on the verge of a boom on March 24, 2014 near Lost Hills, California.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දැනටමත් ලෝකයේ විශාලතම ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදකයා වන්නේ, ඇමෙරිකාව යි.

'ඇමෙරිකාව එහි නොමැති නම්, අප සිටිය යුත්තේ ඇයි'

"ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර ගිවිසුමට අනුකූල වීමට අකමැති නම්, ඉන්දුනීසියාව වැනි රටක් එයට අනුකූල විය යුත්තේ ඇයි?" ඉන්දුනීසියාවේ දේශගුණික විපර්යාස සහ බලශක්තිය පිළිබඳ විශේෂ නියෝජිත හෂීම් ජොජෝහැඩිකුසුමෝ විමසීය.

"ඉන්දුනීසියාව කාබන් ටොන් තුනක් නිපදවන අතර ඇමෙරිකාව ටොන් දහ තුනක් නිෂ්පාදනය කරනවා, නමුත් අපගේ බලාගාර වසා දමා අපගේ වාෂ්ප බලාගාර (සාමාන්‍යයෙන් පොසිල ඉන්ධන භාවිතා කරන) අඩු කරන ලෙස අපට කියනවා. ඉතින්, මෙතන යුක්තියක් කොහෙ ද තියෙන්නේ?," ඔහු ජනවාරි 31 වන දින ජකර්තාහි පැවති පාරිසරික, සමාජයීය සහ පාලනය පිළිබඳ තිරසර සංසදය 2025 (ESG) වැඩසටහනේදී ප්‍රශ්න කළේ ය.

අග්නිදිග ආසියාව දැනටමත් ප්‍රධාන ගල් අඟුරු නිෂ්පාදකයෙකු සහ පාරිභෝගිකයෙකු වන අතර, බලශක්ති සංක්‍රාන්තිය තවදුරටත් ප්‍රමාද විය හැකි බවට විශේෂඥයෝ කනස්සල්ලට පත්ව සිටිති.

"ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා, පොසිල ඉන්ධන ක්‍රමයෙන් ඉවත් කිරීමට නිර්භීත ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්නේ නම්, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් කරමින් සිටින පරිදි අනෙකුත් පොසිල ඉන්ධන නිපදවන රටවලට තමන්ගේ ම පොසිල ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීමට පහසු නිදහසට කරුණක් ලැබෙනු ඇත," දේශගුණික ක්‍රියාකාරී ජාලයේ (Climate Action Network) අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ නිතී නෙසදුරෙයි පැවසීය.

"මෙය විනාශකාරී දේශගුණික විපර්යාසවල බලපෑම් සහ උෂ්ණත්වය ඉහළ යාමට හේතු විය හැකි යි."

යුරෝපයේ, ප්‍රධාන බලශක්ති දැවැන්තයෙකු වන Equinor සමාගම, පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අඩකින් අඩු කරන බවටත්, තෙල් හා ගෑස් නිෂ්පාදනය 10%කින් වැඩි කරන බවටත් නිවේදනය කර ඇති අතර, ඒ හා සමාන පියවරක් ඛනිජ තෙල් දැවැන්තයා වන බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් වෙතින් ඉක්මනින් අපේක්ෂා කෙරේ.

"'drill, baby, drill' කියලා ඇහෙනකොට මට ඒක තෙල් හා ගෑස් ව්‍යාපාරයට ධනාත්මක හැඟීමක් විදිහට පේනවා," Equinor සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩර්ස් ඔපීඩ්ල් පැවසුවේ, කෙසේ වෙතත්, ඔහු පවසන්නේ සමාගම් සෑම විට ම මිල සංඥා මත පදනම්ව කැණීම් තීරණය කරනු ඇති බව ය.

Emissions fume at the coal-fueled Oak Grove Power Plant on April 29, 2024 in Robertson County, Texas.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව දෙවන විශාලතම කාබන් විමෝචක රට ඇමෙරිකාව වන අතර විශේෂඥයින් පවසන්නේ, එහි බලශක්ති ප්‍රතිපත්තිය අනෙකුත් ප්‍රධාන කාබන් විමෝචකවලට ද බලපානු ඇති බව ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය සහ ගල් අඟුරු මත දැඩි ලෙස යැපෙන ප්‍රධාන කාබන් විමෝචකයක් වන දකුණු අප්‍රිකාවේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක විදේශ ආධාර ලබන පිරිසිදු බලශක්තිවලට මාරු වීමේ ව්‍යාපෘතියක් ගොළුබෙලි වේගයකින් ගමන් කරමින් තිබූ අතර, සූර්ය හා සුළං බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය බෙහෙවින් ලාභදායී වූ විට පවා එය තවදුරටත් පීලි පැනීමට ඉඩ ඇති බවට බියක් පවතී.

