රෝස සහ සුදු රත්‍රන් යනු මොනවා ද? කැරට්වලින් රත්‍රන් මිල සහ ගුණාත්මකභාවය තීරණය වන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කේ. සුභගුණම්
- Role, බීබීසී දෙමළ සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
රන් ආභරණ නිෂ්පාදනය සහ විකිණීම වාර්ෂික රන් ඉල්ලුමෙන් විශාල කොටසක් සඳහා දායක වේ. ජාත්‍යන්තර රන් කවුන්සිලයට අනුව, එය ලෝකයේ මුළු රන් ඉල්ලුමෙන් 50%ක අගයක් ගනී.
ජාත්‍යන්තර රන් කවුන්සිලයට අනුව, ඉන්දියාව සහ චීනය ලොව විශාලතම රන් ආභරණ වෙළෙඳපොළවල් වන අතර, ගෝලීය ඉල්ලුමෙන් 50%කට හිමිකම් කියයි.
මෑතක සිට රන් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙය ජනතාව අතර විවිධ හැඟීම් ඇති කර තිබේ. මේ අතර, රන් ආභරණවල ගුණාත්මකභාවය තීරණය කිරීමට භාවිත කරන මිනුම වන කැරට් යනු මොනවා ද? සහ කැරට් ප්‍රමාණය මනින්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද කතාබහක් උද්ගත වී තිබේ.
මේ අතර, කහ රත්‍රන්වලට අමතරව, අද වන විට රෝස සහ සුදු ඇතුළු විවිධ වර්ණවලින් යුක්ත රත්‍රන් වෙළෙඳපොළේ පවතී. ඒවායේ පසුබිම කුමක් ද? යන්න පිළිබඳවත් ප්‍රශ්න මතුව තිබේ.
මෙම සියලු කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා බීබීසී දෙමළ සේවය රන් ආභරණ නිෂ්පාදකයන් සහ රන්කරුවන්ගෙන් අදහස් විමසීය.
රත්‍රන්වල ගුණාත්මකභාවය පෙන්නුම් කරන කැරට් යනු මොනවා ද?
කැරට් යනු රත්‍රන්වල පිරිසිදුභාවය මනින මිනුමක් වන Caratage සඳහා භාවිත කරන කෙටි යෙදුමකි.
කැරට් යනු අනෙකුත් ලෝහ සමග මිශ්‍ර වී ඇති මිශ්‍රණයක පවතින රත්‍රන්වල පිරිසුදුභාවය මැනීමේ ක්‍රමයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රන් ලෙස හැඳින්වීමට අවශ්‍ය භාණ්ඩයක් සඳහා අවම කැරට් ප්‍රමාණය රටින් රටට වෙනස් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේදී නීතිමය වශයෙන් පිළිගනු ලබන අවම ගුණාත්මක මට්ටම වන්නේ කැරට් 10කි.
ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ අයර්ලන්තය වැනි රටවල රන් ලෙස හැඳින්වීමට අවසර දී ඇති අඩුම රන් ශ්‍රේණිය කැරට් 9කි. ඉන්දියාව තුළ පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඉන්දීය ප්‍රමිති කාර්යංශය කැරට් 9 රන් අඩු ම ශ්‍රේණිය ලෙස හඳුනාගෙන එය විකිණීමට අවසර දුන්නේ ය.
කැරට් මිනුම් ප්‍රමාණය අනුව රත්‍රන් සහ අනෙකුත් ලෝහවල අනුපාතය වෙනස් වේ. උදාහරණයක් ලෙස, කැරට් 18 රත්‍රන්වල අන්තර්ගතව ඇති පිරිසිදු රන් ප්‍රතිශකය 75%ක් වන අතර, ඉතිරි 25% සමන්විත වන්නේ තඹ සහ රිදී වැනි අනෙකුත් ලෝහ වර්ගවලිනි.
කැරට් 24 යනු වෙනත් කිසිදු ලෝහයක් සමග මිශ්‍ර වී නොමැති පිරිසිදු රත්‍රන් වේ. එය තඹ සහ රිදී වැනි අනෙකුත් ලෝහ සමග මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය මගින් නම්‍යශීලී රත්‍රන්වලට කල්පැවැත්ම සහ ශක්තිය ලබා දෙන බව රත්‍රන් ආභරණ සැකසීම පිළිබඳ වසර 45ක පළපුරුද්දක් ඇති රන්කරුවෙකු වන සුබ්‍රමාණි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැරට් ප්‍රමාණය අනුව රත්‍රන්වල ගුණාත්මකභාවය තීරණය කරන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සාමාන්‍යයෙන් රන් ආභරණ කැරට් 22, කැරට් 18, කැරට් 14, කැරට් 10 සහ කැරට් 9 යන ගුණාත්මක මට්ටම්වලින් වෙළෙඳපොළේ පවතී.
