ශතකය ගැහුවේ මැහුම් හයක් අතේ තියන් - කෞෂාල්
Published
තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.
සිය වම් අතේ තුවාලයට මැහුම් හයක් දමා තිබුණත් ධෛර්යෙන් යුතුව පිටියට පිවිසි බවයි ඔහු පවසන්නේ.
''ඊයේ මැහුම් 6 දැම්මා මගේ අතට. ඊට පස්සේ නෙට් එකට ගිහිල්ලා බැට් එක අතට ගත් විට අපේ පළමු කඩුල්ල බිඳ වැටුනා. පුහුණුකරු ඇහුවා දැන් පිටියට යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම යන්නම් කියලා" ඔහු පැවසීය.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 08 ක් දැවී ලකුණු 312 රැස් කර ගෙන සිටියි.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 355 රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 379 ක් රැස් කළේය.