"ඇත්ත වශයෙන් ම අපගේ ගල් අඟුරු බලාගාර කිහිපයක් ඉවත් කිරීම තවදුරටත් ප්‍රමාද වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේක දකුණු අප්‍රිකානු ආර්ථිකයට විශාල අවදානමක් ඇති කරන්න පුළුවන්," කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ Power Futures Lab ආයතනයේ අධ්‍යක්ෂ විකස් කෲගර් පැවසීය.

ට්‍රම්ප්ගේ නිවේදන මගින් අනෙකුත් අප්‍රිකානු රටවලට, විශේෂයෙන් උපසහරා අප්‍රිකාවේ, ස්වාභාවික වායු බලාගාර ඉදිකිරීමට කැමති සහ සම්පත් ඇති අයට තරමක් පහසු වනු ඇති බව ඔහු පැවසීය.

ලතින් ඇමරිකාවේ, පසුගිය නොවැම්බරයේ අසර්බයිජානයේ බකු නගරයේදී පැවති COP29 දේශගුණික සමුළුවෙන් ඉවත් වූ ආර්ජන්ටිනාව, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යන බව පෙනේ.

"දැන් අපි අපේ ඛනිජ තෙල් හා ගෑස් නිෂ්පාදනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා," ආර්ජන්ටිනාවේ පාරිසරික නීතිඥයින්ගේ සංගමයේ සභාපති එන්රික් වියාල් පැවසීය.

"පැරිස් ගිවිසුමෙන් ඉවත් වීමට අදහස් කරන බව ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලෙයි ඉඟි කර ඇති අතර පරිසරවාදය විශේෂ න්‍යාය පත්‍රයේ කොටසක් බව පවසා තිබෙනවා."

විද්‍යාඥයින් පවසා ඇත්තේ, නව පොසිල ඉන්ධන නිස්සාරණයක් සිදු කළ නොහැකි බවත්, පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව ලෝකය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට නම් කාබන් විමෝචනය වේගයෙන් අඩු කළ යුතු බවත් ය.

View of Suralaya coal power plant while smoke and steam billows seen from Suralaya village in Banten province, Indonesia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියාව වැනි කාබන් විමෝචනය වැඩි සංවර්ධනය වෙමින් පවතින රටවල් පවසන්නේ, ඇමෙරිකාව වැනි ඉහළ ම විමෝචකයන් වැඩි වැඩියෙන් පොසිල ඉන්ධන නිෂ්පාදනය හා දහනය කිරීම දිගට ම කරගෙන යන අතරතුර, ඔවුන් විමෝචනය අඩු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ය.

"ඇමෙරිකාවේ බලශක්තිය ලෝකය පුරා"

ට්‍රම්ප් "drill, baby, drill" කියා පමණක් නොව, "අපි ඇමෙරිකානු බලශක්තිය ලොව පුරා අපනයනය කරන්නෙමු," යනුවෙන් ද පවසා තිබේ.

ඇමෙරිකානු බලශක්තිය, විශේෂයෙන් ගෑස් මිලදී ගැනීමට විදේශීය ගැනුම්කරුවන් දැනටමත් පෙළ ගැසී සිටිති.

ට්‍රම්ප් සිය බලශක්ති හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු, ලෝකයේ දෙවන සහ තුන් වන විශාලතම ගෑස් ආනයනකරුවන් වන දකුණු කොරියාව සහ ජපානය පවසා ඇත්තේ, තමන් වැඩි වැඩියෙන් ඇමෙරිකානු බලශක්තිය ආනයනය කරන බව ය.

ලොව තුන් වන විශාලතම කාබන් විමෝචනය කරන රට වන ඉන්දියාව ද එසේ ම ය, එය සිය අලුතින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික මූල්‍ය අයවැයෙන් අභිලාෂකාමී න්‍යෂ්ටික බලශක්ති ඉලක්කයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

"ඇමෙරිකාව ලාභ පොසිල ඉන්ධනවලින් වෙළෙඳපොළ පුරවා ගැනීමට හෝ සෙසු රටවල් තම පොසිල ඉන්ධන වැඩිපුර මිල දී ගැනීමට පෙළඹවීමට හෝ දෙක ම කිරීමට උත්සහ කළහොත් ගෝලීය බලශක්ති මාරුවීම මන්දගාමී විය හැකි බවට තර්ජනයක් නිසැකව ම පවතිනවා," පිරිසිදු බලශක්තියට මාරුවීම සඳහා පර්යේෂණ සහ උපදේශන සංවිධානයක් වන ඔයිල් චේන්ජ් ඉන්ටර්නැෂනල්හි පර්යේෂණ අධ්‍යක්ෂ ලෝර්න් ස්ටොක්මන් පැවසීය.

