20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව එංගලන්තයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව එංගලන්තය අද ( නොවැම්බර් 13 වැනිදා) හිමිකර ගත්තේය.
ඒ පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගය කඩුළු 5කින් ජය ගනිමිනි.
කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8කට ලකුණු 137ක් රැස් කළේය.
ලකුණු 138 ඉලක්කයක් හඹාගිය එංගලන්තය පන්දුවාර 19ක් අවසානයේ ජයග්‍රහාහී ඉලක්කයට ළඟා විය.
බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 ක් රැස් කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
2019 වර්ෂයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනූ එංගලන්තය, පන්දුවාර 50 තරගවල වත්මන් ක්‍රිකට් ලෝක ශූරයන් වන අතර ඔවුන් අද තරග බිමට පිවිසුණේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවද තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.
20/20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා පකිස්ථානය අතර අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) අද (නොවැම්බර් 13 වැනිදා) පස්වරු 1.30ට ආරම්භ විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
වර්ෂාවෙන් බාධා වුණොත් සිදු වන්නේ කුමක්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තරගය පැවැත්වෙන මෙල්බර්න් නගරයට අද දිනයේ වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළව ඇති අතර මේ හේතුවෙන් සඳුදා දිනය ද අවසන් මහා තරගය සඳහා අමතර දිනයක් ලෙස වෙන් කර තිබේ.
අද දිනය සඳහා කාලගුණ අනාවැකිය යම් තරමකින් යහපත් ලෙස වැඩිදියුණු වී ඇති නමුත් තවමත් වර්ෂාවෙන් බාධා ඇති වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
කෙසේවෙතත් අද දිනයේම තරගය අවසන් කිරීමට සංවිධායකයින් සෑම උත්සාහයක්ම දරනු ඇත.
පන්දුවාර සංඛ්‍යාව සීමා කළහොත් අවම වශයෙන් එක් ඉනිමකට ඕවර 10 කි.
එසේ තරගය සම්පූර්ණයෙන් පැවැත්වීමට නොහැකි වුවහොත් නතර කළ ස්ථානයේ සිට සඳුදා දිනයේදී තරගය ආරම්භ කිරීමට නියමිතය.
තරගය සම්පූර්ණ කිරීම සඳහා සංවිධායකයින් නියමිත වේලාවට වඩා වැඩි කාලයක් වෙන් කර ඇත.
නමුත් අද දිනය හෝ හෙට දිනය තුළ තරගය අවසන් කිරීමට නොහැකි වුවහොත් පකිස්ථානය සහ එංගලන්තය 20/20 ලෝක ක්‍රිකට් කුසලානය සමව හිමිකර ගැනීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය "100% ක වැසි ඇතිවීමේ සම්භාවිතාවක් පුරෝකථනය කරයි.
කාලගුණ අනාවැකියට අනුව අද දිනයේ මිලිමීටර් 10-20 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකිය.
පකිස්ථානය 1992 මතකය යළි අලුත් කරයිද?
1992 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගය ද මෙම ක්‍රිඩාංගණයේදීම පැවැත්වුණ අතර එම සුප්‍රසිද්ධ තරගය පකිස්ථානය ලකුණු 22 කින් ජයග්‍රහණය කළේය.
එම තරගාවලියේදී පකිස්ථානය ඔවුන්ගේ පළමු තරග පහෙන් එකක් පමණක් ජයග්‍රහණය කළත් පසුව කැපී පෙනෙන පෙරළියක් ඇති කරමින් අවසන් මහා තරගයට ප්‍රවිෂ්ට විය.
අහඹු ලෙස, මීට වසර 30 කට පෙර ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ද පකිස්ථානය හා නවසීලන්තය මුණගැසුණු අතර, මෙවර අවසන් පුර්ව තරගයේදී මෙන්ම ප්‍රතිවාදී නවසීලන්තය තරගාවලියෙන් ඉවත් කර දැමීමට පකිස්ථානය කණ්ඩායම සමත් විය.
පකිස්ථාන කණ්ඩායම 1992 ක්‍රිකට් ලෝක කුසලානය ජයගනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙනි.
කෙසේවෙතත් පකිස්ථානය සහ එංගලන්තය 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී මීට පෙර 2009 වර්ෂයේදී ඕවල් ක්‍රීඩාංගනයේදී සහ 2010 වර්ෂයේදී බ්‍රිජ්ටවුන් හිදී දෙවතාවක් මුණගැසුණු අතර එම අවස්ථා දෙකේදීම එංගලන්තය ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.
