සිරියාව ලොවට තර්ජනයක් නොවේ - කැරලි නායක අහමඩ් අල්-ෂාරා, බීබීසීයට කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: බීබීසීය සිරියානු කැරලි නායක අහමඩ් අල්-ෂාරා සමග සම්මුඛ සාකච්ජාවක නිරත වෙමින්
    • Author, ජෙරමි බෝවන්
    • Role, ජාත්‍යන්තර කතෘ, බීබීසී ප්‍රවෘත්ති
  • කියවීමේ කාලය: මිනිත්තු 3

සිරියාවේ නිල නොලත් නායක අහමඩ් අල්-ෂාරා පවසා ඇත්තේ රට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවත්, සිරියාව අසල්වැසියන්ට හෝ බටහිරට තර්ජනයක් නොවන බවත්ය.

ඩැමස්කස් හිදී බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සිරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

"දැන්, සිදු වූ සියල්ලෙන් පසු, සම්බාධක ඉවත් කළ යුතුයි, මක්නිසාද ඒවා පැරණි පාලනය ඉලක්ක කර ගත් ඒවා බැවින්. වින්දිතයාට සහ පීඩකයාට එකම ආකාරයකින් නොසැලකිය යුතුයි," ඔහු පැවසීය.

සති දෙකකටත් අඩු කාලයකට පෙර බෂාර් අල්-අසාද්ගේ පාලනය පෙරළා දැමූ වේගවත් ප්‍රහාරයට ෂරා නායකත්වය දුන්නේය. ඔහු කැරලිකාර සන්ධානයේ ප්‍රමුඛ කණ්ඩායම වන හයාත් තරිර් අල්-ෂාම් (HTS) හි නායකයා වන අතර, ඔහු කලින් හඳුන්වනු ලැබූ නම වුයේ අබු මොහොමඩ් අල්-ජොලානි ලෙසයි.

HTS සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් ඉවත් කළ යුතු බව ද ඔහු පැවසීය. එය 2016 දී අල්-කයිඩාවෙන් බිඳී ගිය කණ්ඩායමක් ලෙස ආරම්භ වූ බැවින්, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය, තවත් බොහෝ පිරිස් විසින් එය එවැනි සංවිධානයක් ලෙස නම් කර ඇත.

HTS ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බව ෂාරා පැවසීය.

ඔවුන් සිවිල් ජනතාව හෝ සිවිල් ප්‍රදේශ ඉලක්ක කර නොගත් බවද ඔහු පැවසීය. ඇත්ත වශයෙන්ම, ඔවුන් අසාද් පාලනයේ අපරාධවලට ගොදුරු වූවන් ලෙස සලකන බව ඔහු පැවසුවේය.

සිරියාව ඇෆ්ගනිස්ථානයේ අනුවාදයක් බවට පත් කිරීමට ඔහුට අවශ්‍ය බවට පළවන දෑ ඔහු ප්‍රතික්ෂේප කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ෂාරා පැවසුවේ රටවල් දෙක එකිනෙකට වෙනස් සම්ප්‍රදායන් සමඟ බෙහෙවින් වෙනස් බවයි. ඇෆ්ගනිස්තානය ගෝත්‍රික සමාජයක් වූ අතර සිරියාවේ තිබුණේ වෙනස් මානසිකත්වයකි.

ඔහු කාන්තාවන් සඳහා අධ්‍යාපනය විශ්වාස කරන බව පැවසීය.

2011 සිට කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටින සිරියාවේ වයඹ පළාත ගැන සඳහන් කරමින්, "අපට ඉඩ්ලිබ්හි වසර අටකට වැඩි කාලයක සිට විශ්ව විද්‍යාල තිබෙනවා," ෂරා පැවසීය.

"මම හිතන්නේ විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය 60%කට වැඩියි."

මත්පැන් පානය කිරීමට අවසර දෙන්නේ දැයි ඇසූ විට, ෂාරා පැවසුවේ: "බොහෝ දේ නීතිමය ගැටළු නිසා කතා කිරීමට මට අයිතියක් නැහැ." යනුවෙනි.

"ව්‍යවස්ථාවක් ලිවීමට සිරියානු නීති විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් තිබෙනවා. ඔවුන් එය තීරණය කරනු ඇත. ඕනෑම පාලකයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති" බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ෂාරා සිවිල් ඇඳුමින් සැරසී සම්මුඛ සාකච්ඡාව පුරාම සැහැල්ලුවෙන් සිටි අතර, තම කණ්ඩායම එහි අන්තවාදී අතීතයෙන් බිඳී නැතැයි විශ්වාස කරන සියල්ලන්ටම සහතිකයක් දීමට උත්සාහ කළේය.

බොහෝ සිරියානුවන් ඔහුව විශ්වාස කරන්නේ නැත.

ඉදිරි මාස කිහිපය තුළ සිරියාවේ නව පාලකයින්ගේ ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ සිරියාව කුමන ආකාරයේ රටක් වනු ඇතිද යන්න සහ එය පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය ආකාරයයි.