පෘථිවිය පිළිබඳව සිත්ගන්නාසුලු කරුණු 10ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෑම වසරක ම අප්‍රේල් 22 වන දා ජගත් මිහිතල දිනය සැමරෙයි. අපගේ පෘථිවියට ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතීන් විසින් තෝරාගෙන ඇති මෙදින මගින්, මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබඳ විරෝධය පළකිරීමට 1970 අප්‍රේල් 22 දා මිලියන 20ක ජනකායක් එක්සත් ජනපදයේදී වීථිබට අයුරු ද සිහිපත් කෙරෙයි.
මෙවර මිහිතල දිනයේදී, අප නිවහනකොට ගත් ග්‍රහලොව පිළිබඳ මනහර කරුණු කිහිපයක් සලකා බලමු.
1. පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවේ
අපගේ ග්‍රහලොව සාමාන්‍යයෙන් නිරූපණය කෙරෙන්නේ පරිපූර්ණ ගෝලයක් ලෙස වන නමුදු, එය එහි නිවැරදි හැඩය නොවේ. ධ්‍රැවයන්හිදී පෘථිවිය පැතලි ස්වභාවයක් ගන්නා අතර, එනිසා එහි හැඩය වඩාත් නිවැරදිව "පැතලි ගෝලාකාර ගෝලාභයක්" ලෙස හැඳින්විය හැකි ය.
අනෙක් ග්‍රහලෝකවල මෙන් ම, පෘථිවිය ද අක්ෂය මත භ්‍රමණය වීම හරහා නිපදවෙන කේන්ද්‍රාපසාරී බලය හා ගුරුත්වාකර්ෂණයේ බලපෑම හේතුවෙන් ධ්‍රැවාසන්නයේදී ග්‍රහලොව පැතලිවීම ද, සමකාසන්නයේදී පුළුල්වීම ද සිදුවෙයි. එනිසා, සමකයේදී පෘථිවියේ විෂ්කම්භය, එක් ධ්‍රැවයක සිට අනික් ධ්‍රැවය දක්වා විශ්කම්භයට සාපේක්ෂව කිලෝමීටර 43කින් පමණ ඉහළ ය.
2. පෘථිවියෙන් 70%ක ප්‍රමාණයක් ජලයෙන් වැසී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෘථිවිය මත ජලය ඝන, ද්‍රව, හා වායු අවස්ථාවේ පවතියි.
ඊට අමතරව, එය ග්ලැසියර, වගුරුබිම්, විල්, ගංගා, මුහුදු හා සාගර ලෙස පෘථිවි මතුපිටින් තුන්කාලක් පමණ ආවරණය කරයි.
පෘථිවියේ ජලයෙන් 97%ක් පමණ පවතින්නේ ලවණ සහිත සාගර ජලය ලෙස ය.
3. පෘථිවියේ සිට කි. මී. 100ක් පමණ ඉහළින් අභ්‍යවකාශය ඇරඹෙයි
වායුගෝලය හා අභ්‍යවකාශය අතර සීමාව 'කාමන් රේඛාව' ලෙස හැඳින්වෙන අතර, එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 100ක් ඉහළින් පිහිටයි.
වායුගෝලීය ස්කන්ධයෙන් 75%ක් පමණ ම රැඳී තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට පළමු කිලෝමීටර 11ක උන්නතාංශයේ ය.
4. පෘථිවියට යකඩ හරයක් තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය තුළ ඝනකමින් වැඩි ම හා පස්වැනියට විශාලතම ග්‍රහලොව යි.
පෘථිවියේ ඉතා අභ්‍යන්තරයෙන් ම පිහිටි කොටස, විෂ්කම්භය කිලෝමීටර 1200ක් පමණ වන ඝනකම ගෝලයක්බව සැලකෙයි.
එය ප්‍රධානකොට ම යකඩින් (එහි බරෙන් ඇස්තමේන්තුගත 85%ක ප්‍රතිශතයකට පමණ වගකියයි) සහ නිකල් ලෝහයෙන් (හරයෙන් 10%ක් පමණ) නිර්මාණයවී තිබේ.
5. අප දන්නා ජීවය පවතින එක ම ග්‍රහලොව පෘථිවිය යි
ජීවය පවතිනබවට තහවුරුකර ගැනීමට අපට හැකිවූ, විශ්වය තුළ පවතින එක ම නක්ෂත්‍ර වස්තුව පෘථිවිය යි.
දැනට, ලැයිස්තුගත කෙරුණු සත්ත්ව විශේෂ මිලියන 1.2ක් පෘථිවිය මත වෙසෙයි. එනමුත්, මෙය මෙහි වසන මුළු සත්ව විශේෂ සංඛ්‍යාවෙන් කුඩා ප්‍රතිශතයක් පමණක් යැයි ද විශ්වාස කෙරෙයි.
2011, ස්වභාවික ලෝකය තුළ ජීවී විශේෂ මිලියන 8.7ක් පමණ වෙසෙන බවට විද්‍යාඥයින් විසින් ඇස්තමේන්තු කෙරිණි.
