IPL:ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

IPL

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා (මැයි 26 වැනිදා ) රාත්‍රියේ පැවති තීරණාත්මක තරගය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල සමත් විය.

ඒ මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 62 කින් පරාජයට පත් කරමින් ය.

ඒ අනුව වත්මන් ශුරයින් වන ගුජරාට් ටයිටන්ස් පිල පිට පිට දෙවන වරටත් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (මාර්තු 28 වෙනිදා) දිනයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ ගුජරාට් ටයිටන්ස් පිල සමග පැවැත්වීමට නියමිතය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 233ක් රැස් කර ගනු ලැබීය.

වර්ෂාව හේතුවෙන් තරගය මද වේලාවක් ප්‍රමාද වී ආරම්භ කෙරුණි.

ලකුණු 234ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් පිලට පන්දු වාර 18.1කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 171ක් පමණයි.

IPL

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගිලිහී ගිය උඩපන්දුව..

ගුජරාට් ටයිටන්ස් පිලේ පස්වන පන්දු වාරයේදී ශුබ්මන් ගිල් ලකුණු 30ක් ලබා ගෙන සිටියදී ලබා දුන් උඩපන්දුවක් ටීම් ඩේවිඩ් අතින් ගිලිහි ගියේය.

ගුජරාට් ටයිටන්ස් පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 60කදී ලකුණු 129ක් රැස් කර ගනු ලැබීය.

ශුබ්මන් ගිල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රැස් කළ තෙවන ශතකය මෙයයි. ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් විය. තරග 16කදී ගිල් ලකුණු 851ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ.

මීට පෙර එක් IPL තරගාවලියක් තුලදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ශතක ගණන වන්නේ 04කි. ජෝෂ් බට්ලර් විසින් එම වාර්තාවට හිමිකම් කියනු ලබයි.

ගුජරාට් ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ශුබ්මන් ගිල් සහ සායි සුදර්ශන් ලකුණු 138ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවේය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 233ක් රැස් කර ගැනීමට සමත් විය.

ගුජරාට් ටයිටන්ස් ඉනිමට හයේ පහරවල් 13ක් සහ හතරේ පහරවල් 18ක් ඇතුලත් විය.

IPL

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලකුණු 234ක ඉලක්කයක් හඹා යාමට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 21කදී දැවී ගියේය.

මුම්බායි ඉනිමේ තෙවන කඩුල්ල සඳහා තිලක් වර්මා සහ සුර්යකුමාර් යාදෙව් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.

සිය කණ්ඩායම වෙනුවෙන් තිලක් වර්මා පන්දු 14කදී වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 05ක් ඇතුලත් විය.

තරගාවලිය පුරාවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ බලාපොරොත්තුව වූ සුර්යකුමාර් යාදෙව් 38 කදී ලකුණු 61ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.

ගුජරාට් ටයිටන්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහිත් ෂර්මා ලකුණු 10 කට මුම්බායි පිලේ කඩුලු පහක් දවා ගනු ලැබුවේය.

ගුජරාට් ටයිටන්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහිත් ෂර්මා ලකුණු 10 කට මුම්බායි පිලේ කඩුලු පහක් දවා ගනු ලැබුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුජරාට් ටයිටන්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහිත් ෂර්මා ලකුණු 10 කට මුම්බායි පිලේ කඩුලු පහක් දවා ගනු ලැබුවේය.

තරගයේ දී වැඩිම අවධානය හිමි ක්‍රීඩකයින් කවුරුන් ද ?

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක මීට පෙර අවස්ථා තුනකදී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට මුම්බායි පිල සමත්විය.

Mumbai Indians' Ishan Kishan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මුම්බායි ඉන්දියන්ස් - පිතිකරුවන්

සුර්යකුමාර් යාදෙව්

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත්වූ පිතිකරුවෙකු ලෙස සූර්යකුමාර් යාදෙව් හැඳින්විය හැක.

තරගාවලිය ආරම්භයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඔහුට නොහැකි වුවද ඔහු ඉන් පසුව සිය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වී ඇත.

සූර්යකුමාර් යාදෙව් තරග 15 කදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 544ක් රැස්කරගෙන සිටින අතර ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍ය 41.85ක් වේ.

ඉෂාන් කිෂන්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන ඉෂාන් කිෂාන් මෙවර IPL තරගාවලියේ තරග 15කදී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 454ක් රැස් කරගෙන සිටින අතර ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍ය 30.27ක් වේ.

කැමරන් ග්‍රීන්

ඕනෑම අවස්ථාවක දී තරගයක් උඩු යටිකුරු කළ හැකි පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින කැමරන් ග්‍රීන් මෙවර IPL තරගාවලියේ දී තරග 15 කදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 422ක් රැස් කරගෙන සිටියි. ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍ය 52.75ක් වේ.

මුම්බායි ඉන්දියන්ස් - පන්දු යවන්නන්

පියුෂ් චව්ලා

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභින් අතරින් තෙවන ස්ථානයේ පසුවන්නේ මුම්බායි ඉන්දියන්ස් පිලේ පියුෂ් චව්ලාය.

ජේසන් බැරන්ඩෝෆ්

මෙවර අයි පි එල් තරගාවලියේ තරග 11කදී කඩුලු 14ක් දවා ගැනීමට සමත්ව ඇති ජේසන් බැරන්ඩෝෆ් ගේ හොදම පන්දු යැවීම ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීම ලෙස සටහන්වී තිබේ.

ආකාෂ් මඩ්වාල්

මෙවර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල මුහුණ දුන් සුදුසුකම් ලැබීමේ තරගයේදී කඩුලු පහක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වූයේ ආකාෂ් මඩ්වාල්ය.

ආකාෂ් තරග 07කට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවා ගැනීමට සමත්වූ අතර ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 05කට කඩුලු පහක් දවා ගැනීමයි.

Wriddhiman Saha of Gujarat Titans

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම - පිතිකරුවන්

ශුබ්මන් ගිල්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ ශුබ්මන් ගිල්ය. ඔහු තරග 15කදී ලකුණු 722ක් රැස් කර ගෙන සිටියි. ඔහු මෙවර අයි පි එල් තරගාවලියේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 04ක් රැස් කර ගැනීමට සමත්ව ඇත.

ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍යය 55.54ක් වේ.

විජෙයි ශංකර්

මෙවර් අයි පි එල් තරගාවලියේ තරග 10කදී ලකුණු 301ක් රැස් කර ගෙන සිටින විජෙයි ශංකර් අර්ධ ශතක 03ක් රැස්කර ගැනීමට සමත්විය.ඔහුගේ පන්දුවට පහර දීමේ සාමාන්‍ය 37.63ක් වේ.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම - පන්දු යවන්නන්

මොහොමඩ් ශාමි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ මොහොමඩ් ශාමිය. ඔහු තරග 15 කදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 11කට කඩුලු 4ක් දවා ගැනීමයි.

රෂිඩ් ඛාන්

අයි පි එල් තරගාවලියේ පන්දු යවන්නන් අතරින් දෙවන වැඩිම කඩුලු ලාභියා වන්නේ රෂිඩ් ඛාන්ය. ඔහු තරග 15කදී කඩුලු 25ක් දවා ගැනීමට සමත්ව ඇත. ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීම මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

මොහිට් ෂර්මා

මෙවර තරගාවලියේ තරග 12කදී කඩුලු 19ක් දවා ගැනීමට සමත්වූ මොහිට් ෂර්මා සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වී ඇත.