ලංකා කඩොලාන කෞතුකාගාරය බලන්න යමු ද?

කළපු ධීවරයකු ලෙස රැකියාව ආරම්භ කර, මේ වන විට දශක තුනක පමණ කාලයක් තිස්සේ මෙරට සිටින මුල් පෙළේ කඩොලාන සංරක්ෂකයෙකු වන ඩග්ලස් තිසේරා ලංකා කඩොලාන කෞතුකාගාරයේ ආරම්භය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කළපු ධීවරයකු ලෙස රැකියාව ආරම්භ කර, මේ වන විට දශක තුනක පමණ කාලයක් තිස්සේ මෙරට සිටින මුල් පෙළේ කඩොලාන සංරක්ෂකයෙකු වන ඩග්ලස් තිසේරා ලංකා කඩොලාන කෞතුකාගාරයේ ආරම්භය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියේය.

ඔහු හලාවත, පම්බල ඇති කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබයි.

“පටන් ගත්තේ කඩොලාන සංරක්ෂණ වැඩසටහනකින් පසුව ඒක විකාශනය වුණා. 1996 කඩොලාන මධ්‍යස්ථානයක් මෙතන හැදුවා. ඒක විකාශනය වෙලා 2016 දී අද තියෙන කඩොලාන කෞතුකාගාරය විවෘත කෙරුවා.”

කෘතිම ඉස්සන් වගාවට අවශ්‍ය ගොවිපොළවල් සෑදීමටත්, ලුණු කර්මාන්තයට අවශ්‍ය භූමිය ලෙස මෙන්ම සංචාරක හෝටල් හා සංචාරක කර්මාන්තය නිසාත් රට පුරා කඩොලාන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය. “මම ධීවරයෙක්. 1985 අවුරුද්දේ කෘතිම ඉස්සන් ආවා පුත්තලම දිස්ත්‍රික්කයට.මේ කෘතිම ඉස්සන් වගාව ආවා කියන්නේ කඩොලාන විනාශය ආරම්භ වුණා. ඒක එක්ක මම ලොකු අරගලයක් කෙරුවා මේ කර්මාන්තයට විරුද්ධව. ඒ අරගලය කරන අතරතුර තමයි ලංකා සුධීස සම්මේලනය ඇවිත් සංවිධාන හැදුවේ. එතකොට මේ ගමෙත් සංවිධානයක් හැදුවා. ඒකේ සභාපති තමයි මම. ඉස්සෝ වගාවත් එක්ක මේ පද්ධතිය විනාශ වෙනවා කියන එක අපි එදා දැක්කා. ඒක නතර කරන්න තමයි පුංචි තැනක මේක පටන් ගත්තේ. ඒකේ විකාශය තමයි 2016 වසරේ කෞතුකාගරයක් හදලා අද මේ තත්වයෙන් තියෙන්නේ.”

කෘතිම ඉස්සන් වගාවට අවශ්‍ය ගොවිපොළවල් සෑදීමටත්, ලුණු කර්මාන්තයට අවශ්‍ය භූමිය ලෙස මෙන්ම සංචාරක හෝටල් හා සංචාරක කර්මාන්තය නිසාත් රට පුරා කඩොලාන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.

“මම ධීවරයෙක්. 1985 අවුරුද්දේ කෘතිම ඉස්සන් ආවා පුත්තලම දිස්ත්‍රික්කයට.මේ කෘතිම ඉස්සන් වගාව ආවා කියන්නේ කඩොලාන විනාශය ආරම්භ වුණා. ඒක එක්ක මම ලොකු අරගලයක් කෙරුවා මේ කර්මාන්තයට විරුද්ධව. ඒ අරගලය කරන අතරතුර තමයි ලංකා සුධීස සම්මේලනය ඇවිත් සංවිධාන හැදුවේ. එතකොට මේ ගමෙත් සංවිධානයක් හැදුවා. ඒකේ සභාපති තමයි මම. ඉස්සෝ වගාවත් එක්ක මේ පද්ධතිය විනාශ වෙනවා කියන එක අපි එදා දැක්කා. ඒක නතර කරන්න තමයි පුංචි තැනක මේක පටන් ගත්තේ. ඒකේ විකාශය තමයි 2016 වසරේ කෞතුකාගරයක් හදලා අද මේ තත්වයෙන් තියෙන්නේ.”

