බ්‍රහස්පතිගේ අයිස් චන්ද්‍රයන්: ජූස් මෙහෙයුම දියත් කෙරුමට සූදානම්

වීඩියෝ ශීර්ෂ වැකිය, බ්‍රහස්පතිගේ අයිස් චන්ද්‍රයන් වෙත යුරෝපයෙන් මෙහෙයුමක්

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ වඩාත්ම අභිලාෂකාමී මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ යානයක් දියත් කෙරෙයි.

පිටත සෞරග්‍රහ මණ්ඩලය දෙසට ඇදෙන එය බ්‍රහස්පති ග්‍රහයාගේ ඉතා අබිරහස් චන්ද්‍රයන් කීපදෙනෙකු වන, අයිස්වලින් වැසුණු කැලිස්ටෝ, ගැනිමීඩ් සහ යුරෝපා අධ්‍යයනය කරනු ඇත.

ඒවායේ මතුපිටට යටින් ජලයෙන් පිරුණු සාගර ඇතැ යි කීමට සාධක ඇති අතර, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවයේ සලකුණු සෙවීමට හොඳම ස්ථානය එයබව යි.