ඒවා අතරින්, "කැරට් 22 තුළ 91.6% පිරිසිදු රත්තරන් අඩංගු වන," බව කොයිම්බතූර් රන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුත්තු වෙන්කටරාමන් පවසයි.
"කැරට් 21 තියෙන පිරිසිදු රත්‍රං ප්‍රමාණය 88%ක්. ඒ කියන්නේ, ග්‍රෑම් 100ක රන් මිශ්‍රණයක තිබෙන ග්‍රෑම් 88ක් පිරිසිදු රත්‍රං, ඒ අනුව, ග්‍රෑම් 100ක මිශ්‍රණයක තඹ සහ රිදී වැනි ලෝහ ග්‍රෑම් 8ක් මිශ්‍ර වෙලා තියෙනවා නම්, පිරිසිදු රන් ග්‍රෑම් 91.6ක් ඇත්නම්, එය කැරට් 22 රන් ආභරණයක් ලෙස සැලකෙනවා," කැරට්වල පවතින වෙනස්කම් පිළිබඳ බීබීසී දෙමළ සේවය වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ ය.
''මේ හා සමානව කැරට් 14ක ලෝහයක ඇති පිරිසිදු රන් ප්‍රතිශතය 58.3%ක් වන අතර, ඉතිරි කොටස තඹ සහ රිදීවලින් සමන්විත වෙනවා. කැරට් 18ක් තුළ පවතින 75%ක් රත්‍රන් වන අතර තඹ සහ රිදී 25%ක් අඩංගු වෙනවා."
මීට පටහැනිව මුතු වෙන්කටරාමන් පැහැදිලි කළේ, පිරිසිදු රත්තරන් ප්‍රමාණය ඉතා අඩු අගයක් වන 37.5%ක් ලෙස පවතින්නේ නම් සහ තඹ සහ රිදී මිශ්‍ර ලෝහය 62.5%ක් ලෙස පවතින්නේ නම් එය කැරට් 9 රත්තරන් බව ය.
ඔහු පවසන පරිදි රත්‍රන් ආභරණයක කැරට් ගුණාත්මකභාවය රඳා පවතින්නේ එය නිෂ්පාදනය කරන විට මිශ්‍ර කරන අනෙකුත් ලෝහ ප්‍රමාණය සහ එහි අඩංගු පිරිසිදු රත්‍රං ප්‍රමාණය මත ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රන් ආභරණවල ගුණාත්මකභාවයේ පවතින වෙනස කුමක් ද?
රන්කරුවෙකු වන සුබ්‍රමාණි පවසන්නේ, සාමාන්‍යයෙන් කැරට් 18ට අඩු ප්‍රමිතියකින් නිමවන රන් ආභරණවල සන්සන්දනය කර හඳුනාගත හැකි ගුණාත්මකභාවයක් නොමැති බව ය.
සුබ්‍රමාණි පවසන පරිදි ''කැරට් 14, 9 ආදියෙන් ආභරණ හදද්දී, මිශ්‍ර ලෝහයට ඇලෙන්නේ නැතුව පිරිසිදු රත්තරන් විශාල ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. ඒක හරියට ආභරණ මත රන් ආලේපනයක් කළා වගේ තමයි, නමුත් ඒක ඒ තරම් උසස් තත්ත්වයෙන් නැහැ."
ඔහු පවසන්නේ, මුදවාපු කිරිවල ඇති කිරි ප්‍රතිශතය සේ ම රන් ආභරණවල නිසි රත්‍රන් ප්‍රතිශතයක් අඩංගු නොවන්නේ නම්, ඒවාට වැඩි වටිනාකමක් නොලැබෙන බව ය.
