ශ්‍රී ලංකාව සුපිරි දොළොස්දෙනාගේ වටයට

T 20 ක්‍රිකට් ලෝක කුසලානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2022 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තීරණාත්මක සුදුසුකම් ලැබීමේ තරගය ජයගනිමින් ශ්‍රී ලංකාව සුපිරි දොළොස්දෙනාගේ වටයට අද (ඔක්තෝබර් 20 වැනිදා) සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහි තරගය ජයගනු ලැබුවේ ලකුණු 16කිනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 6කට ලකුණු 162ක් රැස් කළේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 44කට ලකුණු 79ක් රැස් කළේ ය.

ලකුණු 163ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු නවයක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.

වනිදු හසරංග කඩුළු තුනක් සහ මහේෂ් තීක්ෂණ කඩුළු දෙකක් දවාගනු ලැබීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද තීරණාත්මක දිනයක් විය. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද (ඔක්තෝබර් 20) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් විය.

ශ්‍රී ලංකාව අද තරගබිමට පිවිසුනේ නෙදර්ලන්තයට එරෙහිව ය.

මෙරට වේලාවෙන් පෙරවරු 09:30ට තරගය ආරම්භ විය.

තරග ප්‍රතිඵල අනුව නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩය තුළ මේ වන විට ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසුවෙයි.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන අනෙක් තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වනු ඇති බව විචාරකයන් පවසා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය කිරීමට වර්ෂාව ද ප්‍රධාන සාධකයක් වනු ඇත්තේ ය.

නෙදර්ලන්ත කණ්ඩායම සමග අද පැවැත්වෙන තීරණාත්මක තරගය පිළිබඳව තරගයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළේ ය: "හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ UAE තරගය ජයගැනීම වැදගත් වුණා. ඒ වගේම ඉදිරි තරගයත් හොඳින් ක්‍රීඩා කරලා අපිට ඊළඟ වටයට යාම තමයි ඉතාමත් වැදගත් වන්නේ."

Team playing

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

අද ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබුණි. ඒ, ක්‍රිඩකයින් කිහිපදෙනෙකු ආබාධයන්ට ලක්වීම

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවති තරගයේ දී දුෂ්මන්ත චමීර පාදයේ ආබාධයකට ලක්විය.

ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලිය අහිමිවන අතර, දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ද තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව තවත් ආදේශකයින් කැඳවීමට ඉඩ ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ චමීරට පෙර වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට ද තරගාවලිය අහිමිවීම යි. ය.