අසාද් පාලනය අවසාන වීමෙන් කලාපයේ බල තුලනයට නැවත ඉඩක්
- Author, හියුගෝ බචේගා
- Role, මැද පෙරදිග වාර්තාකරු,තුර්කියේ සිරියා දේශ සීමාවේ සිට
සිරියාවේ වයඹ දෙසින් පිහිටි ඉඩ්ලිබ් කඳවුරේ සිට කැරලිකරුවන් විසින් පැවති රෙජීමයට එරෙහිව ඔවුන්ගේ විස්මිත කැරලි ව්‍යාපාරය ආරම්භ කරන ලද මොහොතේ, මීට සතියකට පෙර නම් බෂාර් අල්-අසාද්ගේ බිඳ වැටීම; අදහා ගත නොහැකි තරමේ දෙයක්ව තිබුණි.
මෙය සිරියාවට සන්ධිස්ථානයකි. වසර 29 ක් රට පාලනය කළ ඔහුගේ පියා හෆීස්ගේ අභාවයෙන් පසු 2000 වසරේදී දී අසාද් බලයට පත් විය. ඔහුගේ ඔහුගේ පියා මෙන් යකඩ හස්තයකින් එරට පාලන කළේය.
අසාද් ජූනියර්ගේ උරුමයට පත්වුයේ දැඩි පාලනයකට යටත් කරන ලද මර්දනකාරී දේශපාලන ව්‍යුහයක් වන අතර ඒ තුළ විරුද්ධවාදීන්ට ඉඩක් ලැබුණේ නැත.
මුලදී ඔහු වෙනස් අයෙකු විය හැකි බවට බලාපොරොත්තු වුයේ වඩා විවෘත වූ, අඩු ම්ලේච්ඡ ඇතැයි සිතමිනි, නමුත් එයට වුයේ අඩු ආයු කාලයකි.
2011 දී සිවිල් යුද්ධයකට තුඩු දුන් ඔහුගේ පාලනයට එරෙහි සාමකාමී විරෝධතා ප්රචණ්ඩ ලෙස මර්දනය කළ පුද්ගලයා ලෙස අසාද් සදාකාලිකව සිහිපත් වනු ඇත. මිලියන භාගයකට වඩා ජනතාවක් එහිදී මිය ගිය අතර තවත් මිලියන හයක් සරණාගතයින් බවට පත්විය.
රුසියාවේ සහ ඉරානයේ සහාය ඇතිව ඔහු කැරලිකරුවන් මර්දනය කොට සිය දිවි ගලවා ගත්තේය. සිරියාවට සහ අසල්වැසි ලෙබනනයේ තමන් සහාය දක්වන මිලීෂියාව වන හිස්බුල්ලා වෙත ඉරානය මිලිටරි උපදේශකයන් යැවූ අතර, හොඳින් පුහුණු වූ සටන්කාමීන් ද එහි යෙදවීය. රුසියාව සිය බලවත් ගුවන් බලය එහිදී භාවිතා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙවර එය එසේ සිදු වුයේ නැත. තම තමන්ගේ කටයුතු හේතුවෙන්; ඔහුගේ සගයන් අත්‍යවශ්‍යයෙන්ම ඔහුව අත්හැර දමන ලදී. ඔවුන්ගේ උදව් නොමැතිව, ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් (Hayat Tahrir al-Sham-HTS) විසින් නායකත්වය දුන් කැරලිකරුවන් නැවැත්වීමට ඔහුගේ හමුදාවන්ට නොහැකි විය.එසේම ඇතැම් ස්ථානවල දී පෙනෙන පරිදි අකමැති විය.
පළමුව, ඔවුන් පසුගිය සතියේ රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගත්තේ කිසිදු ප්රතිරෝධයකින් තොරව ය. ඉන්පසු හමා සහ දින කිහිපයකට පසු, හෝම්ස් හි ප්‍රධාන කේන්ද්‍රස්ථානය සහ ඩැමස්කස් හුදකලා කළේය. පැය කිහිපයකින් ඔවුහු අසාද්ගේ බලයේ ආසනය වූ අගනුවරට ඇතුළු වූහ.
