මූල්‍ය අර්බුදයක් ඇති කාලවලදී රත්‍රන් සඳහා ආයෝජනය කිරීම නැණවත් ක්‍රියාවක් ද?

ගෝලීය වශයෙන් රන් අවුන්සයක මිල වාර්තාගත ඉහළම අගය වන ඩොලර් 4,000 ඉක්මවා ගොස් තිබේ. ඒ, අප්‍රේල් මාසයේ සිට තුනෙන් එකකින් පමණ මිල ඉහළ යාමෙන් පසුවය. දේශපාලන හා ආර්ථික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ආයෝජකයින් ආරක්ෂිත ආයෝජන සොයමින් සිටිති. නමුත් එය සැබවින්ම ආරක්ෂිත තෝතැන්නක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඩෙබ්‍යුලා කෙමෝලි
    • Role, බීබීසී ලෝක සේවය

ගෝලීය වශයෙන් රන් අවුන්සයක මිල වාර්තාගත ඉහළම අගය වන ඩොලර් 4,000 ඉක්මවා ගොස් තිබේ. ඒ, අප්‍රේල් මාසයේ සිට තුනෙන් එකකින් පමණ මිල ඉහළ යාමෙන් පසුවය. දේශපාලන හා ආර්ථික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ආයෝජකයින් ආරක්ෂිත ආයෝජන සොයමින් සිටිති. නමුත් එය සැබවින්ම ආරක්ෂිත තෝතැන්නක්ද?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාස හයකට පෙර සියලුම රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වෙළඳපොළ දෙදරා ගොස් තිබේ.

නමුත් විශ්ලේෂකයින් පවසන්නේ ආයෝජකයින් කනස්සල්ලට පත් කරන තවත් කරුණක් වන්නේ එක්සත් ජනපද රාජ්‍ය සේවා වසා දැමීම දෙවන සතියට එළඹීමත් සමඟ ප්‍රධාන ආර්ථික දත්ත නිකුත් කිරීම ප්‍රමාද වීමයි.

ට්‍රම්ප්ගේ පීඩනය යටතේ පොලී අනුපාතය පහත වැටිය හැකි බවට අනුමාන කිරීම හේතුවෙන් රන් මිල අර්ධ වශයෙන් ඉහළ ගොස් ඇත. පොලී අනුපාත අඩු කළහොත්, මුදලට එහි සැබෑ වටිනාකම අහිමිවන අතර, රන් වඩාත් ආකර්ශනීය ආයෝජනයක් බවට පත් කරයි.

මූල්‍ය අර්බුද හෝ අවිනිශ්චිතතා ඇති විට රත්‍රන් සාමාන්‍යයෙන් ආරක්ෂිත සහ ශක්තිමත් වත්කමක් ලෙස සැලකේ.

මූල්‍ය වෙලඳපොලවල් කඩා වැටෙන විට, රජයන් සහ තනි ආයෝජකයින් ඇතුළුව විශාල ගැනුම්කරුවන් සංඛ්‍යාවක් රත්‍රං මිලදී ගැනීමට උත්සාහ කරන හදිසි "රත්‍රං මිලදී ගැනීමේ ක්ෂණික උමතුවක්" ඇති විය හැකි බව බෙල්ෆාස්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික ඉතිහාසඥ ආචාර්ය ෆිලිප් ෆ්ලයර්ස් පවසයි.

A woman looks at a gold bangle inside a jewellery showroom at a market in Mumbai

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රත්‍රංවල ආයෝජනය කරන සෑම කෙනෙක්ම භෞතිකව මෙම වටිනා ලෝහය මිලදී ගන්නේ නොමැත.

ඇතැම් ආයෝජකයින් තම මුදල් රත්‍රන් මත පදනම් වූ විනිමය-වෙළඳ අරමුදල් (ETF) වැනි මූල්‍ය නිෂ්පාදනවලට යොදවයි.

ලෝක රන් කවුන්සිල වෙළඳ සංගමයට අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළ රත්‍රං මත පදනම් වූ අරමුදල්වල (ETF) ඩොලර් බිලියන 64 ක වාර්තාගත ආයෝජනයක් සිදු කර ඇත.

ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතාවන් තුළ රත්‍රන් සැමවිට ම ඉහළ ම තේරීම වී ඇත.

2020 වසරේදී, කොවිඩ්-19 වසංගතය ආර්ථික පසුබෑමක් ඇති කළ අතර රන් මිල හදිසියේ ම ඉහළ යනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, මූල්‍ය වෙළෙඳපොළවල අවිනිශ්චිතතාව ද රත්‍රන්වලට බලපෑ හැකි ය.

