ලේඩි ගාගා: මගේ ලොකු ම බිය? හුදෙකලා වීම යි

Lady Gaga

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මාර්ක් සැවේජ්
    • Role, සංගීත වාර්තාකරු

කිසිවෙකු තනිව සිටීමට කැමති නැත, එමෙන් ම, පොප් ගායන තරුවක් වීම තරම් හුදෙකලා රැකියාවක් තවත් නැත. ඒ ගැන ලේඩි ගාගාගෙන් අහන්න.

ඇය 2009-10 කාලයේදී අප ඊට පෙර නොදුටු ආකාරයකින් ප්‍රසිද්ධියට පත් වූවා ය. මුලින් ම ඉන්ටර්නෙට්හි බලය භාවිත කළ පොප් තරුවක ලෙස, ඇය නිරන්තරයෙන් TMZහි ඡායාරූප සහ ඕපාදූප බ්ලොග්වල කතාබහට ලක්වූවා ය.

ඔවුන්ගේ රැචිකත්වය අධික විය. ඇය වසර තුනක් ඇතුළත ඇගේ ශෛලිය සහ සංගීතය බොහෝ සෙයින් වෙනස් කළා ය. එක් විචාරකයෙකු පැවසුවේ, ඇය 'වේගවත්ව මැඩෝනාගේ මුළු වෘත්තීය ජීවිතය ම ඉදිරියට ගෙන යන' බව ය.

ඇගේ කීර්තිය ඉහළ යන විට, ඇය සම්බන්ධයෙන් ලියැවුණු සිරස්තල පාලනයකින් තොර විය. ඇය ලන්ඩන් හෝටලයක සාතන් වෙනුවෙන් චාරිත්‍රයක් සංවිධානය කළා ය! ඇය රහසිගතව ද්විත්ව ලිංගික පුද්ගලයෙක්!! ඇය "විලාසිතාවක් සඳහා" ඇගේ ම කකුල කපා ගැනීමට සැලසුම් කළා!!!

2010 MTV සම්මාන උළෙලට සම්පූර්ණයෙන් ම මස්වලින් සාදන ලද ඇඳුමකින් සැරසී ගිය විට, කිසිවෙකු එහි හාස්‍යමය ස්වභාවයක් දුටුවේ නැත. ගාගා තමන්ව හඳුන්වා දුන්නේ, ටැබ්ලොයිඩ් පුවත්පත්වල ආහාරයක් ලෙස යි.

වේදිකාව මතදී, ඇගේ රසිකයන් ලෙස හැඳින්වෙන ලිට්ල් මොන්ස්ටර්ස්වරුන් විසින් ඇයට වඳින ලදී. එහෙත්, ඒ ආකාරයේ අගය කිරීම් දූරස්ථ මායාවන් බව බලලෝභී නොවන ඕනෑ ම පුද්ගලයෙක් දනී.

"බ්‍රැන්ඩන් මම තනියම ඉන්නේ බ්‍රැන්ඩන්. සෑම රාත්‍රියක ම," ගාගා 2017 Five Foot Two වාර්තා චිත්‍රපටයේ ඇගේ මෝස්තර නිර්මාණ ශිල්පියාට පැවසුවා ය.

"දවස පුරා ම මාව ස්පර්ශ කරන සහ දවස පුරා ම මට කතා කරන සෑම කෙනෙකුගෙන් ම මම සම්පූර්ණයෙන් ම ඈත් වෙනවා."

තාක්ෂණික ව්‍යවසායක මයිකල් පොලන්ස්කි සමග සතුටින් විවාහ ගිවිසගෙන සිටින 38 හැවිරිදි ගාගා, කාර්යබහුල වී සිටි වසරවල 'තනිකම' තමාව බියට පත් කළ බව පිළිගනී.

"මම හිතන්නේ මගේ ලොකු ම බිය මේක තනියම කරන එක යි - මගේ ම ජීවිතය මගේම ඉදිරියට ගෙන යන එක යි," ඇය බීබීසීයට පවසයි.

"මට ලැබුණු හොඳ ම තෑග්ග තමයි මගේ සහකරු මයිකල්ව මුණගැහිලා ඔහුත් එක්ක මේ අවුල්සහගත තත්ත්වය එක්ව අත්විඳීම."

