මොකක්ද මේ 'ලෝකාවසාන ඔරලෝසුව' ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෝකය අන් කවරදාකටත් වඩා විනාශයේ අද්දරට පැමිණිලා ද?

න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ තර්ජන, රෝග සහ දේශගුණික විපර්යාස විසින් ලෝකය අන් කවරදාටත් වඩා විනාශයේ අද්දරට තල්ලුකර දම ඇතිබව, ප්‍රවීන විශේෂඥයින් පිරිසක් පවසයි.

'ද බුලටින් ඔෆ් ඇටොමික් සයන්ටිස්ට්ස්' (පරමාණුක විද්‍යාඥයින්ගේ බුලටිනය) පවසන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් දැනට පවතින තර්ජනයන් වඩාත් අයහපත් අතට හැරී ඇති අතර, ලෝකය "පෙර නොවූවිරූ අනතුරකට" පත්කර ඇතිබව යි.

සෑම වසරක දීම, මෙම විශේෂඥයින් කණ්ඩායම මනුෂ්‍යත්වය ලෝකාවසානයට කෙතරම් සමීපවී ඇත්දැ යි නිදර්ශනය කිරීම සඳහා සංකේතාත්මක "ලෝකාවසාන ඔරලෝසුවක්" සකසයි - ඔවුන් දැන් පවසන්නේ, ලෝකාවසානය වෙන කවරදාටත් වඩා අප ආසන්නයට පැමිණ ඇතිබව යි.