බ්‍රසීල ජනපතිනියට එරහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

හිටපු ජනාධිපති ලූලා ද සිල්වා පවසන්නේ මෙම දෝෂාභියෝගය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති ලූලා ද සිල්වා පවසන්නේ මෙම දෝෂාභියෝගය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි

බ්‍රසීල ජනාධිපතිනී දිල්මා රොසෙෆ් (Dilma Rousseff) ට එරෙහි දෝෂාභියෝගයට පාර්ලිමේන්තු කමිටු අනුමැතිය ලැබීමත් සමග ඇය සිය ධූරය අහිමිවීම වෙත යන ගමනේ තවත් පියවරක් ඉදිරියට පැමිණ සිටින්නීය.

ඇයට එරෙහිව ගොනු කර ඇති දෝෂාභියෝගය කමිටුව විසින් මුළු දවසක් පුරා දැඩි ලෙස විවාදයට බඳුන් කරනු ලැබීමෙන් පසු මේ සතිය අග දී බ්‍රසීල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දය විමසීම සඳහා යොමුකර තිබේ.

රජයේ ගිණුම් තොරතුරු වෙනස් කළ බවට ඇයට එරෙහිව පවතින චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ ගිණුම් තොරතුරු වෙනස් කළ බවට ඇයට එරෙහිව පවතින චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

වැඩිවෙමින් පවතින අය වැය හිඟය ජනතාවගෙන් සැඟවීම සඳහා රජයේ ගිණුම් තොරතුරු වෙනස් කළ බවට ඇයට එරෙහිව පවතින චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

මේ අතර ජනාධිපතිනී දිල්මා ගේ සමීප සගයෙකු වන හිටපු ජනාධිපති ලූලා ද සිල්වා රියෝ ද ජනේරෝ නුවර රැළියක් අමතමින් කියා සිටියේ මෙම දෝෂාභියෝගය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

පහළ වැටෙමින් තිබෙන බ්‍රසීල ආර්ථිකය සහ රජයේ පාලනයේ පවතින පෙට්‍රොබ්‍රාස් (Petrobras) තෙල් සමාගමට සම්බන්ධ දුෂණ පිලිබඳ චෝදනා හේතුවෙන් ඇයට ලැබුණු ජනතා සහයෝගය හීන වෙමින් පවතින බවයි පෙනී යන්නෙ.