විශ්ව විද්‍යාල සිසුන් කඩොලාන පිළිබඳ ප්‍රයෝගික දැනුම ලබා ගැනීමට, පාසල් සිසුන් අධ්‍යාපන චාරිකා ලෙස මෙන්ම කඩොලාන පිළිබඳව දැනුම ලබා ගැනීමට කැමති බොහෝ දෙනෙකු කෞතුකාගරය නැරඹීමට පැමිණෙන බව ඔහු කියා සිටියේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්ව විද්‍යාල සිසුන් කඩොලාන පිළිබඳ ප්‍රයෝගික දැනුම ලබා ගැනීමට ද පාසල් සිසුන් අධ්‍යාපන චාරිකා ලෙස ද කෞතුකාගරය නැරඹීමට පැමිණෙන බව ඔහු කියා සිටියේය.

ලංකා කඩොලාන කෞතුකාගාරය

ඩග්ලස් තිසේරා පවසන පරිදි ලොව පුරා කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථාන පැවතුන ද ලෝකයට ඇති එකම කඩොලාන කෞතුකාගාරය මෙය බවය.

“අනිකුත් රටවල්වල තියෙනවා පුංචි පුංචි කඩොලාන සෙන්ටර්ස්. ජපානේ තියෙනවා, ඉන්දුනිසියාවේ තියෙනවා, ඉන්දියාවේ විශ්ව විද්‍යාල එක්කම අනුබද්ධව තියෙනවා, තායිලන්තයේ කඩොලාන වැඩසටහන් තියෙනවා, නමුත් කඩොලාන කෞතුකාගාරය කියලා කෞතුකාගාරයක් නිර්මාණය වෙලා නැහැ ලෝකේ කොහෙවත්.”ඔහු කියා සිටියේය.

විශ්ව විද්‍යාල සිසුන් කඩොලාන පිළිබඳ ප්‍රයෝගික දැනුම ලබා ගැනීමට, පාසල් සිසුන් අධ්‍යාපන චාරිකා ලෙස මෙන්ම කඩොලාන පිළිබඳව දැනුම ලබා ගැනීමට කැමති බොහෝ දෙනෙකු කෞතුකාගරය නැරඹීමට පැමිණෙන බව ඔහු පැවසීය.

“විශ්ව විද්‍යාල ළමයි නිරන්තරයෙන්ම මෙතනට එනවා පර්යේෂණ කරන්න සහ ඒගොල්ලන්ගේ ප්‍රයෝගික දැනුම ලබා ගන්න. ඒ වැඩසටහන් ටික දිගටම යනවා මෙතන.” ඩග්ලස් තිසේරා බීබීසී සිංහල වෙත සඳහන් කළේය.

කඩොලාන සම්බන්ධව සවිස්තර වාර්තා මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත්වන, බෝ වෙන ජීවීන් මෙන්ම‍ එම බොහෝ ජීවීන් අජීවී ලෙස සංරක්ෂණ කර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු දැකගත හැකිය.
ඡායාරූප ශීර්ෂ වැකිය, කඩොලාන සම්බන්ධව සවිස්තර වාර්තා මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත්වන, බෝ වෙන ජීවීන් මෙන්ම‍ එම බොහෝ ජීවීන් අජීවී ලෙස සංරක්ෂණ කර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු දැකගත හැකිය.

ලංකාව තුළ ඇති කඩොලාන සම්බන්ධව සවිස්තර වාර්තා මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත්වන, බෝ වෙන ජීවීන් මෙන්ම‍ එම බොහෝ ජීවීන් අජීවී ලෙස සංරක්ෂණ කර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු දැකගත හැකිය.

