මෙවර IPL පිටියට කඩා වැඳුණු 'සුළඟේ දරුවා' කවුද ?

2024 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට උත්කර්ශවත්ව පැවැත්වෙමින් ඇත්තේ දින දින සුපිරි වාර්තාමෙන් ම සහ ක්‍රීඩා කුසලතා විදහා දක්වමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉයන් බිෂොප් විසින් මයාන්ක් යාදෙව් හඳුන්වා දෙනු ලැබුවේ 'සුළඟේ දරුවා' යන අනුවර්ථ නාමයෙනි

2024 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට උත්කර්ශවත්ව පැවැත්වෙමින් ඇත්තේ දින දින සුපිරි වාර්තා සහ ක්‍රීඩා කුසලතා විදහා දක්වමිනි.

ලොව පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමිවන IPL තරගාවලිය සෑම වසරකම මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා පැවැත්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි ක්‍රිකට් තරු මෙන්ම නැඟී එන නවක ක්‍රිකට් තරුවලට සිය දක්ෂතා විදහා දැක්වීමට ඉඩ සලසා දෙමිනි.

2023 වසරේදී පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පිතිකරණයෙන් එලෙස සුපිරි දස්කම් අතරට පැමිණි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ යශස්වී ජයිස්වාල් මේ වන විට ඉන්දීය ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වී හමාර ය.

මෙවර IPL පිටියේ පෑයු තරු කවුද ?

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී මේ වන විට ගෙවී ගිය සති 03 ක කාලය තුළදී එක් නවක ක්‍රීඩකයෙකු ගැන ක්‍රිකට් ලොව අවධානය යොමු වී ඇත.

21ක් හැවිරිදී එම නවක ක්‍රීඩකයා නමින් මයාන්ක් යාදෙව්ය. දිල්ලියේ උපත ලබා ඇති ඔහු මෙවර IPL තරගාවලියේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල තරගයට එක්වුයේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිවය.

තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් වෙත නතුකර ගැනීමට මයාන්ක් යාදෙව් සමත් විය.

ඒ ඔහු විසින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ශිකර් ධවාන් වෙත යැවු පන්දුවක වේගය පැයට කිලෝමීටර් 155.8ක් ලෙස වේග මාපකවල සඳහන් වීම නිසා ය.

මයාන්ක් යාදෙව් නැවත වතාවක් පැයට කිලෝමීටර් 156.7ක වේගයෙන් පන්දු යැවීමට සමත් වුයේ මෙවර IPL තරගාවලියේ වේගවත්ම පන්දුව යැවු පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මයාන්ක් යාදෙව් පැයට කිලෝමීටර් 156.7ක වේගයෙන් පන්දු යැවීමට සමත් වුයේ මෙවර IPL තරගාවලියේ වේගවත්ම පන්දුව යැවු පන්දු යවන්නා බවට පත්වෙමිනි

ඉන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයේදී, මයාන්ක් යාදෙව් නැවත වතාවක් පැයට කිලෝමීටර් 156.7ක වේගයෙන් පන්දු යැවීමට සමත් වුයේ මෙවර IPL තරගාවලියේ වේගවත්ම පන්දුව යැවු පන්දු යවන්නා බවට පත්වෙමිනි.

මෙවර IPL තරගාවලියේ තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ඇති මයාන්ක් යාදෙව් ලකුණු 81 කට කඩුලු 06ක් දවා ගනු ලැබුවේ එම තරග දෙකේදීම තරගයේ වීරයා සම්මානය හිමිකර ගනිමින් වීම විශේෂත්වයකි.

ක්‍රිකට් ප්‍රවීණයින්ගෙන් පැසසුම්

එක රැයකින් ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගත් මයාන්ක් යාදෙව් ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පවා අදහස් පළ කර තිබුණේ ඔහුගේ දක්ෂතාවය ගැන ප්‍රශංසාවට ලක් කරමිනි.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන ඉයන් බිෂොප් මයාන්ක් යාදෙව් ගැන සිය අදහස් පළකරමින් ඔහුව හඳුන්වා සිටියේ " සුළඟේ දරුවා" යන අන්වර්ථ නාමයෙනි.

"පැයට කිලෝමීටර් 155.8ක වේගයක්. මයාන්ක් යාදෙව්, ඔබ කොහේද මෙපමණ කාලයක් හැංගිලා හිටියේ."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

" එය ප්‍රබල පන්දුවක්"

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ලොව දක්ෂතම වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් සිය X ගිණුමේ සටහනක් තබමින් මයාන්ක් යාදෙව් ගැන එලෙස අදහස් පළකර තිබුණි.

