ආර්ථික අර්බුදයේ දැඩි ආතතීන්ට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයින් ආසියානු කුසලානයේ උද්දාමයෙන් පිරීගිය හැටි

වීඩියෝ ශීර්ෂ වැකිය, ආසියානු කුසලානය ජය ගැනීමේ සතුට සැමරීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (සැප්. 12) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථානය පරදා විස්සයි විස්ස ආසියානු කුසලානය දිනාගැනීමේ සතුට සැමරීමට බොහෝ දෙනා එක්ව සිටියහ.

කොළඹ, ගාලු මුවදොර පිටිය ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර යොදා තිබූ අතර තරගය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

වසර අටකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර භානුක රාජපක්ෂ තරගයේ වීරයා ලෙසත්, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමිකර ගත්හ.