2020 ජනවාරි මාසයේදී, කොවිඩ්-19 වසංගතය මතු වීමත් සමග රත්‍රන් මිල ඉහළ ගිය නමුත්, එම වසරේ මාර්තු වන විට එය පහත වැටීම ආරම්භ විය.

"ඒක 'ආරක්ෂිත' ආයෝජනයක් යැයි කිව්වත් ඒකෙන් අදහස් වෙන්නෙ අවදානමක් නැහැයි කියන එක නෙවෙයි," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.

ආර්ථික අවිනිශ්චිතතාවන් තුළ රත්‍රන් තවමත් වාසිදායක ආයෝජනයක් ලෙස සැලකේ, එහි වටිනාකම සඳහා පමණක් නොව, ඉතිහාසය සහ සංස්කෘතීන් හරහා ඉහළ අගයක් අත්පත් කරගෙන ඇති රත්‍රන් පහසුවෙන් අලෙවි කළ හැකි බැවිනි.

Gold Mask of Tutankhamun
ඡායාරූප ශීර්ෂ වැකිය, ටූටන්කාමන්ගේ රනින් නිමවූ මුහුණ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පුරාණ ඊජිප්තුවේ ටූටන්කාමන්ගේ රනින් කරන ලද මුහුණේ සිට ඝානාවේ අසන්ටේහි රන් පුටුව සහ ඉන්දියාවේ පද්මනාභස්වාමි දේවාලයේ රන් සිංහාසන දක්වා, මෙම ලෝහය ඓතිහාසිකව ආගමික හා සංකේතාත්මක වැදගත්කමක් උසුලයි.

බොහෝ අය තම ධනය එක්රැස් කිරීමට විශ්වාසදායක ක්‍රමයක් ලෙස රත්‍රන් දෙස බැලීම පුදුමයක් නොවේ.

ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවන වෙනස්කම් බොහෝ විට නිවසේ රන් භාණ්ඩ හා ආභරණවල වටිනාකමට බලපාන්නේ නැත.

නමුත් ප්‍රධාන මූල්‍ය ආයෝජකයින්ගේ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් විශාල ආයෝජනවලට බලපෑ හැකි ය.

"මෙයින් බොහොමයක්, රජයේ මහ බැංකු රත්‍රන් මිල දී ගැනීම නිසා සිදුවන බවට මම සැක කරනවා," මෑතකදී රන් මිල ඉහළ යාම ගැන සඳහන් කරමින් ආචාර්ය ෆ්ලයර්ස් පැවසුවේ ය.

අවිනිශ්චිත කාලවලදී කොටස් වෙළෙඳපොළ ආයෝජනවලින් ඉවත් වන විට, ඔවුන් බොහෝවිට තම සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා තොග වශයෙන් රත්‍රන් මිල දී ගනී.

මෙයින් අදහස් කරන්නේ, මෙම වටිනා ලෝහයේ ආයෝජනය කිරීම අවදානම් සහගත විය හැකි බව ය.

"රන් මිල ඉහළ යාම පිළිබඳව අනුමාන කිරීම තවමත් අවදානම් සහගත යි, වෙළෙඳපොළ ස්ථාවර වූ විගස රජයයන් ප්‍රකෘති තත්ත්වයට පැමිණි පසු මිනිසුන් රන් මිල දී ගැනීම නවත්වයි," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.

"රත්‍රන්වල ආයෝජනය කිරීම දිගු කාලීනව කරන දෙයක්," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.

සිංගප්පූරුව පදනම් කරගත් වටිනා ලෝහ වර්ග අලෙවිකරුවෙකු සහ ගබඩා සැපයුම්කරුවෙකු වන සිල්වර් බුලියන් හි නිර්මාතෘ ග්‍රෙගර් ග්‍රෙගර්සන් පවසන්නේ ඔහුගේ සේවාදායකයින්ගෙන් බොහෝ දෙනෙක් වසර හතරකට වැඩි කාලයක් තම රත්‍රන් ගබඩා කරන "දිගුකාලීන රත්‍රන් හිමියන්" බවයි.

ආර්ථික පරිසරය සැලකිල්ලට ගත් විට, රත්තරන් "අවම වශයෙන් ඉදිරි වසර පහක් සඳහා මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක" පවතිනු ඇතැයි ඔහු විශ්වාස කරයි.