රාහුල් ගාන්ධි: ඉන්දීය දේශපාලනික රාජවංශයේ 'යල්පැන ගිය' උරුමක්කාරයාගේ හෙට දවස කෙසේ වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රාහුල් ගාන්ධි යනු ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායකයා පමණක් නොව, එහි අතිශය ප්‍රසිද්ධ දේශපාලන රාජවංශයේ සාමාජිකයෙකි.
ඔහු, දශක ගණනාවක් පුරා ඉන්දීය දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් නේරු-ගාන්ධි දේශපාලන රාජවංශයේ උරුමක්කාරයා ය.
2004 වසරේදී, රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමෙති ආසනය සඳහා ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් විය. ඉන් ජයග්‍රහණය කළ ඔහු, ලෝක් සභාව නමින් හැඳින්වෙන ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට තේරී පත් විය.
එහෙත්, ඔහුගේ පක්ෂය වෙනුවෙන් මෙතෙක් මහ මැතිවරණයක් ජයග්‍රහණය කරවීමට ඔහුට හැකි වී නැත.
2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හමුවේ අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය.
54 හැවිරිදි ඔහු මෙතෙක් අමාත්‍ය ධූරයක් දරා නැත. එහෙත්, ඔහු විපක්ෂයේ වඩාත් ප්‍රසිද්ධ චරිතය බවට පත්ව සිටින්නේ, ප්‍රධාන වශයෙන් ඔහුගේ දේශපාලනික පසුබිම හේතුවෙනි.
මුල් දිවිය
රාහුල් ගාන්ධි 1970 ජූනි මස 19 වන දින උපත ලැබූ අතර, හොඳ ම ඉන්දීය පාසල්වලට ගොස්, අමෙරිකාවේ ඉගෙනුම ලබා, 2002 වසරේදී නැවත මුම්බායිහි රැකියාවට ඒමට පෙර ලන්ඩන් නුවර සේවය කළේ ය. ඔහු සෑම විට ම දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ වෙන්ව සිටි මිනිසෙකු ලෙස දක්නට ලැබිණි. ඒ වෙනුවට බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ, ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා පවුලේ දේශපාලන වගකීම තමන් අතට ගනු ඇති බවයි.
2004 වසරේ මහ මැතිවරණයට පෙර නිල වශයෙන් දේශපාලනයට පිවිසීමට ගාන්ධි ගත් තීරණය බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු විය.
ඔහු නිරන්තරයෙන් පෙනුණේ, දේශපාලන ජීවිතයට වඩා ක්‍රිකට් තරගවලට සහ එළිමහනට වැඩි කැමැත්තක් දක්වන ලැජ්ජාශීලී මිනිසෙකු ලෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලනික රාජකීයයෙක්
ඔහුගේ මුත්තා වූ ජවහර්ලාල් නේරු, නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා විය.
ඔහුගේ මිත්තණිය වූ ඉන්දිරා ගාන්ධි සහ පියා වූ රජිව් ගාන්ධි ද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු වූහ. වසර 7ක පරතරයක් තුළ ඔවුන් දෙදෙනා ම ඝාතනය කරනු ලැබූහ.
2007 වසරේ සැප්තැම්බර් මාසයේදී ගාන්ධි, කොන්ග්‍රස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස නම් කරන ලද අතර, ඉතාලියේ උපන් ඔහුගේ මව වන සෝනියා ගාන්ධි සභාපති ධූරයේ රැඳී සිටියා ය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය පුත්‍රයාට පාලනය භාර දෙන තෙක්, සෝනියා ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ උපසභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, 2013 වසරේදී ය.
ගාන්ධි පවුලේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය දශක පහකට අධික කාලයක් ඉන්දියාව පාලනය කළේ ය. ඔවුන්ගේ ආධිපත්‍යය අවසන් වූයේ, 2014 වසරේදී භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය වීමෙනි. ගාන්ධිගේ රාජවංශික දේශපාලනය සම්බන්ධයෙන් මෝදි නිරන්තරයෙන් චෝදනා කරන අතර, ඔහු රාහුල් ගාන්ධි හඳුන්වන්නේ, "යල්පැන ගිය කුමාරයෙකු" ලෙස ය.
රාහුල් ගාන්ධි අවඥාවට ලක්කිරීම
ගාන්ධි පක්ෂයේ පුළුල් පදනමේ ආකර්ෂණය දිනා ගත් අතර, 2014 වසර වන විට කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස සලකනු ලැබීය. ඔහු නිල වශයෙන් 2017 වසරේදී පක්ෂයේ සභාපති ධූරයට පත් විය.
2014 වසරේදී කොංග්‍රස් පක්ෂය එහි දරුණුතම පරාජය අත්විඳින විට, ඉන්දියාවේ ආසන 543න් 44ක් පමණක් දිනාගත් අවස්ථවේ, ඔහු භාරතීය ජනතා පක්ෂයේ අවඥා කිරීම්වල ඉලක්කයක් බවට පත් විය.
