බූසාන් සම්මානයෙන් පිදුම් ලද ප්‍රසන්න විතානගේගේ දෙරටකට අයිති සිනමා කෘතිය

Paradise

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Vithanage/Facebook

පාරාදීසයක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින බොඳ වී ගිය බවක් පෙනුණ ද, ඒ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ප්‍රතිනිර්මාණය කරමින් ලාංකික සිනමා ප්‍රේක්ෂකයින්ට අපේක්ෂාවක් දැල්වීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා (ඔක්:13) සමත් විය.

ඒ, දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය දිනා ගනිමිනි.

සම්මානය හිමි වූයේ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පැරඩයිස්' චිත්‍රපටයේ විශිෂ්ටත්වය වෙනුවෙනි.

මෙවර ජීසොක් සම්මානය සඳහා ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්ථානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරා ගෙන තිබිණි.

විශේෂ කරුණක් වූයේ, 'පැරඩයිස්' චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේ ම නියෝජනයක් ලෙස එම සම්මාන උළෙල නියෝජනය කිරීම ය.

බූසාන් සිනමා උළෙලේ නිර්මාතෘවරයෙකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්‌ගේ චිත්‍රපට සඳහා පමණක් සීමා වෙයි.

මොකක් ද මේ සම්මානනීය 'පැරඩයිස්'?

"පාරාදීසයක් විදිහට හඳුන්වපු රටක ආර්ථික අර්බුදයත් සමග ඇති වූ පෙරළිය සහ ජනතාව මුහුණ දුන් අත්දැකීම් තමයි මේ සිනමා පටයෙන් පැහැදිලි කරන්නේ. ඒ වෙලාවේ ඉන්දියාවේ රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අඩු වුණා ම ඉන්දියානුවන් බොහෝ දෙනෙක් කල්පනා කළා ශ්‍රී ලංකාවට යන එක හොඳයි කියලා. ඉතින් එහෙම ලංකාවට ඉන්දියාවෙන් ආව තරුණ යුවළක් මුහුණ දෙන අත්දැකීම් මත තමයි මේ චිත්‍රපටය දිග හැරෙන්නේ," ජීසොක් සම්මානය හිමි කර ගැනීමෙන් පසු දකුණු කොරියාවේ සිට බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රසන්න විතානගේ පැවසීය.

පාරාදීසයක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින බොඳ වී ගිය බවක් පෙනුණ ද, ඒ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ප්‍රතිනිර්මාණය කරමින් ලාංකික සිනමා ප්‍රේක්ෂකයින්ට අපේක්ෂාවක් දැල්වීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා (ඔක්:13) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Vithanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන 'පැරඩයිස්' චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් ෆිල්ම්ස් සමාගම යි.

මෙය ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කලාකෘතියක් ලෙස නිර්මාණය වී තිබේ

"ඉන්දියාවේ මුම්බායිවල ජීවත් වන මලයාලම් යුවළක් ඔවුන්ගේ 5 වන විවාහ සංවත්සරය සැමරීමට ලංකාවට එනවා. ඒ යුවළ වෙනුවෙන් මම යොදා ගත්තේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වෙන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන්. ඔවුන් සමග වැඩ කරන එක ඉතා ම පහසු වුණා. ශාරීරිකව සහ මානසිකව ඔවුන් අපේ වැඩේට උපරිම දායකත්වයක් ලබා දුන්නා. අපේ රටට ඒ වගේ වෘත්තීය නළු නිළියන් අවශ්‍ය යි," ප්‍රසන්න විතානගේ ප්‍රකාශ කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන 'පැරඩයිස්' චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් ෆිල්ම්ස් සමාගම යි.

මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිර ගත කරවන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවළක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමග ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් පිරිසක් පැරඩයිස් සඳහා රාංගනයෙන් දායක වී සිටිති.

Jaya Jaya Jaya Jaya Hey, C U Soon, Koode වැනි මලයාලම් සිනමා පට හරහා ජනප්‍රියත්වයට පත් දර්ශනා රාජේන්ද්‍රන් 2022 වසරේ තිරගත වූ Hridayam චිත්‍රපටය හරහා වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වූවා ය.

Anandam, Thottappan, Kappela, Moothon ආදී මලයාලම් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති රෝෂන් මැතිව්ට, චියාන් වික්‍රම්ගේ Cobra නමැති දමිළ චිත්‍රපටයටත්, ආලියා භාත්ගේ Darlings නමැති හින්දි චිත්‍රපටයටත් දායක වීමට අවස්ථාව හිමි විය.

ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වන රජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, K සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සිනමා පටයට දායක වී තිබේ.

පාරාදීසයක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින බොඳ වී ගිය බවක් පෙනුණ ද, ඒ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ප්‍රතිනිර්මාණය කරමින් ලාංකික සිනමා ප්‍රේක්ෂකයින්ට අපේක්ෂාවක් දැල්වීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා සිකුරාදා (ඔක්:13) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Vithanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිර ගත කරවන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඉන්දීය නිෂ්පාදකයෙකු ලැබුණු හැටි

"මේ චිත්‍රපටයට මූල්‍යමය අර්ථපතීත්වය සැලසෙන්නේ ඉන්දීය සමාගමක් හරහා. ඒක ඇත්තට ම කේරළයේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක්. ඔවුන් මේක කරන්න ඉදිරිපත් වුණේ, විශේෂයෙන් ම මේ තිර රචනය මා අතින් සම්පාදනය වුණාට පස්සෙ තිර රචනය දැකලා, ඔවුන්ට ඒක යොමු කළේ මගේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා. ඔහු ඉන්දීය කැමරා අධ්‍යක්ෂවරයෙක් වන රජිව් රවී. ඉතින් ඔවුන් ඒකට දායකත්වය දක්වන්න කැමති වුණා," ප්‍රසන්න විතානගේ පැවසීය.

මෙම චිත්‍රපටය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව ද චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

චිත්‍රපටය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Vithanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රපටය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මනිරත්නම්ගේ අගැයීම

මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ඉන්දීය සම්මානනීය සිනමාකරුවෙකු වන මනිරත්නම් දැක්වූ අදහස් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙසේ ය.

''පාරාදීසයේ සමාජීය මෙන් ම ආර්ථික වශයෙන් ද කඩා වැටීමක් ඇති වන විට, ස්ත්‍රී-පුරුෂ සබඳතා නැවත අගැයීමක් සිදු වන විට, ඉතිහාසයේ කීර්තිමත් භූමියක් වර්තමාන ගැටලුකාරී කාලවලදී පිළිබිඹු වන ආකාරය ප්‍රතිනිර්මාණය වන, 'පාරාදීසය' චිත්‍රපටය, දැක්මක් සහිත චිත්‍රපටයක්."

චිත්‍රපටය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව ද චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Vithanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සම්මානය හිමි වූයේ, ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පැරඩයිස්' චිත්‍රපටයේ විශිෂ්ටත්වය වෙනුවෙනි.

ප්‍රසන්න විතානගේගේ බූසාන් සිනමා මතක

1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටයට හිමි විය.

එය ඔහු නිර්මාණය කරන ලද දෙවන චිත්‍රපටය මෙන් ම ඔහු ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ මුල් ම අවස්ථාව විය.

බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ, අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.

ඉන්පසු 28 වන සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවෙකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරග වැද සම්මානයට පාත්‍රවීම බූසාන් උලෙළේ ද විශේෂ සිදුවීමක් විය.

ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල අතර දකුණු කොරියාවේ බූසාන් සිනමා උළෙලට හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි.

ප්‍රසන්න විතානගේගේ සිනමා දායකත්වය

1991 වසරේදී ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටය හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රසන්න විතානගේ, මේ වන විට චිත්‍රපට 11ක් පමණ අධ්‍යක්ෂණය කර ඇති ප්‍රවීණයෙකි.

එම චිත්‍රපට මෙසේ ය.

  • සිසිල ගිනි ගනී - 1991
  • අනන්ත රාත්‍රිය - 1996
  • පුර හඳ කළුවර - 1997
  • පවුරු වළලු - 1997
  • ඉර මැදියම - 2003
  • ආකාස කුසුම් - 2008
  • ඔබ නැතුව ඔබ එක්ක - 2012
  • උසාවිය නිහඬයි - 2015
  • තුන් දෙනෙක් - 2018
  • ගාඩි - 2019
  • පැරඩයිස් - 2023

එම චිත්‍රපට වෙනුවෙන් ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන, සිග්නිස් සම්මාන ආදී දේශීය සම්මාන පමණක් නොව බූසාන්, නෙට් පැක්, IFFF ආදී ජාත්‍යන්තර සම්මාන රැසක් ද හිමි වී තිබේ.