Solar photovoltaic panels are seen in a tidal flat in Yancheng city, Jiangsu province, China,

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝලීය පිරිසිදු බලශක්ති ආයෝජනය පළමු වරට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවා ගිය ද, මෑත වසරවලදී එහි වර්ධනය මන්දගාමී වී ඇත.

පැවැත්ම සඳහා පුනර්ජනනීය බලශක්ති

ජනවාරි මාසයේදී BloombergNEF විසින් ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති මාරුවීම් පිළිබඳ ආයෝජන ප්‍රවණතා වාර්තාවට අනුව, ගෝලීය බලශක්ති මාරුවීම් සඳහා වන ආයෝජන පළමු වරට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර 2020 සිට දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.

එහෙත්, එම ආයතනය පැවසුවේ, 2021-23 වසරවල වර්ධනය 24-29% සිට 2024 දී 10.7% දක්වා මන්දගාමී වූ බව ය.

2024 ලෝක ආර්ථික සංසදයේ වාර්තාවක සඳහන් වූයේ, "ආර්ථික අස්ථාවරත්වය, උග්‍ර වූ භූ දේශපාලනික ආතතීන් සහ තාක්ෂණික මාරුවීම් යන සියල්ල පිරිසුදු බලශක්ති සඳහා මාරුවීමේ වේගය සහ ගමන් පථය සංකීර්ණ කරමින් බලපෑමක් ඇති කර ඇති," බව ය.

ප්‍රධාන ආර්ථිකයන් සහ විශාලතම කාබන් විමෝචනය වන රටවල් වන G20 රටවල් කිසිවක් ඔවුන්ගේ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම සඳහා වේගයෙන් විමෝචනය අඩු නොකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Smoke and flames rise from the forest as crews try to extinguish a wildfire in Chico, California, United States on July 25, 2024. (Photo by Tayfun Coskun/Anadolu via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව ලෝකය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට නම් අලුතින් පොසිල ඉන්ධන නිස්සාරණයක් සිදු කළ නොහැකි බව විද්‍යාඥයින් පවසා තිබේ.

'බැංකුවල සහය අපිරිසුදු ඉන්ධනවලට'

මේ සියල්ල මධ්‍යයේ සහ ට්‍රම්ප්ගේ පොසිල ඉන්ධන ව්‍යාප්ති නිවේදනයට දින කිහිපයකට පෙර, දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවේ ප්‍රධාන බැංකු, 2050 වන විට ඔවුන්ගේ ණය දීම, ආයෝජන සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ශුද්ධ-ශුන්‍ය හරිතාගාර වායු විමෝචනය සමඟ පෙළගැස්වීමට කැපවී සිටින ප්‍රමුඛ බැංකු සමූහයක් වන ශුද්ධ ශුන්‍ය බැංකු සන්ධානයෙන් ඉවත් විය.

ට්‍රම්ප්ට පෙර සිට ම, පසුගිය වසරේ ගෝලීය විමෝචනය 1%කින් පමණ වර්ධනය වූ අතර, වායුගෝලයේ CO2 සාන්ද්‍රණය ඉහළ ම මට්ටමට ළඟා වී තිබේ.

තව ද, පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගිය පළමු දින දර්ශන වර්ෂය ද 2024 විය.

මේ සියල්ල මධ්‍යයේ, ට්‍රම්ප්ගේ පොසිල හිතවාදී ඉන්ධන ප්‍රතිපත්තිය අනුගමනය නොකිරීමට ප්‍රධාන විමෝචකයන්ට කිසියම් දිරිගැන්වීමක් තිබේ ද?

"බලශක්ති සැපයුමේ ආර්ථිකයන් කාබන්ඩයොක්සයිඩ්හරණයේ ප්‍රධාන සාධකයක්," ගෝලීය බලශක්ති බුද්ධි මණ්ඩපයක් වන වුඩ් මැකෙන්සිහි බලශක්ති මාරුවීම් පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් බ්‍රවුන් පැවසීය.

"ඇමෙරිකානු බලශක්ති සම්පත් පදනම ස්වභාවික වායු සහ ද්‍රව නිෂ්පාදනයේ කාර්යභාරයට සහාය වනවා. ඊට වෙනස්ව, චීනය, ඉන්දියාව සහ අග්නිදිග ආසියාව වැනි ආනයන මත යැපෙන ආර්ථිකයන් බලශක්ති ප්‍රභවයන් කාබන්ඩයොක්සයිඩ්හරණයට දිරිගැන්වීම් කරනවා."