ලෝක ආර්ථිකය අවපාතයකට ගමන් කරනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සයිමන් ජැක්
- Role, ව්‍යාපාරික සංස්කාරක, බීබීසී පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ගෝලීය කොටස් වෙළෙඳපොළ තුළ ලැව් ගින්නක් සේ ඇවිලෙමින් පවතියි; නමුත් එයින් අදහස් කෙරෙන්නේ අපි අවපාතයක් කරා ගමන් කරනවා යන්න ද?
පළමුව, කොටස් වෙළෙඳපොළ සැමවිට ම ආර්ථිකය පිළිබිඹු නොකරන බව මතක තබා ගැනීම වැදගත් ය. කොටස් මිල පහත වැටීම මගින් සැමවිට ම නරක ආර්ථිකයක් පැමිණෙන බව අදහස් නොවේ.
නමුත් ඇතැම් විට ඒවා එලෙස සිදුවේ.
මේ ආකාරයෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළවල් විශාල අයුරින් පහත වැටීම්වලින් අදහස් වන්නේ ආයෝජකයින් අනාගතයේදී සමාගම් කොපමණ ලාභ උපයනු ඇත්ද යන්න පිළිබඳ ඔවුන්ගේ දැක්ම වෙනස් කර ඇති බවයි.
ඉහළ තීරු බදු පිරිවැය ඉහළ යාම සහ ලාභ අඩු වීමට හේතු වනු ඇතැයි වෙළඳපොළ අපේක්ෂා කරයි.
එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික අවපාතයක් නොවැළැක්විය හැකි බව නොවේ, නමුත් ට්‍රම්ප් සියවසක් තුළ දරුණුතම තීරු බදු හඳුන්වා දී ඇති බැවින් දැන් අවස්ථා බොහෝ සෙයින් වැඩි ය.
මුළු වියදම් සහ අපනයන අඛණ්ඩව කාර්තු දෙකක් (මාස හයක්) සඳහා හැකිලෙන විට ආර්ථිකයක් අවපාතයක පවතී.
පසුගිය වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය වර්ධනය වූයේ 0.1% ක් පමණක් වන අතර නවත ම දත්තවලින් පෙනී යන්නේ ජනවාරි මාසයේදී එය එම ප්‍රමාණයෙන්ම හැකිලී ඇති බවයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පෙබරවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය කෙසේ ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳ පළමු ඇස්තමේන්තුව එළඹෙන සිකුරාදා නිකුත් කෙරේ.
එහෙත්, අප ඒ වෙත ළඟා වී ඇද්ද යන්න පැවසීමට තවමත් කාලය වැඩි ය.
කෙසේ වෙතත්, කොටස් වෙළෙඳපොළ කඩාවැටීම්වල ඇති අවුල්සහගත තත්ත්වය තුළ, විශේෂයෙන් කරදරකාරී පාඩු කිහිපයක් තිබේ.
බොහෝවිට ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ලකුණක් ලෙස බැංකු දැකිය හැකි ය. අද එක් විශේෂඥයෙක් මට පැවසූ පරිදි, 'ඇත්තටම මාව කම්පනයට පත් කළේ බැංකු කොටස් පහත වැටීම යි.'
නැගෙනහිර සහ බටහිර අතර ගෝලීය වෙළඳාමේ ප්‍රධාන බැංකු දෙකක් වන HSBC සහ Standard Chartered හි කොටස් එක් දිනයක් තුළදී 10% කට වඩා පහත වැටීමෙන් පසු තරමක් යථා තත්ත්වයට පත් විය.
අනෙකුත් අනතුරු ඇඟවීමේ සංඥා කොටස් වෙළෙඳපොළවල නොව භාණ්ඩ හුවමාරුවල දක්නට ලැබේ.
තඹ සහ තෙල් මිල ගණන් ගෝලීය ආර්ථික සෞඛ්‍යයේ පරාමිතීන් ලෙස සැලකේ.
ට්‍රම්ප් සිය තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ ද්විත්වය ම 15% කට වඩා පහත වැටී ඇත.
ඇත්ත වශයෙන් ම ගෝලීය අවපාතයන් බොහොමයක් මෙතෙක් සිදු වී නැත.
1930 දශකය, මහා මූල්‍ය අර්බුදයෙන් පසු තත්ත්වය සහ වසංගතය වටා ඇති වූ භීතිය, ප්‍රධාන ආර්ථිකයන්හි සමමුහුර්ත පසුබෑම් අප දුටු දුර්ලභ උදාහරණ තුනකි.
ගෝලීය අවපාතයක් තවමත් සිදුවි නොමැති වුවද, බොහෝ ආර්ථික විශේෂඥයින් පවසන්නේ දැන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය තුළ අවපාතයක් ඇතිවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව යි.
බ්‍රිතාන්‍යය චාන්සලර් රේචල් රීව්ස් පවසන පරිදි ධනාත්මක පැත්තක් නම්, ආයෝජකයින් රජයේ බැඳුම්කරවල ආරක්ෂාව වෙත යොමුවීමත් සමඟ රජයේ ණය ගැනීමේ පිරිවැය වසරකට පවුම් බිලියන 5 සිට 6 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නමුත් ආර්ථිකය නරක අතට හැරුණහොත් රජයේ බදු ආදායම පහත වැටීමෙන් මෙය තවත් වැඩි වනු ඇත.