අද තරගය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන තරගය නැරඹීම සඳහා 90,000කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් සහභාගිවනු ඇතැයි අපෙක්ෂිතය.
එම ක්‍රීඩා ලෝලීන් අතුරින් පකිස්ථානයට විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයේදී කඩුළු 7කින් පරාජය කරමිනි.
තරගාවලියේදී පකිස්ථානය ඉතා අසීරු ආරම්භයක් ලබා ගත් අතර, ඉන්දියාව හා සිම්බාබ්වේ කාණ්ඩායම් සමග පැවති පළමු තරග දෙකම පරාජයට පත්වූ ඔවුහූ පිට පිට තරග හතරක් ජය ගනිමින් අවසන් මහා තරගයට පිවිසීමට සමත් වූහ.
එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගය කඩුළු 10කින් විශිෂ්ට ලෙස ජය ලබමිනි.
එහිදී කැපීපෙන දක්ෂතාවක් වුයේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් වන ඇලෙස්ක් හේල්ස්ගේ සහ ජොස් බට්ලර්ගේ ප්‍රහාරත්මක පිති හරඹයයි.
ඔවුන් දෙදෙනාගේ නොබිඳුණු සබඳතාව ඉන්දියාවේ දරුණු පරාජයට හේතුවිය.
එංගලන්ත නායක ජොස් බට්ලර් පකිස්ථානයට එරෙහිව මෙල්බර්න්හිදී අද පැවැත්වෙන අවසන් මහා තරගය, පකිස්ථානයේදී පැවති තරග හතකින් සමන්විත තරගාවලියට වඩා වෙනස් අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂා කළේය.
"අපි මෑතකදී ඔවුන්ට එරෙහිව බොහෝ සෙයින් ක්‍රීඩා කළා. නමුත් ඇත්ත වශයෙන්ම, බොහෝ වෙනස් තත්ත්වයන් යටතේ. මම හිතන්නේ එය ප්‍රධාන සාධකය විය හැකියි. අපි තරග කිහිපයකදී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කර තිබුණත්, මෙල්බර්න්හිදී පැහැදිලිවම පකිස්ථානයේ පැවැති තරගාවලියට වඩා වෙනස් තරගයක් බලාපොරොත්තු වෙනවා. අපි විශිෂ්ට කණ්ඩායමකට එරෙහිව තරග කරන බව අපි දන්නවා. ලෝක කුසලාන අවසන් තරගයකදී ඔබ බලාපොරොත්තු වන්නේ එයයි." ජොස් බට්ලර් සඳහන් කළේය.
පකිස්ථාන නායක බාබර් අසාම් පෙන්වා දුන්නේ "එංගලන්ත කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම් වලින් එකක්. අපි ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ තරගාවලිය ඉතා තරගකාරී වුණා. එංගලන්ත ආරම්භක පිතිකරුවන්ගේ පන්දුවට පහරදීම කැපී පෙනෙන නමුත්, පකිස්ථාන වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය, ලොව හොඳම වේග පන්දු බල ඇණි වලින් එකක් බව පකිස්ථාන නායක බාබර් අසාම් සඳහන් කළේය.
දෙපිලම සති පහකට පෙර පකිස්ථානයේ පැවැති තරග 7කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය අවසන් කරනු ලැබුවේ එංගලන්තය තරග 4-3ක් ලෙස තරගාවලිය ජයගනිමිනි.
බට්ලර් එම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයන් යටතේ පැවැත්වෙන බවය.
තරගාවලියේ වීරයා තේරීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව
සෑම් කරන් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද ක්‍රීඩකයින් 9දෙනා අතරට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද එක්ව සිටියේය.
දක්ෂතම ක්‍රීඩකයා තේරීම සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ලොව අංක එකේ 20/20 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිදු හසරංගට අමතරව එංගලන්ත කණ්ඩායමෙන් ක්‍රීඩකයින් තිදෙනක්, පකිස්ථාන කණ්ඩායමෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්, ඉන්දියාවෙන් ක්‍රීඩකයින් දෙදනෛක් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයක්ද ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
එම ක්‍රීඩකයින් අතර එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, සෑම් කරන්, පකිස්ථානයේ ශදාබ් ඛාන් සහ ශහීන් අෆ්රිඩි, ඉන්දියාවේ විරාත් කෝලි සහ සූර්යකුමාර් යාදව් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා ද වෙති.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8 කට සහභාගිව ඇති වනිඳු හසරංග කඩුලු 15 ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර 20/20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේද වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වුයේ වනිඳු හසරංගය.













