එම්.එස්. දෝනි: 'විශ්‍රාම නොයෑමට ගත් තීරණය රසිකයින්ට ලබාදුන් විශිෂ්ට තෑග්ගක්'

Chennai Super Kings' captain Mahendra Singh Dhoni plays a shot during the IPL match on April 3

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ත්‍යාගයක්" ලෙස සිය කණ්ඩායමට සහ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අඩුම තරමින් තමන් තවත් එක් IPL තරග වාරයක් හෝ ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටින බව දෝනි පවසා ඇත.
    • Author, මෙරිල් සෙබෙස්තියන්
    • Role, බීබීසී පුවත්

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළුමනින්ම විශ්‍රාම ගැනීමට අපේක්ෂා කළ නමුත් රසිකයින්ගේ ආදරය, තවත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ රැඳී සිටීමට තමන්ව පෙළඹවූ බව 41 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා පැවසීය.

දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳුදා රාත්‍රියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් කුසලානය තමන් සතුකර ගත්තේය.

මෙම " සුබ පණිවිඩ දෙකෙන්ම" උද්දාමයට පත්වූ රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ එය විශාල ලෙස සමරනු ලැබිය.

දෝනි විශ්‍රාම නොයෑමට ගත් තීරණය ඔහුගේ කණ්ඩායමේ රසිකයින්ට ඔහු ලබාදුන් "විශිෂ්ට තෑග්ගක්" වෙතැයි චෙන්නායි සුපර් කිංග්ස් වෙත සහාය පළකරන්නෙක් පැවසීය.

"ඔයාගේ විශ්‍රාම ගැනීම ප්‍රකාශ නොකිරීමෙන් චෙන්නායි සුපර් කිංග්ස් සහ ක්‍රීඩා ලෝලීන්ට මේ මොහොත රස විඳීමට ඉඩ දීමට තරම් ඔයා නියම කෙනෙක් දෝනි " තවත් රසිකයෙක් ප්‍රකාශ කර තිබුණේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ලබා දුන් ලකුණු 171ක ඉලක්කය සාර්ථකව හඹා යමින්, රවින්ද්‍ර ජඩේජා විසින් අවසන් පන්දුවේදී එල්ල කළ හතරේ පහරත් සමග දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු පහකින් තරගය ජය ගනු ලැබීය.වාර්තාගත පස්වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ශූරතාව ජයග්‍රහණයෙන් පසු තමන් විශ්‍රාම නොයන බව ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි නිවේදනය කළේය.

Fans of Chennai Super Kings' captain Mahendra Singh Dhoni, cheer before the start IPL final cricket match

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂයෙන්ම මේ වසරේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කුසලානය දිනා ගන්නේ නම් දෝනි විශ්‍රාම යනු ඇතැයි රසිකයෝ අපේක්ෂා කළහ

කණ්ඩායමේ ජයග්‍රහණය සහයෝගය පළකරන්නන් පමණක් නොව ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයින් ද සමරනු ලැබීය.

තමන්ට " උපදේශකයෙකු " ලෙස දෝනිව හඳුන්වමින් ගුජරාට් ටයිටන්ස් පිලේ නායක හර්දික් පාණ්ඩ්‍යා කියා සිටියේ "මට පැරදෙන්නට සිද්ධ වුනොත්, ඔහු හමුවේ පැරදුනාට මට කමක් නැහැ" යනුවෙනි.

කොල්කතා හිදී කොල්කතා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව චෙන්නායි පිල තරග වැදුන අවස්ථාවේදී, ප්‍රේක්ෂකාගාර රැසක් චෙන්නායි පිලේ කහ වර්ණයෙන් දිස්විය. බොහෝ ප්‍රේක්ෂකයින් කොල්කතා පිලේ පැහැය වූ දම් පැහැති ඇඳුමෙන් නොව දෝනි ගේ රුව රැගත් කමිස වලින් සැරසී සිටින අයුරු දක්නට ලැබිණ.

විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙම වසරේ කුසලානය ජයග්‍රහණය කළහොත් දෝනි විශ්‍රාම ගනු ඇතැයි රසිකයින් අපේක්ෂා කළහ.

දෝනි 2007 වසරේ දී විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර 2011 දී ඉන්දීය කණ්ඩායමට එක්දින ලෝක ශුරතාවය දිනා දෙමින් කීර්තිය අත්පත් කර දුන්නේය. ඔහුටන ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණය කිරීමට ඉතිරිව ඇත්තේ ඉතා අල්පයක් පමණි.

ඔහු දක්ෂයින් රැසකට සිය උපදේශකත්වය ලබා දී ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් වේ.

Chennai Super Kings' captain Mahendra Singh Dhoni (R) and his Gujarat Titans' counterpart Hardik Pandya laugh during the toss before the start of IPL final

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා දෝනි හැඳින්වූයේ "උපදේශකයෙකු" ලෙසිනි

ඔහු දක්‍ෂතම ක්‍රිකට් නායකයකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ක්‍රීඩාවේ දක්ෂ උපායමාර්ගිකයකු පමණක් නොව තරග කියවන්නෙකු ලෙස ද ප්‍රසිද්ධය.

නමුත් දෝනි සම්මතය අනුගමනය නොකරන අතර, ඔහුගේ වෘත්තීය ජීවිතය ගොඩනැගී තිබුණේ අසාමාන්‍ය තේරීම් සහ විස්මයන් මත ය.

IPL තරඟාවලියේදී ඔහු "තරුණයන් සංවර්ධනය කරමින් වැඩිමහල් ක්‍රීඩකයින්ව ප්‍රතිනිර්මාණය කරමින්" සිටින බව විස්තර විචාරක සහ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ටොම් මූඩි පැවසීය.

සිය රසිකයන් වෙනුවෙන් තමන්ට තවත් එක් ජයග්‍රාහී වාරයක් ඉතිරිව ඇති බව දෝනි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ.

"මගේ විශ්‍රාම ගැනිම ප්‍රකාශ කිරීමට හොඳම කාලය මෙයයි," ඔහු පවසා සිටියේය. නමුත් "මේ වසරේ දී මා කොහේ සිටියත් ඔවුන් මට දැක්වූ ආදරය හා සෙනෙහස හේතුවෙන් තවත් මාස කිහිපයක් ලබා දෙන බව" ද ප්‍රකාශ කළේය.

"ත්‍යාගයක්" ලෙස සිය කණ්ඩායමට සහ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අඩුම තරමින් තමන් තවත් එක් IPL තරග වාරයක් හෝ ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටින බව දෝනි පවසා ඇත.

"ඔවුන් දක්වන ආදරය හා සෙනෙහස නිසා එය මම ඔවුන් වෙනුවෙන් කළ යුතු දෙයක් කියලා හිතනවා "යනුවෙන් ඔහු පවසා ඇත.