Lady Gaga and Michael Polansky arrive at the Venice Film Festival in September, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලේඩි ගාගා සහ මයිකල් පොලන්ස්කි 2024 සැප්තැම්බර් මාසයේදී වෙනිස්හි චිත්‍රපට උළෙලට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාව.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම යුවළ 2020 සිට එක්ව සිට ඇති අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ වැනීස් චිත්‍රපට උළෙලේදී ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම හෙළි කළහ. එහිදී ගාගා පළමු වරට ප්‍රසිද්ධියේ ඇගේ ඩොලර් මිලියනයක විවාහ ගිවිස ගැනීමේ මුද්ද පැළඳ සිටියා ය.

කැරට් 18 සුදු සහ රෝස රන්වන් දියමන්ති මුද්දක් මත විශාල, ඕවලාකාර ලෙස කැපූ දියමන්තියක් සවි කර තිබූ අතර එය අතිශය දීප්තිමත් එකකි.

නමුත් ඇගේ අනෙක් අතට, වැඩි අවධානයක් යොමු නොවන මුද්දක් පැළඳ සිටින අතර, එහි රේසින්වල (පොලිමර් බවට පත් කළ හැකි දියරයක්) ගිල්වූ තණ පත් කිහිපයක් ද ඇත. එය විශේෂ එකක් බව ඉන් පෙන්නුම් කෙරේ.

"ඇත්තට ම මයිකල් මට විවාහ යෝජනාව කළේ මේ තණකොළවලින්," ඇය හෙළි කරයි.

"ගොඩක් කාලෙකට කලින් අපි පිටිපස්සේ මිදුලේ හිටියා, එයා මගෙන් ඇහුවා, 'මම ඔයාට කවදාහරි විවාහ යෝජනාවක් කළොත්, මොනව වෙයි ද?' කියලා.

"ඒ වෙලේ මම නිකමට කිව්වා, 'පිටිපස්සේ මිදුලෙන් තණකොළ ටිකක් අරන් ඇවිත් මගේ ඇඟිල්ල වටේ ඔතන්න, ඒක මට ලොකු සතුටක්' කියලා."

එය දුකෙන් පිරුණු ගැඹුරු ආදර හැඟීමක් ඇති කළ අවස්ථාවක් විය. 2017 දී පිළිකාවක් හේතුවෙන් මිය යාමට ටික කලකට පෙර, මැලිබුහි පිහිටි ගාගාගේ නිවස පිටුපස මිදුල ඇගේ සමීප මිතුරිය වූ සොන්ජා ඩර්හැම්ගේ විවාහ මංගල්‍යයට සත්කාරකත්වය ලබා දී තිබිණි.

"බොහෝ අහිමිවීම් සිදුවුණා, නමුත් මේ සතුටුදායක දෙය මට සිදුවෙමින් තිබුණා," ඇය පොලාන්ස්කිගේ යෝජනාව සිහිපත් කරයි.

"වයස 38 දී විවාහ ගිවිස ගැනීම... මේ මොහොතට ළඟා වීමට කළ යුතු දේ මොකක් ද කියලා මම හිතමින් සිටියා."

Lady Gaga poses in a black outfit. The photograph is split into two halves, suggesting the idea of a split personality

ඡායාරූප මූලාශ්‍රය, Frank LeBon

ඡායාරූප ශීර්ෂ වැකිය, ලේඩි ගාගාගේ නව ගීත ඇල්බමය සඳහා භාවිත කර ඇති සංකල්පය ද්විත්ව හෝ බෙදුණු පෞරුෂයක් පිළිබඳ අදහස යොමු කරයි.

ඒ හැඟීම්, අවසානයේ ඇගේ නව ඇල්බමය වන "Mayhem" හි ගීතයකට ද පාදක විය.

'තණ පත්' (Blade of Grass) ලෙස හඳුන්වන මෙම ගීතයේ, 'කටු සහිත උයනක පෙම්වතෙකුගේ හාදුවක්' සහ අඳුරු කාලවලදී ආදරයේ බලාපොරොත්තුව ගැන ඇතුළත් වෙයි.