ඔහු "පප්පු" (කුඩා පිරිමි ළමයෙකු අමතන අන්වර්ථ නාමයක්) හෝ සිම්පල්ටන් වැනි අන්වර්ථ නම් ඔහුට දීර්ඝ කාලීනව බලපෑවේ ය. ප්‍රවීණයන්ගේ අදහස වූයේ, ඔහුගේ සන්නිවේදන කුසලතා සහ නිරන්තරයෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා ඔහු බැරෑරුම් නොවන නායකයෙකු ලෙස පෙනී යන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසු බැසීම
2014 මැතිවරණය නරක වූවා නම්, 2019 මැතිවරණය එතරම් නරක් වූයේ නැත. එවර, කොංග්‍රස් පක්ෂය ආසන 52ක් දිනා ගත්තේ ය.
පරජයේ වගකීම රාහුල් ගාන්ධි පෞද්ගලිකව භාර ගත් අතර, පක්ෂ නායකත්වයෙන් ඉවත් විය.
ඔහු සිය පවුලේ ආසනය වූ උත්තර් ප්‍රදේශ් පාන්තයේ අමෙති ආසනයෙන් ද පරාජයට පත්විය. කෙසේ වෙතත්, ඉන්දීය නීතිය අනුව මැතිවරණයකදී ආසන දෙකක් වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂකයින්ට ඉඩ සලසන අතර, ඔහු කේරළ ප්‍රාන්තයේ ආසනයක් දිනා ගැනීමෙන් මන්ත්‍රී ධූරයේ රැඳී සිටියේ ය.
ගාන්ධි තවදුරටත් කොංග්‍රස් පක්ෂයේ නිල නායකයා නොවනු ඇතත්, මෙවර මැතිවරණයේදී තවමත් ක්‍රියාකාරීව සිටී. ඔහු කේරළයේ වයනාද්හි සිට, රැස්වීම්වලදී ආවේගශීලී කතා පවත්වමින්, මාර්ග සංදර්ශනවලට සහභාගී වෙමින්, පක්ෂ සේවකයන් සහ ආධාරකරුවන් සමග රැස්වීම් පවත්වා ඇත.
ඔහු වෙනත් රටවල සංචාරය කරමින්, කීර්තිමත් විශ්වවිද්‍යාලවල දේශන පවත්වමින් සහ ලොව පුරා සිටින ඉන්දීය ප්‍රජාවන් වෙත සමීප වීමට සංචාරවලට සහභාගි වෙමින් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාගමන්
2024 වසරේ ජනවාරි මාසයේදී ගාන්ධි ඉන්දියාව හරහා 'භාරත් ජෝදෝ න්‍යායි යාත්‍රා' (එක්සත් ඉන්දීය යුක්තිය උදෙසා වන පාගමන) නමින් කිලෝමීටර් 6,700 (සැතපුම් 4,163) දිග පා ගමනක් ආරම්භ කළේ ය.
එය ඊසාන දිග පිහිටි මනිපූර් ප්‍රාන්තයේ අගනුවර වන ඉම්ෆාල් නගරයෙන් ආරම්භ වූ අතර, මුම්බායි නගරයෙන් අවසන් විය.
එම පාගමන ආරම්භ වූයේ, ගාන්ධි රටේ දකුණු කෙළවරේ පිහිටි කන්‍යාකුමාරි සිට උතුරේ ඉන්දීය පාලිත කාශ්මීරයේ පිහිටි ශ්‍රීනගර් දක්වා ගමන් කළ කිලෝමීටර් 4,000කින් යුත් "එකමුතු පා ගමන" පවත්වා වසරකට ආසන්න කාලයකට පසුව ය.
ඇතැම් විශ්ලේෂකයින් සහ ආධාරකරුවන් එම පාගමන දුටුවේ, පක්ෂයට සහ ඔහුගේ ප්‍රතිරූපයට නව ජීවයක් ලබා දීමක් ලෙස ය.
කෙසේ වෙතත්, මෙවැනි පාගමන් හරහා ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ආසන වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත හැකි වේ ද? යන්න පිළිබදව විශ්ලේෂකයෝ සැක පළ කරති.
සිරගත වීම ආසන්නයට ම
ඉන්දීය බලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මෝදි නම් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ වාසගම සමග අග්‍රාමාත්‍යවරයාගේ වාසගම සම්බන්ධ කිරීම නිසා ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් පසුගිය වසරේදී නියම විය.
ගාන්ධි පවසන්නේ, තමාට එරෙහි චෝදනා දේශපාලනිකව අභිප්‍රේරණය වූ ඒවා බවත්, මහ මැතිවරණයට පෙර හොඳින් සැලසුම් කළ ඒවා බවත් ය. එම චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට පැනවූ දඬුවම අත්හිටුවා තිබේ.