මෙරට පිහිටි මුහුදු කලාපය අයත් දිස්ත්‍රික්ක 14 පුරා 1994 සිට මේ දක්වා ලංකා කඩොලාන කෞතුකාගාරය විසින් සිටවන ලද පැළ ප්‍රමාණය සහ එම ආයතන මඟින් නාවික හමුදාව, වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුලු ආයතන වෙත මෙන්ම විශ්වවිද්‍යල සිසුන් සහ ප්‍රජාව හට කඩොලාන ව්‍යප්ත කිරීමට ලබා දී ඇති ශාඛ ප්‍රමාණය ලක්ෂ දහය ඉක්මවන බව ඩග්ලස් තිසේරා සඳහන් කළේය.

දැනට වාර්තා වී ඇති පරිදි ලංකාව පුරා හෙක්ටයාර් 19,600 ක භුමි ප්‍රමාණයක කඩොලාන ව්‍යාප්තව පවතී. එහෙත් ඔහු විශ්වාසය පළ කරන්නේ එම භූමි ප්‍රමාණය ඊට වඩා වැඩි විය හැකි බවය.

දිස්ත්‍රික්ක 14ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 84ක් පුරා මෙරට කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්තව පවතී.

ආර්ථික මෙන්ම පාරිසරික ප්‍රයෝජන

කඩොලාන පද්ධතිය හරහා රටට ලැබෙන ආර්ථික මෙන්ම පාරිසරික ප්‍රයෝජන බොහෝය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ කඩොලාන සමග දිවි ගෙවන ඩග්ලස් තිසේරා ඒ පිළිබඳව මෙසේ පැවසීය.

“ආර්ථික වාසි තමයි ධීවර කාර්මාන්තයෙන් ලැබෙන්නේ. අද ලෝකයේ වැඩියෙන්ම කතා කරන්නේ වායුගෝලය දුෂණය වීම පිළිබඳව කාබන් වැඩිවීම ගැන. අපි කාබන් ගැන කතා කරද්දි ගොඩබිම තියෙන පරිසර පද්ධතියකින් හෙක්ටයාර් එකකට වඩා කඩොලාන හෙක්ටයාර් එකකින් කාබන් තැන්පත් කරගන්න එක හතර ගුණයකින් වැඩියි. ඩීසල් ලීටර් මිලියන දෙකකින් දහනය වෙන කාබන් ඩයොක්සයිඩ් උරාගන්න පුලුවන් එක හෙක්ටයාර් එකකට.”

කොළඹ, හලාවත මාර්ගයේ ප්‍රධාන පාරට ආසන්නව කාකපල්ලිය, පම්බල ප්‍රදේශයේ පිහිටා ඇති ලංකා කඩොලාන කෞතුකාගාරය නැරඹීමට කිසිදු මුදලක් අය නොකෙරේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, දැනට වාර්තා වී ඇති පරිදි ලංකාව පුරා හෙක්ටයාර් 19,600 ක භුමි ප්‍රමාණයක කඩොලාන ව්‍යාප්තව පවතී.

“ඒ වගේම ඔක්සිජන් ලැබෙන ප්‍රමාණයත් අනිත් පරිසර පද්ධතිවලට වඩා වැඩියි. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේක ජලජ පරිසර පද්ධතියක් වීම. මේකේ තැන්පත් කර ගැනීමේ සීමාවත් වැඩි වෙනවා ඔක්සිජන් නිෂ්පාදනයත් වැඩි වෙනවා.” දශක තුනක් තිස්සේ ඔහු උකහා ගත් දැනුමෙන් පැවසීය.

කඩොලාන පද්ධතියට ඇති ස්වාභාවික තර්ජන ඉතාමත්ම අඩු බව කී ඩග්ලස් තිසේරා කඩොලාන විනාශයට ප්‍රධානතම හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට චෝදනා කර සිටියේය.

