ඊශ්‍රායලයෙන් ඉරාන හමුදා පරිශ්‍ර වෙත 'ඉලක්කගත' ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය පවසන්නේ තමන් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළ බව ය. ඊශ්‍රායල් හමුදාව කියා සිටියේ සෙනසුරාදා අලුයම එරට ප්‍රදේශ කිහිපයක හමුදා පරිශ්‍රවලට පහර දුන් බව ය.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) කියා සිටියේ තම ගුවන් යානා ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සහ අවි ආයුධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන ඇතුළු පරිශ්‍රවලට ප්‍රහාර එල්ල කළ බවත්, මෙම ප්‍රහාර අනාගතයේදී ඊශ්‍රායල් ආරක්ෂක බලකායට (IDF) ට “ගුවන් ක්‍රියාකාරකම්වලදී පුළුල් නිදහසක්”ලබා දෙනු ඇති බවය.
ඉරාන රාජ්‍ය මාධ්‍ය ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළේය.
ඔක්තෝබර් 1 වැනිදා ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බවට සති ගනනාවක් තිස්සේ විශාල බලාපොරොත්තුවක් පැවතුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජුලි මාසයේදී ඉරාන භූමියේදී හමාස් දේශපාලන නායකයා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කළ බව ටෙහෙරානය එකල ප්‍රකාශ කළේය. ඉරානයෙන් එල්ල වූ බොහෝ මිසයිල ප්‍රහාර ඊශ්‍රායලය සහ එහි මිත්‍ර පාක්ෂිකයින් විසින් බිම හෙළන ලද නමුත් මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර සුළු ප්‍රමාණයක් එල්ල විය.
ඉරානයේ පිපිරීම් වාර්තා වීමට පටන් ගැනීමෙන් ටික වේලාවකට පසු සෙනසුරාදා මෙහෙයුමේ පිළිබඳ වගකීම භාර ගනිමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ: "අපගේ ගුවන් යානා ආරක්ෂිතව ආපසු මව්බිමට පැමිණියා." යනුවෙනි.
ඊශ්‍රායල් ආරක්ෂක බලකා (IDF) ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ හමුදාව “තම මෙහෙවර ඉටු කර ඇතිබවත් “ඊශ්‍රායල් රාජ්‍යය ආරක්ෂා කිරීමට” ඔවුන්ගේ ඇති සූදානම පෙන්නුම් කළ බවත්ය.
ඉරාන බලධාරීන් ප්‍රකාශ කළේ ටෙහෙරාන්, කුසෙස්තාන් සහ ඉලාම් පළාත්වල ස්ථාන වලට ප්‍රහාර එල්ල වී ඇති බවයි. සමහර ස්ථානවල "සීමිත හානියක්" සිදු වුවද, ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන් බව ඉරාන හමුදාව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයේ සමීපතම මිත්‍රපාර්ශවික රටක් වන එක්සත් ජනපදය, ඊශ්‍රායලයට එරෙහි සෙනසුරාදා ප්‍රහාරය "ස්වයං ආරක්‍ෂාවේ අභ්‍යාසයක්" යැයි ප්‍රකාශ කළේය, එක්සත් රාජධානිය වෙනුවෙන් රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊශ්‍රායලයට "ස්වයං ආරක්‍ෂාවට අයිතියක්" ඇති බව ය.
ඉරාන බලධාරීන් ඊශ්‍රායලයට චෝදනා කර සිටියේ, ඉරානයේ ස්වෛරීභාවය උල්ලංඝණය කරමින් ජූලි මාසයේදී ටෙහෙරානයේ පිපිරීමකින් මියගිය හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේගේ මරණයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට පහර දුන් බව ය.
එම අවස්ථාවේදී ඉරානය පැවසුවේ, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මරා දැමූ බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට සහ ඉරානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර්-ජෙනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් මරා දැමූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාරය එල්ල කළ බව ය.
ඊශ්‍රායලය සෙනසුරාදා සිය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ධවල මන්දිර නිලධාරියෙකු පැවසුවේ ජනාධිපති ජෝ බයිඩන් “දැනුවත්කර ඇති අතර පවත්නා තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින” බව ය. එක්සත් රාජධානියේ රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ලන්ඩනය ද තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි.
කෙසේ වෙතත්, සෙනසුරාදා ඊශ්‍රායල ප්‍රහාරවලට එක්සත් ජනපදයේ සම්බන්ධයක් නොතිබූ බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙකු අවධාරණය කළේය.
ප්‍රහාරවල ප්‍රමාණය සහ නිශ්චිත ඉලක්ක තවමත් පැහැදිලි නැත.
නැවත දැනුම් දෙන තුරු සියලුම මාර්ගවල ගුවන් ගමන් අවලංගු කළ බව ඉරාන ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.
සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සිරියාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල සමහර හමුදා පරිශ්‍ර ඉලක්ක කර ඇති බවයි.















