යේමනය සාගතයක් ආසන්නයේ

සිවිල් යුද්ධයකට මුහුණදී සිටින යේමනය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිවිල් යුද්ධයකට මුහුණදී සිටින යේමනය

යේමනයේ ජනතාවගෙන් සියයට හැටක් සාගතයක් ආසන්නයේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගයෙන් නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ.

පසුගිය ජුනි මාසයේ දී යේමනය පිළිබඳව නිකුත් වූ සංඛ්‍යා ලේඛන සමග සංසන්දනය කිරීමේදී, සාගතයකට මුහුණ දෙමින් සිටින ජනතාවගේ සංඛ්‍යාව මේවනවිට සියයට විස්සකින් ඉහළ ගොස් තිබේ.

යේමනයට සාගත තත්වයක් ළඟාවන බව සනාථ කිරීමට ප්‍රථම නිකුත්කර තිබූ වාර්තාවක සඳහන් වූයේ එරට මිලියන දාහතක ජනතාවක් හදිසි ආධාර අත්‍යවශ්‍ය තත්වයක පසුවන බවය.

මන්දපෝෂණය බහුලව
ඡායාරූප ශීර්ෂ වැකිය, මන්දපෝෂණය බහුලව

සිවිල් යුද්ධයකට මුහුණදී සිටින යේමනයේ ජනතාව අතර මන්දපෝෂණය බහුලව දක්නට ලැබේ.

මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයේ මානවීය අර්බුද හටගෙන ඇති රටවල් ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස්කර ඇති ලැයිස්තුවට යේමනය ද ඇතුළත් ය.