දශක පහක අසාද් පාලනය අවසන්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අසාද් පවුලේ දශක පහක පාලනයේ අවසානය කලාපයේ බල තුලනය නැවත සකස් කරනු ඇත.
ඉරානය නැවතත් එහි බලපෑමට සැලකිය යුතු පහරක් එල්ල වූ බව දකිනු ඇත. අසාද් යටතේ සිරියාව ඉරාන සහ හිස්බුල්ලා අතර සම්බන්ධතාවයේ කොටසක් වූ අතර එය කණ්ඩායමට ආයුධ සහ පතොරම් මාරු කිරීම සඳහා ප්‍රධාන වූවකි.
ඊශ්‍රායලය සමග වසරක් පුරා පැවති යුද්ධයෙන් පසුව හිස්බුල්ලා සංවිධානය දැඩි ලෙස දුර්වල වී ඇති අතර එහි අනාගතය අවිනිශ්චිතය.
ඉරාන සහාය ලබන තවත් කණ්ඩායමක් වන යේමනයේ හූතිවරුන් ගුවන් ප්‍රහාරවලින් නැවත නැවතත් ඉලක්ක වී තිබේ. මෙම සියලු කණ්ඩායම්, ඉරාකයේ මිලීෂියා සහ ගාසාවේ හමාස්, ටෙහෙරානය විස්තර කරන්නේ ප්‍රතිරෝධයේ අක්ෂය ලෙස වන අතර එය දැන් බරපතල ලෙස හානි වී ඇත.
මෙම නව ස්වරූපය ඉරානය පැවැත්මට තර්ජනයක් ලෙස සලකන ඊශ්‍රායලයේ සමරනු ඇත.
තුර්කියේ ආශිර්වාදය නොමැතිව මෙම ප්‍රහාරය සිදු විය නොහැකි බව බොහෝ දෙනා විශ්වාස කරති. සිරියාවේ සමහර කැරලිකරුවන්ට සහාය දක්වන තුර්කිය, HTS වෙත සහාය දීම ප්‍රතික්ෂේප කර ඇත.
සිරියානු සරණාගතයින්ට නැවත පැමිණීමට ඉඩ දිය හැකි ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡාවල නිරත වන ලෙස ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් කලක සිට අසාද්ට බලපෑම් කළේය.
ඔවුන්ගෙන් අවම වශයෙන් මිලියන තුනක් තුර්කියේ සිටින අතර මෙය දේශීය වශයෙන් සංවේදජනක කරුණකි.
එහෙත් අසාද් එය ප්‍රතික්ෂේප කර තිබුණි.
අසාද් යනු දැකීම බොහෝ දෙනෙකුට සතුට දනවන්නකි.
නමුත් ඊළඟට සිදුවන්නේ කුමක්ද? HTS ගේ මූලයන් අල්-කයිඩාව වෙත ඇති අතර ප්රචණ්ඩ අතීතයක් ද ඔවුන්ට හිමිය.
ඔවුන් ජාතිකවාදී බලවේගයක් ලෙස නැවත සන්නාමයක් ඇති කරගැනීමට උත්සාහ කරමින් පසුගිය වසර කිහිපය ගත කළ අතර ඔවුන්ගේ මෑත පණිවිඩ වල රාජ්‍ය තාන්ත්‍රික සහ සහනශීලී ස්වරයක් ඇත.
නමුත් එය බොහෝ දෙනෙකුට තවමත් ඒත්තු ගැන්වී නැති අතර, පාලන තන්ත්රය පෙරලා දැමීමෙන් පසු ඔවුන් කිරීමට සැලසුම් කර ඇත්තේ කුමක්ද යන්න ගැන සැලකිලිමත් ය.
ඒ අතරම, මෙම නාටකීය වෙනස්කම් භයානක බල රික්තයකට තුඩු දිය හැකි අතර අවසානයේ අවුල් සහගත මෙන්ම පවතිනවාටත් වඩා ප්‍රචණ්ඩත්වයකට ද හේතු විය හැක.