ප්‍රජාව දැනුවත් කර බලගැන්වීම හරහා මෙම පරිසර පද්ධතිය රැකගත හැකි බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුළ කඩොලාන වර්ග 22ක් ඇති බව ලංකා කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යාපන නිලධාරිනි දිල්කි ශානිකා පැවසුවාය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව තුළ කඩොලාන වර්ග 22ක් ඇති බව ලංකා කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යාපන නිලධාරිනි දිල්කි ශානිකා පැවසුවාය.

ලංකාවේ කඩොලාන වර්ග 22ක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව තුළ කඩොලාන වර්ග 22ක් ඇති බව ලංකා කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යාපන නිලධාරිනි දිල්කි ශානිකා පැවසුවාය.

“ලංකාවේ කඩොලාන වර්ග විසි දෙකක් තියෙනවා. හැබැයි අපි පර්යේෂණවලින් අනාවරණය කර ගන්නේ දැනට කඩලාන වර්ග 21යි තියෙන්නේ කියලා. ඒකට එක හේතුවක් තමයි අපේ ලංකාවෙ තියනවා මහාකඩොල් විශේෂ දෙකක් එහි ශාක දෙක ස්වභාවික හයිබ්‍රිඩ්වෙච්ච වර්ගයක් තියෙනවා එ්ක අපිට ලංකාවේ හැම තැනකදීම දකින්න හම්බවෙන්නේ නැහැ.”

කඩොලාන සංරක්ෂණය කිරීමේ අරමුණින් දැනට ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් කරන බව පවසන ඇය ධීවර කාන්තාවන් මුල් කරගෙන මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් කරගෙන යා හැකි ආකාරය පිළිබඳ සොයාබලමින් පවතින බව සඳහන් කළාය.

“මිනිස්සුන්ටත් බෙන්ෆිට් එකක් තියෙනවා නම් තමා ඒගොල්ලෝ සංරක්ෂණ ක්‍රියාවලියට යොමු වෙන්නෙ.මේ කාන්තාවන් ගත්තම ඒගොල්ලන්ගේ ආර්ථිකය නඟා සිටුවීම හරහා එයාලව කඩොලාන සංරක්ෂණයට සම්බන්ධ කරගන්න අපි හිතුවා. එහෙම මොඩල් එකක් අපි ඉස්සරහට ඩිවලප් කරන්න යන්නේ.”

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිපදවීමට මෙන්ම වෙරළ ඛාදනය නැවැත්වීමටද කඩොලාන බෙහෙවින් උපකාර වන බව අධ්‍යාපන නිලධාරිනිය කියා සිටියාය.

කොළඹ, හලාවත මාර්ගයේ ප්‍රධාන පාරට ආසන්නව කාකපල්ලිය, පම්බල ප්‍රදේශයේ පිහිටා ඇති ලංකා කඩොලාන කෞතුකාගාරය නැරඹීමට කිසිදු මුදලක් අය නොකෙරේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ, හලාවත මාර්ගයේ ප්‍රධාන පාරට ආසන්නව කාකපල්ලිය, පම්බල ප්‍රදේශයේ පිහිටා ඇති ලංකා කඩොලාන කෞතුකාගාරය නැරඹීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය වැළැක්වීමට හොඳ විසඳුමක් ලෙස කඩොලාන වගාව සුදුසු යැයි ලංකා කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යාපන නිලධාරිනි දිල්කි ශානිකා යෝජනා කළාය.

කොළඹ, හලාවත මාර්ගයේ ප්‍රධාන පාරට ආසන්නව කාකපල්ලිය, පම්බල ප්‍රදේශයේ පිහිටා ඇති ලංකා කඩොලාන කෞතුකාගාරය නැරඹීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

ඉරිදා සහ පෝය දින හැර සතියේ අනිකුත් සෑම දිනකම ලංකා කාඩොලාන කෞතුකාගාරය නැරඹීමට හැකියාව පවතී.