"දියමන්ති ආලේපිත ආභරණ හදන්න මුලින් ම කැරට් 18ක් භාවිත කළා. පසුව, කැරට් 14ත් බහුලව භාවිත කළා. නමුත් ඒ අගයටත් වඩා පහළින් භාවිත කළොත් රන් ආභරණවල පිරිසිදු රත්‍රන් ප්‍රතිශතය ගොඩක් අඩුවෙයි," ඒ පිළිබඳ අදහස් දක්වමින් මුතූ වෙන්කට්රාමන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"පිරිසිදු රත්‍රං ලැකර් ටිකක් එක්ක හරි ලෝහ එක්ක හරි මිශ්‍ර කරනකොට, රන් ආභරණ කහ පැහැයෙන් බැබලෙන්න ගන්නවා. මෙම ක්‍රියාවලියෙන් කැරට් 22 රන් ආභරණ පමණක් නෙමෙයි කැරට් 14 හරි කැරට් 9 හරි රත්තරන් ආභරණ පවා බබලන්න ගන්නවා,'' සුබ්‍රමාණි පැහැදිලි කළේ ය.
"හැබැයි ඔබ ඒවා පැළඳගෙන ඉන්න කොට, දහඩිය එකතු වෙලා කැරට් 14 රත්තරන්වල ඇත්ත පාට පේන්න ගන්නවා. ඒවා රත්තරං වතුරෙ දාලා ගන්න පාට කැරට් 22 සහ කැරට් 18 රත්තරන් ආභරණවල වගේ ලොකු කාලයක් තියෙන්නේ නැහැ," ඔහු පැවසීය.
කහ, රෝස සහ සුදු රත්‍රං - වෙනස්කම් මොනවා ද?
රත්‍රන් යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇති අදහස වන්නේ, කහ පැහැති ලෝහයක් බව ය. කෙසේ වෙතත්, මෑතකාලීනව කහ, රෝස සහ සුදු ඇතුළු විවිධ වර්ණවලින් යුතු රන් ආභරණ වෙළෙඳපළේ පවතී.
සුදු රත්‍රන් සාදනු ලබන්නේ පිරිසිදු රත්තරන් පලේඩියම් හෝ රිදී වැනි සුදු ලෝහ සමග මිශ්‍ර කිරීමෙනි.
මීට අමතරව රළු මතුපිටක් නිර්මාණය කිරීම සඳහා රෝඩියම් මිශ්‍ර කෙරේ. මෙය කැරට් 22 රත්‍රන්වලින් නිර්මාණය කර නොමැත. කැරට් 18 සුදු රත්තරන් නිර්මාණය කර ඇත්තේ, 75% පිරිසිදු රත්‍රන් සහ 25% පැලේඩියම් ලෝහ භාවිත කරමිනි.
එය ප්‍රධාන වශයෙන් කැරට් 14, 10 සහ 9 ලෙස නිපදවයි. කැරට් 14 සුදු රත්‍රන් තුළ පිරිසිදු රත්‍රන් 58.3%ක්, රිදී 32.2%ක් සහ පැලේඩියම් 9.5%ක් අන්තර්ගත වේ. ඊට සමානව, කැරට් 10 සහ 9 රත්‍රන්වල පිළිවෙළින් 41.7%ක් සහ 37.5%ක් ලෙස පිරිසිදු රත්‍රන් අඩංගු වේ.
ඒ හා සමානව, ජාත්‍යන්තර රන් කවුන්සිලය සඳහන් කරන්නේ, තඹ වැඩි වශයෙන් එක් කිරීමෙන් රෝස රත්‍රං ආභරණ සාදන බව ය. තඹ එකතු කිරීමෙන් රෝස රත්‍රන්වලට එහි මෘදු රෝස පැහැය හිමි වන බව එම කවුන්සිලය සඳහන් කරයි.
කැරට් 22 රෝස රත්‍රන් තුළ අඩංගු වන්නේ, පිරිසිදු රත්‍රන් 91.6%ක් සහ තඹ 8.4%ක් ලෙස ය. කැරට් 18 රෝස රත්‍රන් තුළ පිරිසිදු රත්‍රන් 75%ක් සහ තඹ 22.2%ක් මෙන් ම රිදී 9.2%ක් අඩංගු වේ.
කැරට් 14, 10 සහ 9 වැනි ගුණාත්මකභාවයෙන් අඩු රෝස රත්‍රන් නිෂ්පාදනය කරනු ලබන්නේ, වැඩි වශයෙන් තඹ එකතු කිරීමෙනි. කැරට් 14 රෝස රත්‍රන් තුළ තඹ 32.5%ක් අඩංගු වන අතර කැරට් 10 සහ 9 රත්‍රන්වල පිළිවෙළින් 38.3%ක් සහ 42.5%ක් බැගින් තඹ අඩංගු වේ.































