ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි IMF දැන් මොකද කියන්නේ ?

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ඩොලර් බිලියන 3ක, මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ඩොලර් බිලියන 3ක, මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවලින් අනතුරුව සහ මොරොක්කෝහි පැවති වාර්ෂික රැස්වීම් අතරතුර, ශ්‍රී ලංකාව සඳහා වූ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී විසින් මේ බව නිවේදනය කරනු ලැබූහ.

IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට SDR මිලියන 254 (ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක) මීළඟ ණය වාරිකය හිමි වීමට නියමිතය.

IMF විධායක මණ්ඩලයේ අනුමැතිය මත, එම ණය වාරිකය ලැබීමෙන් පසු, ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය මුදල (ඇමෙරිකානු මිලියන 660 ක්) දක්වා ඉහළ යනු ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේදී IMF දූත මණ්ඩලය මෙරට සංචාරය කරමින් පළමු සමාලෝචනයේ නිරත වුවත්, එය අවසානයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිමට නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සැප්තැම්බර් මාසයේදී IMF දූත මණ්ඩලය මෙරට සංචාරය කරමින් පළමු සමාලෝචනයේ නිරත වුවත්, එය අවසානයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිමට නොහැකි විය.

පළමු සමාලෝචනය

පසුගිය සැප්තැම්බර් මාසයේදී IMF දූත මණ්ඩලය මෙරට සංචාරය කරමින් පළමු සමාලෝචනයේ නිරත වුවත්, එය අවසානයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිමට නොහැකි විය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමතර කර ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේවන දෙවන ණය වාරිකය සැපයීම ප්‍රමාද වී ඇත.

2023 මාර්තු 20 වන දින ශ්‍රී ලංකාවට SDR බිලියන 2.3 හෙවත් (ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ) ණය මුදලක් IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රතිසංස්කරණ පළ දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ පරිපාලන දුර්වලතා සහ දූෂණ අවදානම්වලට නිසි විසඳුම් ලබාදීම, ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට එළඹ තිබෙන්නේ, IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්වය.

ඒ අනුව ඉදිරි කාලය තුළ, අදාළ සියලුම පූර්ව ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු වන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම් කාලානුරූපීව සහ වැඩසටහනේ ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම තහවුරු කළ යුතු වේ.

EFF යටතේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැපවී සිටින අතර, ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ප්‍රශංසනීය බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70 ක උපරිමයේ සිට 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 1.3 දක්වා පහත වැටී ඇත, මේ වසරේ මාර්තු-ජූනි කාලය තුළ දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5 කින් ඉහළ ගොස් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අඩු වී ඇත.

අවශ්‍ය බදු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් සක්‍රීයව තුරන් කිරීම මගින් ආදායම් ඉහළ නැංවීමට සහ වඩා හොඳ පාලනයක් සඳහා වන බලධාරීන්ගේ කැපවීම අගය කරන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

ශ්‍රී ලංකා බලධාරීන් දේශීය ණය ක්‍රියාකාරිත්වය අනුගමනය කරමින්, තීරණාත්මක ඊළඟ පියවර වන්නේ IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැඩසටහන් පරාමිතීන්වලට යටත්ව සහ ණය ඉලක්කවලට අනුකූලව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නිල ණය හිමියන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමයි. ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව අතර ඇති තාවකාලික ගිවිසුමක් පිළිබඳව තම අවධානය යොමුව ඇති අතර එය ලැබුණු පසු විස්තර විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සියලුම නිල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සපයන ලද මූල්‍ය සහතිකවලට අනුකූලව සුදුසු ණය ගෙවීම් ක්‍රමවේදයක් අනුව ඉදිරියට යාමට එකඟ වන ලෙසය. වාණිජ ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව තමන් වටහාගෙන ඇති අතර ශක්තිමත් ලෙස ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවයද IMF විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

චීනය මොකද කියන්නේ ?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං,ජනපති හමුවේ සහතික වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා (ඔක්.19 වැනිදා) බීජිං නුවරදී සිදුවූ අතර එහිදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇඟයීමට ලක් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.