IPL තරගාවලියෙන් පසුව ඔහු එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ සංචිතයට ඇතුළත් විය යුතු බවට වන සංවාදයක් ඇති වනු ඇති බව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවෙකු ද වන ටොම් මුඩි අදහස් පළකරමින් පවසා තිබුණි..

මයාන්ක් යාදෙව් ගේ ගොදුරු බවට පත්වූ සුපිරි පිතිකරුවන්

IPL තරගාවලියේ දී මයාන්ක් යාදෙව් විසින් දවා ගනු ලැබූ සුපිරි පිතිකරුවන් කිහිප දෙනෙකුම වෙයි.

එංගලන්ත කණ්ඩායමේ ජොනි බෙයාර්ස්ටෝ, ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවන් වන ග්ලෙන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන් ගේ කඩුලු එලෙස දවා ගැනීමට ඔහු සමත් විය.

එමෙන්ම ඔහු අඛණ්ඩව සිය පන්දු යැවීමේදී පැයට කිලෝමීටර් 150කට වඩා වේගයෙන් පන්දු යැවීමට සමත් වනවා පමණක් නොවේ පන්දුව නිසි පරිදි පාලනය කරමින් කිසිදු අතිරේක ලකුණක් ලබා නොදීම ද ඔහු තුළ ඇති විශේෂත්වයක් වේ.

මෙවර IPL තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ දක්වා පැවති IPL තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණට පමණක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට අවස්ථාව හිමිවිය.

මතීෂ පතිරණ තමන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අවස්ථා දෙකේදී ක්‍රීඩා විචාරකයින් ගේ අවදානය දිනා ගනු ලැබුවේ පැයට කිලෝමීටර් 150 ක වේගය ඉක්මවා යමින් අවස්ථා කිහිපයකින් පන්දු යැවීම හේතුවෙන්ය.

මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ තරග දෙකේදී ලකුණු 60 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 03ක් දවා ගත් අතර එම තරගයේදී ඩේවිඩ් වෝනර් ගේ කඩුල්ල දවා ගැනීමට ඔහු රැක ගත් විශිෂ්ට උඩ පන්දුව ගැන බොහෝ ක්‍රීඩා විචාරකයින් ප්‍රශංසා කර සිටියේය.

ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද මෙවර IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග තුනකට ක්‍රීඩා කිරිමට අවස්ථාව හිමිවූ අතර එහිදී ඔහු ලකුණු 91කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.

මේ අතර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලට ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මේ දක්වා එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීම ගැන මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ විමතියට හේතු වී තිබේ.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 03ක් දවා ගත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 03ක් දවා ගත්තේය

වනිදු වෙනුවෙන් IPL ගිය යාපනේ තරුව

පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පාදඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට මෙවර IPL තරගාවලියට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නොහැකි බව පසුගියදා නිල වශයෙන් දැනුම් දෙනු ලැබිය.

එම දැනුම් දීමෙන් පසුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් යාපනයේ උපන් විජයකාන්ත් වියෙස්කාන්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ගිවිසුම් ගත කිරිමට තීරණය කළේ වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසය.

2020 වසරේදී විජයකාන්ත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලාබාලම ක්‍රීඩකයා ලෙස ජැෆ්නා ස්ටාලීන් කණ්ඩායම නියෝජනය කළේ ඔහුට වයස අවුරුදු 18යි දින 364ක් සම්පුර්ණව සිටියදීය.

2023 වසරේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් යාපනයේ උපන් විජයකාන්ත් වියෙස්කාන්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ගිවිසුම් ගත කිරිමට තීරණය කළේ වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් යාපනයේ උපන් විජයකාන්ත් වියෙස්කාන්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ගිවිසුම් ගත කිරිමට තීරණය කළේ වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසය

එමෙන්ම මුම්බායි එමිරේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ILT20 තරගාවලියේ තරග 04 කදී කඩුලු 08ක් දවා ගැනීමට ඔහු සමත් විය.

විජයකාන්ත් වියෙස්කාන්ත් 2023 වසරේ IPL තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දැල් තුළ පන්දු යවන්නෙකු ලෙස යොදා ගනු ලැබුවේ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර ගේ මැදිහත් වීමෙනි.

බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය පවා නියෝජනය කර ඇති විජයකාන්ත් මේ දක්වා විස්සයි 20 තරග 33 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 42කී.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වන මේ නවක දඟ පන්දු යවන්නාට එහිදී සිය පුහුණුකරු ලෙස හමුවන්නේ මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වීම සුවිශේෂි කරුණක් වනවා නොඅනුමානය.