ඇය එය හඳුන්වන්නේ, සිය සහකරුට "ස්තූතිවන්ත වීමක්" ලෙස ය. එමෙන් ම, රසිකයින්ට ද ඔහුට ස්තූති කිරීමට හේතුවක් තිබිය හැකි ය.

චිත්‍රපට ජීවිතයෙන් පසු ගාගා, ජෑස් සහ සම්භාව්‍ය ඇමෙරිකානු ගීත ගවේෂණය කළ ඇල්බම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසු ඇයගේ පොප් සංගීතයට සම්පූර්ණයෙන් ම නැවත පැමිණීම 'Mayhem' සනිටුහන් කරයි.

පසුගිය වසරේ වෝග් සඟරාවට කතා කරමින් ගායිකාව හෙළි කළේ, ඇයව ඒ දිශාවට යොමු කළේ තම පෙම්වතා බව ය.

"එයා හරියට 'බබා. මම ඔයාට ආදරෙ යි. ඔයා පොප් සංගීතය කරන්න ඕනේ' වගේ," ඇය ඔහු ගැන කීවේ එසේ ය.

"ක්‍රොමැටිකා සංචාරයේදී, මම ඇය තුළ ආවේගයක් දුටුවා, "මට ඇයට එය සැම විට ම ජීවමානව තබා ගැනීමට උදව් කිරීමට සහ ඇයව සතුටු කරන සංගීතය නිර්මාණය කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය වුණා," පොලාන්ස්කි පැවසීය.

'කෝපාවිෂ්ට ම ගීතය'

මෙම ප්‍රවේශයත් සමග, ඇල්බමය 'Poker Face,' 'Just Dance,' සහ 'Born This Way' වැනි ගාගාගේ මුල් ජනප්‍රිය ගීතවල ආකර්ෂණීය නාදවලට නැවත ළඟා වී තිබේ.

ඇගේ නවතම ගීතය වන 'Abracadabra' හි, ඇය 'Bad Romance' හි 'roma-ma-ma' යන විකාරරූපී වචනය පවා නැවත සිහිපත් කරයි. නමුත් මෙවර, ඇය 'morta-ooh-Gaga' යන පද සමග මරණය පිළිබඳ සඳහනක් එක් කරයි.

ඇල්බමයේ කලා නිර්මාණවල, ඇගේ මුහුණ කැඩුණු කැඩපතකින් පිළිබිඹු වේ. වීඩියෝවල, ඇය තමාගේ අතීත අනුවාදයන්ට එරෙහිව තරග කරයි.

ස්ටෙෆනි ජර්මනෝටා නම් කලාකාරිනිය ඇය ගොඩනගා ගත් වේදිකා පෞරුෂය ගැන සැලකිලිමත් වන බවට විශාල හැඟීමක් තිබේ.

මේ සියල්ල ආරම්භ වන්නේ, Perfect Celebrity නම් ඇය ගායනා කරන ගීතයේ "මම කුප්‍රකට ජීවියෙක් වුණා" ("I became a notorious being") යන පද රචනයත් සමග යි. එම ගීතය, ඊට පෙර ඇය පැළඳ සිටි මස් ඇඳුම මෙන්, ඇගේ මනුෂ්‍යත්වය ඉවත් කරයි.

"ඒක වෙන්න ඇති මම ලියපු කීර්තිය ගැන ලියපු කෝපාවිෂ්ට ම ගීතය," ඇය පැවසුවා ය.

"මම සෑම අතින් ම පොදු පෞරුෂයක් නිර්මාණය කර තිබුණා, මම අවසන් වුණේ කොහෙන් ද සහ ලේඩි ගාගා පටන් ගත්තේ කොහෙන් ද කියලා දැනගෙන ඒක සමබර කර ගන්න එක ඇත්තට ම අභියෝගයක් වුණා.''

"ඒක මාව ටිකක් පහළට දැම්මා."

Lady Gaga is surrounded by fans and photographers as she leaves Ronnie Scott's Jazz Club in London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයේ සිටම ඇය වටා මාධ්‍ය ඒකරාශී විය.

ඇය, ඇගේ පොදු ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කර ගත්තේ කෙසේ ද?

