ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI
ටෙස්ට් ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද වාර්තාගත ජයග්‍රහණය කෙරෙහි ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.
ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ සිටින ඔස්ට්‍රේලියාව මේ තරඟාවලියේ අද (17) අවසන් වූ තුන් වෙනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පරාජය වූයේ ළකුණු 163 කිනි.
මෙම තරඟය ජය ගැනීම සඳහා ළකුණු 323 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටි ප්‍රබල පිතිකරුවන් කීප දෙනකු සහිත ඕස්ට්‍රේලියානු කණ්ඩායම ළකුණු 160 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව සහභාගී වූ තරඟාවලියක් සහමුලින්ම ජය ගත් පළමු අවස්ථාව මෙයයි.
තරඟයේ දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකාව පරාජයේ අභියෝගයට මුහුණ දී සිටිය දී කෞෂාල් ද සිල්වා විසින් ලබා ගත් අනගි ශතකයත් සමඟයි කණ්ඩායම යළිත් ජයග්‍රහණයේ දිශාව දෙසට යොමු වුණේ.

පළමු ඉනිමේ දී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය සිල්වා විසින් වාර්තා කළ ශතක දෙකත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ ශක්තිමත් කිරීමට හේතු විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ S.E. මාර්ෂ් සහ නායක S.P.D ස්මිත් පළමු ඉනිමේ දී ශතක දෙකක් වාර්තා කරමින් යම් බලාපොරොත්තුවක් ඇති කලත් දෙවන ඉනිමේ දී ඔවුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම සුං කර දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
දෙවන ඉනිමේ දී රංගන හේරත් කඩුලු හතක් බිඳ හෙලූ අතර ඉනිම දෙකේදී ඔහු ලත් කඩුලු සංඛ්‍යාව දහතුනකි.
මේ ඓතිහාසික ජයග්‍රහණයේ වීරයා බවට පත් වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමස්ත තරඟාවලියේ ද වීරයා වශයෙන් නම් කෙරුණි.










