ඔස්ට්‍රියාව නව නාසීන්ට හිට්ලර් නිවසේ දොර වසයි

ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවසේ අයිතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා වේ රජය පවසයි.
නාසිවාදීන් පිලිබඳ අනුකම්පාව දක්වන්නන්ගේ අවධානයට ලක්වූ ස්ථානයක් බවට පත්වීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ අලුතින් ‘නාසි හිතවාදී’ ආකල්ප පැතිරීම වැළැක්වීම පිණිස කුමක් කළ යුතුදැයි වසර ගණනාවක් සැලකිල්ලට ලක් කිරීමෙන් පසුව බවයි.

නාසි ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රියෙල් මස ඔස්ට්‍රියාවේ බ්‍රෞනෞ ඇම් ඉන් (Braunau am Inn) හි දීය.
ඔහු උපත ලැබූ නිවාස 1972 සිට ඔස්ට්‍රියානු රජය විසින් බද්දට ගෙන තිබෙන අතර වසර ගණනාවක් අබාධිත පුද්ගලයන් සඳහා වූ සාත්තු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා විය.