"මම හිතන්නේ මම ඇත්තට ම තේරුම් ගත් දෙය නම් බෙදා වෙන් කරන රේඛාවක් නොතිබීම සහ ඒ දෙක එක් සම්පූර්ණ මිනිසෙකු තුළට ඒකාබද්ධ කිරීමට පුළුවන් නම් පහසුවක් බව යි," ඇය පවසයි.

"මට වඩාත් ම පහසු දෙය නම් මම කාන්තා කලාකාරිනියක් බවත් කලාත්මක ජීවිතයක් ගත කිරීම මගේ තේරීම බව තේරුම් ගැනීම යි.''

"මම ගීත රචනයට ඇලුම් කරන කෙනෙක්. මම සංගීතය නිර්මාණය කිරීමට, පුහුණුවීම් කිරීමට, නර්තන නිර්මාණයට, වේදිකා නිෂ්පාදනයට, ඇඳුම් පැළඳුම්, ආලෝකකරණයට, ප්‍රසංගවලට සහභාගි වීමට ඇළුම් කරන කෙනෙක්.

"ලේඩි ගාගා කියන්නේ ඒක යි. ඒ සියල්ල පිටුපස සිටින කලාකරුවා කියන්නේ ඒකට."

පෙර සම්මුඛ සාකච්ඡාවලදී, සංගීත ශිල්පිනියගෙන් ලේඩි ගාගා වෙනස් වූ ආකාරය ගැන කතා කළා ය. ටික කලක්, ඇයගේ සියලු සාර්ථකත්වයට චරිතය වගකිව යුතු යැයි ඇය සිතූ අතර ඇය අලුතින් කිසිවක් නිර්මාණය කර නොතිබිණි.

"ලේඩි ගාගා" වෙතින් පමණක් නොව ඇගේ කවයේ සිටින අනෙකුත් නිෂ්පාදකයින් සහ ලේඛකයින්ගෙන් ඇගේ සංගීතයේ හිමිකාරිත්වය නැවත ලබා ගන්නා ලද මොහොත ලෙස 'Mayhem' සනිටුහන් කරයි.

"මම තරුණ කාලේ, මිනිස්සු මගේ ශබ්දය සහ ප්‍රතිරූපය සඳහා ගෞරවය ලබා ගැනීමට උත්සහ කළා, නමුත් පොප් සංගීතය කුමක් විය හැකි ද යන්න පිළිබඳ මගේ සියලු පරිකල්පනය පැමිණියේ මගෙන්."

"ඉතින් මට ඇත්තට ම ඕන වුණේ මගේ පූර්ව උත්තේජනයන් සහ මගේ වෘත්තිය නැවත සලකා බලා එය මගේ නව නිපැයුමක් ලෙස සදහට ම අයිති කර ගැනීමට යි."

Lady Gaga holds her finger to her lips as she prepares to play new music to fans from her laptop, outside a hotel in France

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ගිම්හානයේදී ඇගේ නව ගීත ඇල්බමයේ ගීත කිහිපයක් ගයමින් ඇය ප්‍රංශයේ තම රසිකයන් පුදුමයට පත් කළා ය

ආරම්භයේ සිට ම, ගාගා මෙම නව ආරම්භය ගැන උද්යෝගයෙන් සිටි බව පැහැදිලි ය.

පසුගිය ගිම්හානයේදී, ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී සිය ඉදිරිපත් කිරීමෙන් පසු, ඇය පැරිසියේ වීදිවලට ​​ගොස් ඇගේ හෝටලයෙන් පිටත රැස්ව සිටි රසිකයින්ට ඇගේ නව ගීත ඇල්බමයේ ගීත ආකෘති වාදනය කළා ය.

එය ක්ෂණිකව ගත් තීරණයක් වුවත්, එය ඇගේ මුල් කාලීන වෘත්තීය ජීවිතයේ සිදු කළ දෙයක් ජනතාවට නැවත ලබා දීමට ගත් තවත් උත්සහයක් ලෙස සනිටුහන් විය.

"මේක මම අවුරුදු 20කට ආසන්න කාලයක් තිස්සේ කරපු දෙයක්, ඒක එළියට එන්න කලින් මම මගේ රසිකයන්ට මගේ සංගීතය වාදනය කළා," ඇය පැවසුවාය.