පෘථිවිය මීට වසර බිලියන 4.5කට ඉහතදී නිර්මාණය වුණු අතර, පෘථිවියේ භෞතික ලක්ෂණ, එහි භූ විද්‍යාත්මක ඉතිහාසය සහ එහි කක්ෂය වසර මිලියන ගණනක් තිස්සේ පෘථිවිය මත ජීවය පැවතීමට ඉවහල්ව තිබේ.
6. පෘථිවිය මත සෑම තැනක ම ගුරුත්වය එක හා සමාන නොවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අපගේ ග්‍රහලොව පරිපූර්ණ ගෝලයක් නොවන නිසාවෙන් ද, එසේ ම, එහි ස්කන්ධය පූර්ණව හා සමජාතීය අයුරින් විහිදී නැති නිසාවෙන් ද, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ බලයේ විචලනයන් දක්නට හැකි වේ.
උදාහරණයක් ලෙස, අපි සමකයේ සිට ධ්‍රැවයන් දෙසට ගමන් කරන විට, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ තීව්‍රතාව ක්‍රමානුකූලව ඉහළ යයි. නමුත් මෙය මනුෂ්‍යයාට නොදැනෙන මට්ටමේ වෙනසකි.
7. පෘථිවිය ආන්තිකභාවයේ ග්‍රහලොවකි
අපගේ ග්‍රහලොව පූර්ණ පරස්පරයන්ගෙන් පිරී තිබේ. එහි භූගෝලීය ප්‍රදේශයන් හා දේශගුණයන්හි විවිධත්වය හේතුවෙන් සෑම කලාපයකට ම පාහේ එයට ම අනන්‍යවූ විශේෂිතතාවන් තිබේ.
පෘථිවිය මත උණුසුම්ම ස්ථානය යන නාමය සඳහා අනේක අපේක්ෂකයින් සිටියත්, මෙතෙක් වාර්තාවී ඇති ඉහළම උෂ්ණත්වය වාර්තාවී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඩෙත් වැලී' නම් මිටියාවතිනි. 1913 වසරේ ජූලි 10 වන දා එහි උෂ්ණත්වමානයේ සෙල්සියස් අංශක 56.7ක් පෙන්නුම් කෙරිණි.
මෙහි අනෙකුත් අන්තයේ පවතින්නේ ඇන්ටාක්ටිකාව යි. 1983 ජූලි 31 වන දා වොස්ටොක් පර්යේෂණ මධ්‍යස්ථානයේ උෂ්ණත්වමාපක සෙල්සියස් අංශක −89.2ක් පෙන්වීය.
8. පෘථිවිය මත පිහිටි විශාලතම සජීවී ව්‍යුහය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ පිහිටි මහා බාධක පරය පෘථිවියේ, සජීවී ජීවින්ගෙන් සැදුණු විශාලතම තනි ව්‍යුහය වන අතර, එහි විශාලත්වය කෙතරම් ද යත් අභ්‍යවකාශයේ සිට දැකිය හැකි ඒ වර්ගයේ එක ම ව්‍යුහය එය යි.
එය කිලෝමීටර 2000කට වැඩි දුරකට පැතිරෙන අතර සමුද්‍ර ජීවී විශේෂ දහස් ගණනකට නිවහනක් වෙයි.
1981දී එය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය.
9. සෞරග්‍රහ මණ්ඩලය තුළ සක්‍රීය භූ තැටි ඇති එක ම ග්‍රහලොව පෘථිවිය යි
මෙම භූ තැටිවල චලනයෙන් පැහැදිලිවන්නේ අපගේ ග්‍රහලොවෙහි මතුපිට නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතිනබව යි.
කඳු ඇතිවීම, භූ කම්පන හා සබැඳි ක්‍රියාකාරීත්වයන් හා යමහල් සඳහා ද වග කියන්නේ භූ තැටි ය.
භූ තැටිවල මෙම චලනය පෘථිවියේ උෂ්ණත්වය නියාමනය කිරීමෙහිලා වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි. ඒ, සාගර පතුළ ස්ථිරව පිළිසකරණය හරහා කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායූන් ප්‍රතිචක්‍රීකරණයට දායකවීමෙනි.
10. පෘථිවියට ආරක්ෂක පළිහක් තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය, සූර්යයාගෙන් අඛණ්ඩව හා මහා පරිමාණයෙන් නිකුත් කෙරෙන ඉහළ ශක්තියෙන් යුත් අංශු මැඩලන පළිහක් සේ ක්‍රියා කරයි.
මෙම ක්ෂේත්‍රය, පෘථිවියේ අභ්‍යන්තර හරයේ සිට, එයට සූර්යය සුළං හමුවන සීමාව දක්වා විහිදී තිබේ.
එසේ ම, මෙම චුම්භක ක්ෂේත්‍රයන් ඇතැම් සතුන්ට මාර්ගය සොයා ගැනීමට ද උපකාරී වේ (අප මාලිමාවක් භාවිතා කරන විට එය අපට ද උපකාරී වේ).