"මගේ සංදර්ශනවලින් පසු, මම රසිකයින්ට වේදිකාව පිටුපසට ආරාධනා කර, එහි රැඳී සිටිමින්, සංගීතය ගැන ඔවුන් සිතන්නේ කුමක්දැයි බැලීමට ඔවුන්ට සංගීත ඛණ්ඩ වාදනය කළා."

"අවුරුදු 20කට පස්සේ, මිනිස්සු තාමත් ඇවිත් මගේ සංගීතය අහන්න උද්යෝගිමත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. මට ඒ උද්යෝගය ඒ අය එක්ක බෙදා ගන්න ඕන වුණා, මොක ද ඒ අය තාමත් එතන ඉන්න එක ගැන මම සතුටු වුණා."

A still from Lady Gaga's Abracadbra video, showing the star with dozens of dancers in a baroque pose

ඡායාරූප මූලාශ්‍රය, Interscope / Lady Gaga

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාගාගේ නව ගීත ඇල්බමය ඇගේ මුල් කාලයේ සිට විශාල යුරෝපොප් විලාසිතාව දක්වා නැවත රැගෙන එන ලදී.

සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නෙකු ලෙස, මෙය මටත් නැවත හැරී බැලිය හැකි මොහොතකි. මම අවසන් වරට ලේඩි ගාගා සමග සම්මුඛ සාකච්ඡාවක් කළේ, 2009 දී 'ජස්ට් ඩාන්ස්' ගීතය බ්‍රිතාන්‍යයේ අංක එකේ ස්ථානයට පත් වූ අවස්ථාවේදී ය.

''ඒ කාලේ ඇය උද්යෝගයෙන් වෙව්ලමින් හිටියා, ජෝන් ලෙනන් කෙරෙහි ඇගේ ආදරය ගැන උද්යෝගයෙන් කතා කරමින්, ඉංග්‍රීසි තේවලට "හෙරොයින් ඇබ්බැහි වූවෙක්" ලෙස තමාව හඳුන්වා ගනිමින්, නිකුත් නොකළ ගීතයක් වූ Blueberry Kisses යන ගීතයෙහි MP3 එකක් මට ඊමේල් කිරීමට පොරොන්දු වුණා. එහි ඔබේ හුස්මට බ්ලූබෙරි රසැති කෝපි සුවඳ දැනෙන අතරතුර ලිංගික හැසිරීමක ඉදිරිපත් කරන ආකාරය ගැන එහි ඇතුළත් වුණා.''

වසර ගණනාවක් පුරා, ඇගේ සම්මුඛ සාකච්ඡා වඩාත් ආරක්ෂිත වී ඇති බව මම දැක ඇත්තෙමි. ඇය තද පැහැති ඇඳුම් හෝ අඳුරු අව් කණ්ණාඩි පැළඳ සිටි අතර, එමගින් ඇය සහ මාධ්‍යවේදියා අතර බාධකයක් නිර්මාණය විය.

නමුත්, මට නිව්යෝර්ක්හිදී මුණගැසෙන ගාගා, මම මීට වසර 16කට පෙර කතා කළ ආකාරයට ම ය: තමා ගැනම සැපපහසු සහ උද්යෝගයෙන් පිරී ඇත.

ඇය ඒ සැහැල්ලුව "වැඩෙමින් පූර්ණ ජීවිතයක් ගත කිරීම" ලෙස සලකයි.

"මගේ වේදිකා පෞරුෂය වැදගත් ම දේ ලෙස ගන්නවා වෙනුවට. මගේ මිතුරන් වෙනුවෙන් සිටීම, මගේ පවුලේ අය වෙනුවෙන් සිටීම, මගේ අපූරු පෙම්වතා හමුවීම - මේ සියලු දේවල් මාව සම්පූර්ණ පුද්ගලයෙකු බවට පත් කළා."

අවසාන හැඟීමකින් ඇය මෙසේ පවසයි: "මට අවශ්‍ය වුණේ Mayhem ඇල්බමයට අවසානයක් තියෙන්න ඕන කියලා. මට අවශ්‍ය වුණේ අවුල්සහගත තත්ත්වය නවත්තන්න."

"මම අයිකන් එකක් බවට පත්වීමෙන් ඉවත් වුණා. ඒක අවසන් වෙන්නේ ආදරයෙන්."